Total Fire Ban යනු කුමක්ද සහ එහිදී කළ හැකි සහ නොහැකි දේවල් මොනවාද?

අදාළ කලාපයට Total Fire Ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ එම කලාපයේ වියළි කාලගුණය, උෂ්ණත්වය සහ සුළගේ වේගය සලකා බැලීමෙන් අනතුරුවය.

A roadside Fire Danger Rating sign indicating Severe conditions and a Total Fire Ban is seen about 50km north of Perth on Friday.

A roadside Fire Danger Rating sign indicating Severe conditions and a Total Fire Ban is seen about 50km north of Perth on Friday. Source: AAP

Highlights
  • Total Fire Ban තත්ත්වයක් යටතේ එළිමහනේ ගිනි ඇවිලවීම සපුරා තහනම්ය.
  • විදුලියෙන් හෝ ගෑස් වලින් ක්‍රියාත්මක වන BBQ එකක් හැර අනෙකුත් ගිනි දල්වමින් සිදුකරන BBQ දැමීම Total Fire Ban තත්ත්වයකදී තහනම්ය.
  • බැහැර කළ තණකොළ, පිදුරු හෝ කුණු කසළ එළිමහනේ පිළිස්සීම Total Fire Ban තත්ත්වයකදී සපුරා තහනම්ය.
ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී බොහෝ විට Total Fire Ban තත්ත්ව පිළිබඳ නිරතුරුවම ඇසීමට හැකියාව ලැබේ.

මෙම Total Fire Ban යනු කුමක්ද සහ එහිදී ඔබට කළ හැකි දේවල් සහ කළ නොහැකි දේවල් මොනවාද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ගෙන එයි.

Total Fire Ban යනු කුමක්ද?

Total Fire Ban තත්ත්වයක් යටතේ එළිමහනේ ගිනි ඇවිලවීම සපුරා තහනම් වේ.

BBQ දැමීමේදී හෝ කඳවුරු බැඳීමේ දී හෝ එළිමහනේ ගිනි ඇවිලීම මෙම Total Fire Ban තත්ත්වයක් යටතේ තහනම් වේ.

අදාළ කලාපයට Total Fire Ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නේ එම කලාපයේ වියළි කාලගුණය, උෂ්ණත්වය සහ සුළගේ වේගය සලකා බැලීමෙන් අනතුරුව බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පරිසර විද්‍යාව පිළිබද පර්යේෂිකා ආචාර්ය නිරෝෂා රණවක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.


 

SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


 

ඒ අනුව එම කලාපයේ දරුණු ලැව් ගිනි තත්ත්වයක් ඇතිවීමට ඇති අවදානම අඩු කරගැනීමේ හේතු මත මෙවැනි ආකාරයේ Total Fire Ban තත්ත්ව ප්‍රකාශයට පත් කෙරේ.

මීට පෙර ලබා දී ඇති Fire Permit පවා Total Fire Ban තත්ත්වයක් යටතේ භාවිතා කිරීමට නොහැකි බව ආචාර්ය නිරෝෂා රණවක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
A total fire ban has been declared in 11 NSW areas.
Source: AAP

Total Fire Ban තත්ත්වයකදී සිදුකළ හැකි සහ නොහැකි දේවල්

  • විදුලියෙන් හෝ ගෑස් වලින් ක්‍රියාත්මක වන BBQ එකක් හැර අනෙකුත් ගිනි දල්වමින් සිදුකරන BBQ දැමීම තහනම් වේ.
  • BBQ දමන ස්ථානයේ සිට මීටර් 2- 3 අතර දුරකින් සිටිය යුතුය.
  • සෑම විටම BBQ යන්ත්‍රය අසල වැඩිහිටියෙකු ගේ අධීක්ෂණයක් තිබිය යුතුය.
  • ගෑස් බලයෙන් බිය ගැන්වීමේ තුවක්කු Total Fire Ban තත්ත්වයකදී භාවිතා කළ නොහැක.

 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

  • බැහැර කළ තණකොළ, පිදුරු හෝ කුණු කසළ එළිමහනේ පිළිස්සීම Total Fire Ban තත්ත්වයකදී සපුරා තහනම්ය.
  • chainsaw, plant හෝ grass trimmer යන්ත්‍ර භාවිතා කිරීම තහනම්ය.
  • welding, grinding, charring, soldering හෝ gas cutting වැනි රාජකාරී කටයුතු කිරීම Total Fire Ban තත්ත්වයකදී සපුරා තහනම්ය.
  • Total Fire Ban තත්ත්වයකදී දහන යන්ත්‍ර භාවිතා කිරීම ද තහනම් කර ඇත.



Share
Published 19 February 2021 11:52am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends