2021 සහ 2022 වසර වල ඔස්ට්‍රේලියානු නිවාස මිල 16% කින් ඉහළ යන බවට අනාවැකි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල 2021 වසරේදී 9% කින් සහ 2022 වසරේදී තවත් 7% කින් ඉහළ යනු ඇති බවට Commonwealth බැංකුවේ ඔස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාවේ ප්‍රධානීයා පුරෝකථනය කර තිබේ.

Australian Housing Market

Source: AAP

Highlights
  • ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල 2021 වසරේදී 9% කින් සහ 2022 වසරේදී තවත් 7% කින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබේ.
  • සිඩ්නි සහ මෙල්බර්න් නගර වල පිළිවෙලින් 7.5% සහ 7% කින් නිවාස මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • නව නිවාස ණය ලබා දීම තියුනු ලෙස ඉහළ ගොස් තිබෙන බැවින් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රධාන නගරවල නිවාස මිල ඉතා ශීග්‍රව ඉහළ යමින් පවතියි.
ඔස්ට්‍රේලියාවේ නිවාස වල මිල ගණන් ඉදිරියේදී ඉහළ නැගීමට නියමිත බව පුරෝකථනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම බැංකු හතරෙන් එකක් වන Commonwealth බැංකුව මේ බව පවසා ඇත.

ඉදිරි වසර දෙක තුළ නිවාස මිල ඉහළට

ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස මිල 16% කින් ඉහළ යනු ඇතැයි Commonwealth බැංකුව පුරෝකථනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල 2021 වසරේදී 9% කින් සහ 2022 වසරේදී තවත් 7% කින් ඉහළ යනු ඇති බවට Commonwealth බැංකුවේ ඔස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාවේ ප්‍රධානී Gareth Aird අනාවැකි පළ කළ බව ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිවාස වෙළෙඳපොළ ද්විත්වයට හිමිකම් කියන සිඩ්නි සහ මෙල්බර්න් නගර වල පිළිවෙලින් 7.5% සහ 7% කින් නිවාස මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම ඩාර්වින් නුවර නිවාස වල මිල මේ වසර අග භාගය වන විට 12% කින් ඉහළ යන බවත් පර්ත් නුවර 10% කින් ඉහළ යන බවත් එම පුරෝකථනයේ දැක්වෙයි.

ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රධාන නගර වල මේ වසර අග භාගය වන විට නිවාස වල මිල ගණන් ඉහළ යාම පහත පරිදි වන බව Commonwealth බැංකුව පුරෝකථනය කරයි.

  • බ්‍රිස්බේන් - 9.5%
  • හෝබාර්ට් - 9%
  • ඇඩිලේඩ් - 9%
  • කැන්බරා - 9%

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා වසංගතය නිසා කඩා වැටුණු ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළ

කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් වලට සිදුකළ ඍණාත්මක බලපෑම පසුගිය කාලයේ නිවාස වෙළෙඳපොළ කඩා වැටීමට බලපෑ ප්‍රධානතම හේතුව වේ.

කෙසේවෙතත්, පසුගිය වසර අවසාන භාගයේ පටන් නිවාස වෙළෙඳ පොළේ මිල ගණන් වල සුබදායී තත්ත්වයක් දැකීමට හැකිවූ අතර 2021 වන විට ඒවායේ මිල යම් ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරුණි.

මේ අතර 2020 වසරේ දෙවන භාගයේදී නව නිවාස ණය දීමේ වේගවත් වර්ධනය අප බලාපොරොත්තු වූවාට වඩා ශක්තිමත් වූ බව Commonwealth බැංකුවේ ඔස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාවේ ප්‍රධානී Gareth Aird පැවසීය.


 

SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

නව නිවාස ණය ලබා දීම තියුනු ලෙස ඉහළ ගොස් තිබෙන බැවින් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රධාන නගරවල නිවාස මිල ඉතා ශීග්‍රව ඉහළ යමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලයේ කිහිප වරක්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් පොලී අනුපාතික කප්පාදු කිරීම හේතුවෙන් නිවාස ණය ගැනීමේ ප්‍රවනතාව ද සාපේක්ෂව ඉහළ යාමට එක් ප්‍රධාන හේතුවක් වී තිබේ.

පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.



Share
Published 16 February 2021 5:39pm
By Madhura Seneviratne

Share this with family and friends