පෙබ 21 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකි වීසා ඛාණ්ඩ සහ ලබාගත යුතු කොවිඩ් එන්නත් (SBS සිංහල/ වාර්තා)

පෙබරවාරි 21 වනදා සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන වීසා හිමියන්ට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.

Northern Territory & Western Australia received additional Skilled nomination allocations

Source: Getty Images/FotografiaBasica

ඔස්ට්‍රේලියාවේ වසා දමා ඇති දේශ සීමා ජාත්‍යන්තර සංචාරකයින්ට එළඹෙන පෙබරවාරි 21 වනදා සිට විවෘත කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ඊයේ නිවේදනය කළේය.

නමුත් එලෙස පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

ඒ අනුව පෙබරවාරි 21 වනදා සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන වීසා ඛාණ්ඩ සහ ඔවුන් ලබාගත යුතු කොවිඩ් එන්නත් වර්ග පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • පෙබරවාරි 21 වනදා සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන වීසා හිමියන්ට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.
  • ඔවුන් ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගත් කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් අවම වශයෙන් ලබා තිබිය යුතුය.
  • Johnson & Johnson/ Janssen-Cilag  කොවිඩ් එන්නතෙන් එක් මාත්‍රාවක් ලබා තිබෙන සංචාරකයින්ට ද අනුමැතිය හිමිවේ.

පෙබරවාරි 21 වනදා සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන වීසා ඛාණ්ඩ

පෙබරවාරි 21 වනදා සිට පහත සඳහන් වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මොවුන්ට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි නමුත් ඔවුන් ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගත් කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් අවම වශයෙන් ලබා තිබිය යුතුය.

  • Subclass 163 – State/Territory Sponsored Business Owner Visa
  • Subclass 173 – Contributory Parent (Temporary) visa
  • Subclass 200 – Refugee visa
  • Subclass 201 – In-country Special Humanitarian visa
  • Subclass 202 – Global Special Humanitarian visa
  • Subclass 203 – Emergency Rescue visa
  • Subclass 204 – Woman at Risk visa
  • Subclass 300 – Prospective Marriage visa
  • Subclass 400 – Temporary Work (Short Stay Specialist) visa
  • Subclass 402 – Training and Research visa
  • Subclass 403 – Temporary Work (International Relations) visa
  • Subclass 405 – Investor Retirement visa
  • Subclass 407 – Training visa
  • Subclass 408 – Temporary Activity visa
  • Subclass 410 – Retirement visa
  • Subclass 417 – Working Holiday visa
  • Subclass 444 – Special Category visa
  • Subclass 449 – Humanitarian Stay (Temporary) visa
  • Subclass 457 – Temporary Work (Skilled) visa
  • Subclass 461 – New Zealand Citizen Family Relationship visa
  • Subclass 462 – Work and Holiday visa
  • Subclass 476 – Skilled – Recognised Graduate visa
  • Subclass 482 – Temporary Skill Shortage visa
  • Subclass 485 – Temporary Graduate visa
  • Subclass 487 – Skilled – Regional Sponsored visa
  • Subclass 489 – Skilled – Regional (Provisional) visa
  • Subclass 491 – Skilled Work Regional (Provisional) visa
  • Subclass 494 – Skilled Employer Sponsored Regional (Provisional) visa
  • Subclass 500 – Student visa
  • Subclass 560 – Student Temporary Visa
  • Subclass 571 – Student Schools Sector Visa
  • Subclass 572 – Vocational Education and Training Sector Visa
  • Subclass 573 – Higher Education Sector Visa
  • Subclass 574 – Postgraduate Research Sector Visa
  • Subclass 575 – Non-Award Sector Visa
  • Subclass 580 – Student Guardian visa
  • Subclass 590 – Student Guardian visa
  • Subclass 785 – Temporary Protection visa
  • Subclass 786 – Temporary Humanitarian Concern visa
  • Subclass 790 – Safe Haven Enterprise visa
  • Subclass 870 – Sponsored Parent (Temporary) visa
  • Subclass 884 – Contributory Aged Parent (Temporary) visa
  • Subclass 988 – Maritime Crew visa
A flight crew walk through the terminal at Sydney Airport, Monday, Nov. 29, 2021. Authorities in Australia said Sunday, Nov. 28, 2021, that two travelers who arrived in Sydney from Africa became the first in the country to test positive for the new varian
Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණීමට ලබාගත යුතු කොවිඩ් එන්නත් වර්ග

ඔස්ට්‍රේලියාවට පැමිණීමට නම් ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගත් පහත සඳහන් කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් අවම වශයෙන් ලබා තිබිය යුතුය.
එය එන්නත් වර්ග දෙකකින් මිශ්‍ර මාත්‍රා ලෙස වුවද ලබා තිබීම ගැටළුවක් නොවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

  • AstraZeneca Vaxzevria
  • AstraZeneca Covishield
  • Pfizer
  • Moderna Spikevax හෝ Takeda
  • Sinovac Coronavac
  • Bharat Biotech Covaxin
  • Sinopharm BBIBP-CorV (ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින් සඳහා)
  • Sputnik V
  • Novavax/Biocelect Nuvaxovid
ඉහත එන්නත්වලට අමතරව Johnson & Johnson/ Janssen-Cilag  කොවිඩ් එන්නතෙන් එක් මාත්‍රාවක් ලබා තිබෙන සංචාරකයින්ට ද අනුමැතිය හිමිවේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 8 February 2022 12:59pm
By Madhura Seneviratne

Share this with family and friends