ජුනි 01 සිට වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල ඇවිදින්න යනවා නම් දැනගත යුතු දේවල් (SBS සිංහල/ වාර්තා)

Travel

Local travels encouraged Source: Pixabay

එළඹෙන ජුනි 01 වන දින සිට කොරෝනා වසංගතය හේතුවෙන් වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල සංචාරය කිරීමට පනවා ඇති නීති හා සීමාවන් ලිහිල් කිරීමට ඒ ඒ ප්‍රාන්ත රජයන් පියවර ගෙන තිබේ.

නමුත් යම් යම් සීමාවන් වලට තවමත් යටත්ව සංචාරයන් කිරීමට වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට සිදුවේ.


 

සවන්දෙන්න SBS සිංහල සේවයට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල ජුනි 01 සිට සංචාරය කරනවා නම් ඔබ දැනගත යුතු කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Travel
Source: Pixabay

වික්ටෝරියා ප්‍රාන්තය

කොපමණ දුරක් සංචාරය කළ හැකිද?

සංචාරය කළ හැකි උපරිම දුරක් පිළිබඳ මේ වන විට කිසිදු සීමාවක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය සඳහනක් කර නොමැත.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටව වෙනත් ප්‍රාන්ත වලට ගොස් පැමිණීමටද මේ වන විට කිසිදු තහනමක් නොමැත.

Airbnb හෝ හෝටලයක නැවතිය හැකිද?

2020 ජුනි 01 වන දින සිට ඔබට සංචාරක නවාතැන් වල නවාතැන් ගත හැකිය.

ඒ අනුව හෝටල්, නේවාසිකාගාර, Airbnb, කබානා, ශැලේස්, වැනි ඔබට කලින් වෙන් කරවා ගත හැකි ඕනෑම සංචාරක නවාතැන්පොළක ඔබට නවාතැන් ගැනීමට අවසර ලැබේ.

එමෙන්ම ඔබට ඔබේ දෙමාපියන්ගේ නිවසේ හෝ මිතුරෙකුගේ නිවසේ හෝ රාත්‍රිය ගත කළ හැකිය.
Travel
Source: Pixabay

කඳවුරු බිමක හෝ caravan උද්‍යානයක නවාතැන් ගත හැකිද?

ඔව්. ජුනි 01 වන දින සිට වික්ටෝරියා ප්‍රාන්තයේ කඳවුරු බිම් සියල්ලම (1,348) සංචාරකයින්ට යළි විවෘත කෙරේ.

එමෙන්ම පොදුවේ භුක්ති විඳින කලාප (communal areas) භාවිත නොකර ජුනි 01 වන දින සිට ඔබට caravan උද්‍යානයක නවාතැන් ගැනීමට හැකියාව පවතී.

පොදුවේ භුක්ති විඳින කලාප හෙවත් communal areas යනු කුමක්ද?

කඳවුරු බිමක හෝ caravan උද්‍යානයක පොදුවේ භාවිත කිරීමට ඇති ස්ථාන පොදුවේ භුක්ති විඳින කලාප හෙවත් communal areas යනුවෙන් හැඳින්වේ.

මෙහිදී ජුනි 01 දින සිට එම ස්ථාන වල ඇති වැසිකිළි ඔබට භාවිත කළ හැකිය.

නමුත් නාන කාමර, මුළුතැන්ගෙවල්, BBQ යන්ත්‍ර සහ ජල උල්පත් (water fountains) භාවිත කිරීමට අවසර නොලැබේ.
Travel
Source: Pixabay

නිවසින් බැහැර වී සිටීමේ කාල සීමාවක් තිබේද?

එලෙස කාල සීමාවක් නම් කර නොමැත.

නමුත් සැමවිටම සාමාන්‍ය දැනීම භාවිත කර ඔබේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ තීරණ ගත යුතුය.

මගේ නිවසින් පිටත සිටින අයෙකු සමග මෝටර් රථයක් හවුලේ ධාවනය කළ හැකිද?

ඔබේ නිවසින් පිටත සිටින අයෙකු සමග මෝටර් රථයක් හවුලේ ධාවනය කළ නොහැකි යනුවෙන් නීති පනවා නැත.

නමුත් උපරිම වශයෙන් එලෙස නොකර සිටීමට වගබලාගත යුතුය.

මන්ද, මෝටර් රථයක් යනු සංවෘත ස්ථානයක් බැවින් වයිරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් එහි පවතී.
Travel
Source: Pixabay

වෙනත් ප්‍රාන්ත වලට සංචාරය කළ හැකිද?

ඔබට වික්ටෝරියා ප්‍රාන්තයේ සිට වෙනත් ප්‍රාන්තයකට හෝ ටෙරිටරියකට සංචාරය කිරීමට කිසිදු තහනමක් නොමැත.

නමුත් ඔබ පිවිසෙන ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ කොරෝනා නීති වලට ඔබ යටත් විය යුතු බව සිහියේ තබා ගත යුතුය.
Travel
Source: Pixabay

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

සංචාරක සීමාවන් තිබේද?

නැත. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ සංචාරය කිරීමට ඔබට කිසිදු සීමාවක් නැත.

මා සමග සංචාරය කළ හැකි පිරිසේ සීමාවක් ඇතිද?

ඔබ සංචාරය කරනුයේ ඔබේ නිවසේ සිටින පුද්ගලයින් සමග නම් ඔබ පිරිස හෝටල් කමාරයක හෝ වෙනත් පුද්ගලික සංචාරක නවාතැනක නවාතැන් ගැනීමේදී 5 දෙනෙකුට සීමාවේ.

එම 5 දෙනාට දරුවන්ද ඇතුළත්ය.

නවාතැනේදී පවා පුද්ගල දුරස්ථභාවය තබා ගත යුතු බවට උපදෙස් දී ඇත.

නමුත් වෙන වෙනම හෝටල් කාමර හෝ සංචාරක නවාතැන් වෙන් කරගෙන නවාතැන් ගනී නම් උපරිම පිරිස 10 ක් දක්වා අවසරය ලැබේ.
Travel
Source: Pixabay

හෝටල් වල නැවතිය හැකිද?

ඔව්. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් සකස් කළ කොරෝනා සෞඛ්‍යාරක්ෂිත ආචාර ධර්ම පද්ධතීන්ට යටත්ව ඔබට හෝටල් වල නැවතිය හැකිය.

නමුත් හෝටලයේ වුවද එක් පරිශ්‍රයක එකවර රැස්විය හැකි උපරිම පිරිස 10 කි.

වෙනත් ප්‍රාන්තයකට සංචාරය කළ හැකිද?

නමුත් මේ වන විට නිව් සවුත් වේල්ස් - ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාව වසා දමා ඇත.

කෙසේනමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට සංචාරය කළ හැකිය.

නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ රැයක් ගත කිරීමට ඔබට අවස්ථාවක් දැනට නොලැබේ.
Travel
Source: Pixabay

ජාතික උද්‍යාන විවෘත ද?

ව්‍යායාම් සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ජාතික උද්‍යාන විවෘතව පවතී.

නමුත් පොදුවේ භාවිත කරන පහසුකම් (communal facilities) වන වැසිකිලි, වතුර උල්පත් (water fountains) සහ BBQ සෑම උද්‍යානයකම භාවිත කිරීමට නොහැකිය.

ජාතික උද්‍යාන තුළ පිහිටි කඳවුරු බිම්ද (Campgrounds) මේ වන විට විවෘතව නොපවතින අතර ඇතැම් ඒවා ජුනි 01 සිට විවෘත කෙරේ.

විවෘතව ඇත්තේ කුමන සංචාරක ස්ථානද?

ජුනි 01 සිට කලාගාර, කෞතුකාගාර, සංස්කෘතික ස්ථාන, ස්වභාවික නැරඹුම් ස්ථාන සංචාරකයින්ට යළි විවෘත කෙරේ.
Sinhalese
Source: SBS Sinhala
නමුත් එම ස්ථාන නැරඹීමේදී එකවර පිවිසිය හැකි පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීමා කෙරේ.

බොහෝ ස්ථාන නැරඹීමට කලින් ප්‍රවේශ පත්‍ර වෙන් කරගත යුතුය.


Share
Published 29 May 2020 1:59pm
By Madhura Seneviratne

Share this with family and friends