මේ සතියේ පටන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයේ සහ ටෙරිටරි දෙකේ කොරෝනා නීති ලිහිල් වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

A sign reminding residents and tourists of new social distancing rules at Manly Beach in Sydney.

Source: Getty Images

කොරෝනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි පනවා තිබෙන ඇතැම් නීති හා සීමාවන් මේ සතියේදී තවත් ලිහිල් කිරීමට ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් තීරණය කර තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අනුව ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් මේ සතියේදී තවත් ලිහිල් වන කොරෝනා නීති මොනවාදැයි මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Daily Life In Sydney - Restrictions To Ease
Source: Getty Images

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • එළඹෙන ජුනි 01 සිට රූපලාවන්‍යාගාර සහ නිය අලංකරණ සැලුන් ආරම්භ කෙරේ.
  • ජුනි 01 සිට එක්වරකට උපරිම වශයෙන් පාරිභෝගිකයින් 50 දෙනෙකු උදෙසා අවන්හල්, ආපන ශාලා, සමාජ ශාලා සහ pubs වල අසුන්ගෙන ආහාර පාන ගැනීමට අවසර ලැබේ.
  • ජුනි 01 සිට කෞතුකාගාර, කලාගාර සහ පුස්තකාල ද යළි විවෘත කෙරේ.
  • නිවාඩුව ගත කිරීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට සංචාරය කිරීමටද ජුනි 01 සිට අවසර ලැබේ.
WA eases coronavirus restriction from 18 May, 2020
Source: Supplied

වික්ටෝරියා ප්‍රාන්තය

මැයි 26 සිට මහජන ක්‍රීඩාංගන, එළිමහන් කායවර්ධන ස්ථාන, skateparks එකවර පුද්ගලයින් 10 දෙනෙකුගේ උපරිමයකට යටත්ව විවෘත කෙරිණි.

මැයි 26 සිට පාසල් වල prep, 1, 2, 11 සහ 12 වසර වල පන්ති ආරම්භ වූ අතර ජුනි 09 සිට 3,4,5,6,7,8,9 සහ 10 වසර වල පන්ති වල මුහුණට මුහුණ ඉගැන්වීම් කටයුතු ආරම්භ වේ.

ජුනි 01 වන දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිහිල් වන කොරෝනා නීති පහත පරිදි වේ.

  • නිවසේ වෙසෙන පුද්ගලයින් සමග ඔබේ නිවසේ 20 දෙනෙකු දක්වා එක්රැස්වීමට අවසර ලැබේ.
  • එළිමහනේ ද පුද්ගලයින් 20 දෙනෙකු දක්වා රැස්වීමට අවසර ලැබේ.
  • නිවසින් පිටත රැයක් ගත කිරීමට අවසර ලැබේ.
  • එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව රූපලාවන්‍යාගාර, නියපොතු සැලුන් සහ පච්ච කෙටීමේ ස්ථාන විවෘත කිරීමට අවසර ලැබේ.
  • එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව අවන්හල්, ආපන ශාලා වල අසුන්ගෙන ආහාර පාන ගැනීමට අවසර ලැබේ.
  • එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව කලාගාර, කෞතුකාගාර, පුස්තකාල සහ ප්‍රජා පහසුකම් මධ්‍යස්ථාන ද විවෘත කළ හැකිය.
  • එකවර පුද්ගලයින් 20 දෙනෙකු දක්වා උපරිමයකට යටත්ව Bootcamps, ආගමික සේවාවන් සහ නිවාස හා දේපළ වෙන්දේසි කටයුතු ද ආරම්භ කළ හැකිය.
  • දේව මෙහෙය පවත්වන්නා සහ විවාහ වන යුවළට අමතරව විවාහ මංගල්‍ය උත්සව සඳහා අමුත්තන් 20 දෙනෙකු දක්වා සහභාගී විය හැකිය.
  • අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස 50 දක්වා ඉහළ දැමේ.
El Sweetie shop with all chairs empty due to Coronavirus restrictions
Source: Facebook

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ජුනි 12 වන දින ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පනවා ඇති කොරෝනා නීති තවත් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පවසයි.

Northern Territory

ජුනි 05 වන දින සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කළ අදියර 3කින් යුත් සැලසුමේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට Northern Territory රජය සූදානම් වේ.

Northern Territory ය තුළ පනවා ඇති ඇතැම් සංචාරක තහනම් ජුනි 05 වන දින සිට ඉවත් කිරීමට සැලසුම් කර ඇති නමුත් Northern Territory යේ ටෙරිටරි සීමාවන් විවෘත කිරීමට තවමත් සූදානමක් නැති බව වාර්තා වේ.
Coronavirus Restrictions Ease Across Western Australia
Source: Getty Images

ACT

මැයි 30 වන දින සිට ACT තුළ දැනට පනවා ඇති 3වන මට්ටමේ කොරෝනා නීති 2වන මට්ටමට ගෙන ඒමට සැලසුම් කර ඇති බව ACT හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr  පැවසීය.

ඒ අනුව පුද්ගලයින් 20 ක් දක්වා එක්රැස්වීමේ අවස්ථාව ACT වෙත ලැබෙන අතර කායවර්ධන මධ්‍යස්ථාන ද යළි විවෘත කිරීමට අවසර ලැබේ.

ටස්මේනියා ප්‍රාන්තය

ප්‍රථමික ශ්‍රේණි සහ 11, 12 වසර සිසුන් හට මැයි 25 පාසල් ආරම්භ වූ අතර සෙසු වසර වල සිසුන් සඳහා ජුනි මාසයේ පාසල් ඇරඹේ.

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින් බැලීමට එක් දිනකදී අමුත්තන් දෙදෙනෙකු හට අවසර ලැබේ.

ජුනි 09 වන දින මීළඟ නීති ලිහිල්කරණය සිදු කිරීමට ටස්මේනියා ප්‍රාන්ත රජය සූදානම් වේ.
Some of Australia's states and territories have already begun step one of easing coronavirus restrictions, with the rest to follow in the coming days.
Source: AP

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පනවා ඇති කොරෝනා නීති දෙවැනි වරට ලිහිල් කිරීම එළඹෙන ජුනි 05 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද එය ජුනි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව ජුනි 01 වන දින සිට පහත පරිදි කොරෝන නීති ලිහිල් කෙරේ

  • සිනමා ශාලා, රංග ශාලා, කෞතුකාගාර, රූපලාවන්‍යාගාර සහ කායවර්ධන මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ.
  • විශාල පරිමාණයේ අවන්හල් සහ ආපන ශාලා සඳහා උපරිම පාරිභෝගික ධාරිතාව 80 ක් දක්වා වර්ධනය කර ඇති අතර කුඩා ව්‍යාපාරික ස්ථාන සඳහා එය 20 ක් ලෙස දක්වා තිබේ.
  • අවන්හල් සහ ආපන ශාලා වල අසුන්ගෙන ආහාර ඇණවුම් නොකර මත්පැන් පමණක් ඇණවුම් කර පරිභෝජනය කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ අවසර ලැබේ.
  • එමෙන්ම පුද්ගල ස්පර්ශය සහිත හා රහිත ක්‍රීඩා ද ආරම්භ කිරීමට අවසර ලැබෙනු ඇත.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

මැයි 29 සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ පිහිටි Kimberley සහ තවත් ඇබෝර්ජීනියානු කලාප හැර සෙසු කලාප වලට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 27 May 2020 5:16am
By Madhura Seneviratne

Share this with family and friends