ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජයේ සේවකයින්ගේ වැටුප් වර්ධක අත්හිටුවීමට ප්‍රාන්ත අගමැතිවරිය ගත් තීරණයට දැඩි විරෝධතා (SBS /වාර්තා)

NSW Premier Gladys Berejiklian, wage freeze, pay freeze, COVID

NSW Premier Gladys Berejiklian has announced a pay freeze for public scetor employees Source: (AAP Image/Dean Lewins)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සිය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ඉදිරි මාස 12ක කාලයක් දක්වා අත්හිටුවීමට පියවර ගෙන තිබේ. නමුත් කිසිදු රාජ්‍ය සේවකයකු ඉදිරි මස 12ක කාලය තුලදී සේවයෙන් ඉවත් නොකරන බවටද ප්‍රාන්ත රජය අවධාරණය කොට තිබේ.

සිය පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ වැටුප් වැඩිකිරීම අත්හිටුවීමට රජය අපේක්ෂා කරන බව පසුගිය සතියේදී ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian සඳහන් කල අතර මේ වන විට එම වැටුප් වැඩිකිරීම අත්හිටුවීම රාජ්‍ය සේවය දක්වා ව්‍යාප්ත කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වනවිට රාජ්‍ය සේවකයින් 4,10,000 ක් පමණ සිටී. මෙම වැටුප් වර්ධක කප්පාදුව මඟින්  ඔ ස්ට්‍රේලියානු ඩොලර් බිලියන 3ක් පමණ තාවකාලිකව ඉතිරිකරගැනීමට හැකියාව ලැබෙන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබේ. මෙම අවස්ථාවේදී සෑම අමතර ඕස්ට්‍රේලියානු ඩොලරයක්ම සෞඛ්‍යට මෙන්ම රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් යෙදවිය යුතු බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

මේ පිළිබඳව සිය විරෝධය පළකරමින් රාජ්‍ය විපක්ෂය සඳහන් කරන්නේ මෙම අවස්ථාවේදී රාජ්‍ය සේවකයින් අගය කලයුතු අතර ඔවුන්ට වැටුප් කප්පාදුවක් සිදු නොකළයුතු බවයි.
තම ජීවිතය පරදුවට තබා සේවය කල රාජ්‍ය සේවකයින් හට ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පලකරන ආකාරය කණගාටුදායක බව ප්‍රාන්ත කම්කරු නායක Jodi McKay පවසා තිබේ.
ඇය පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාව ගුරුවරුන්, හෙද සේවයේ නියැලෙන්නන් සහ සෞක්‍ය නිලධාරීන්, බස් රථ සහ දුම්රිය සේවකයින්, පිරිසිදු කරන්නන් සහ ආරක්ෂක සේවයේ නියැලෙන්නන් වැනි පසුගිය කාලය තුල ඉමහත් සේවයක් කල පුද්ගලයින් අධෛර්යයට පත්කිරීමක් බවයි.
Janice Geary, Clinical nurse consultant of Infection Management Services is seen inside the fever clinic at the Prince Charles Hospital in Brisbane, Friday, March 6, 2020. The Prince Charles Hospital is opening a fever clinic to deal with patients who arr
Source: (AAP Image/Darren England)
වැටුප් වැඩිවීම නැවතා දැමීම මගින් ප්‍රාන්තයේ විශාලතම සේවා ක්ෂේස්ත්‍රය වන සෞක්‍ය ක්ෂේස්ත්‍රය තුල සේවකයින්ට රැකියා අහිමිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව සෞක්‍ය සේවා සංගමයේ ලේකම් Gerard Hayes අවධාරණය කොට තිබේ.

ප්‍රාන්ත රජයේ තීරණයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හෙදියන්ගේ සංගමය සිය විරෝධය පලකොට ඇති අතර මෙම තීරණය කොරෝනා වසංගතය පවතින කාලසීමාව තුල දැඩි කැපවීමකින් සේවය කල හෙද නිලධාරීන් දසදහස් ගණනකට කල අපහාසයක් බව ඔවුන් පෙන්වා දී තිබේ.
A bus driver wears a mask as a preventative measure against the coronavirus disease (COVID-19) at Railway Square bus station in Sydney, Wednesday, April 1, 2020.
Sydney'de bir otobüse binenlerden test olup tecrite girmeleri istendi. Source: (AAP Image/Steven Saphore)
NSWNMA ප්‍රධාන ලේකම් Brett Holmes පෙන්වා දෙන්නේ ප්‍රාන්ත රජය සිය රාජ්‍ය සේවකයින් හට ස්තුතිවන්ත වන බවට පැවසුවද හෙද සේවකයින්ගේ සියයට 2.5 වැටුප් ඉහල දැමීම අත්හිටුවීම අවංක නොවූ ක්‍රියාවක් බවයි.

මේ වනතෙක් ඔස්ට්‍රේලියානු සෞක්‍ය ක්ෂේස්ත්‍රය මුහුණදුන් දරුණුතම වසංගතය මැඩලීමේ කාර්යයේදී හෙද සේවකයින් අඛණ්ඩව සේවයට වාර්තා කරමින් සිය උපරිමයෙන් කටයුතු කරමින් ප්‍රජාව ආරක්ෂා කල බවද Brett Holmes අවධාරණය කොට තිබේ. එමෙන්ම ඔහු සඳහන් කොට ඇත්තේ සෞක්‍ය සේවකයින් සිය ජීවිත ආරක්ෂාවද නොතකමින් දිවා රාත්‍රී වෙහෙසෙමින් රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කල බවයි.


 

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC, 97.7 fm NSW, 93.3 fm QLD, 96.9fm WA, 105.5 fm – ACT, 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගුරුවරුන්ගේ සම්මේලනයේ සභාපති Angelo Gavrielatos පවසන්නේ මෙය ගුරු වුර්තියට එල්ලකළ දරුණු පහරක් බවයි. ප්‍රාන්ත රජය ගත් තීරණය අදට වලංගු වුවද තවත් මස 12ක කාලයකින් කින් වලංගු වුවද, මෙය හුදෙක්ම වැටුප් කප්පාදුවක් වන අතර ඒ සඳහා සාමාජිකයන්ගේ විරෝධය පවතින බවද Angelo Gavrielatos අවධාරණය කොට තිබේ. 

මේ පිළිබඳව අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගුරුවරුන්ගේ සම්මේලනයේ Wollongong හි සංවිධායක Duncan McDonald පවසා ඇත්තේ රාජ්‍ය සේවකයින් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දක්වා ඇති අඩු ගෞරවය පිළිබඳව දැඩි ලෙස කණගාටු වන බවයි.
Teacher Campbell Kerr leads his year 5/6 students to assembly on the first day of school in Cobargo, south-east NSW, Wednesday, January 29, 2020. Schools in fire-affected areas resume following a devastating fire season.
Source: (AAP Image/Sean Davey)
ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයින්ගේ මෙම වැටුප් කප්පාදුව පිළිබඳව ප්‍රාන්ත බලධාරීන් සමග ඉතා ඉක්මනින් සාකච්චා කිරීමට සහ එම තීරණය නවතා දැමීමට කටයුතු කරන බව ප්‍රාන්ත කම්කරු/ ග්‍රීන්ස් සහ අනෙකුත් පක්ෂ සඳහන් කොට තිබේ.

පසුගිය අප්‍රේල් මාසය වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල රැකියා විරහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 220,000 ඉක්මවන බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන  කාර්යාංශයේ ශ්‍රම බලකා දත්ත පෙන්වා දී තිබේ.

එමෙන්ම මාර්තු මස 14 වැනිදා සිට මැයි මස 2වැනිදා දක්වා කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමස්ත සේවක වැටුප සියයට 4.9කින් පහත වැටී තිබේ.



Share
Published 29 May 2020 9:26am
By Nipuna Dodangoda

Share this with family and friends