Feature

වැඩි වන නිවාස කුලිය ගැන කුලී නිවැසියෙක් වන ඔබට ඇති අයිතීන් මොනවද?

ජීවන වියදම සහ උද්ධමනය ඉහළ යාමත් සමගම, කුලී නිවැසියන්ගේ නිවස කුලිය වැඩි වේ. එම වැඩිවීමේ ප්‍රමාණය සීමා කිරීමට මැදිහත් වන ලෙස නීතිවේදීන් මධ්‍යම රජයෙන් සහ ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිටී.

For lease signs outside units in Sydney

For lease signs outside units in Sydney Source: AAP

Highlights

  • 2007 දෙසැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම වාර්ෂික වර්ධන වේගය වාර්තා කරමින් රට පුරා නිවාස කුලිය වැඩි වී තිබේ.
  • ඒ සමඟම කුලී වැඩිවීම් ගැන සාකච්ඡා කිරීමට හෝ අභියෝග කිරීමට ඇති විකල්ප පිළිබඳ නීති උපදෙස් විමසීම් ද වැඩි වී තිබේ.
  • පවුලක ආදායමෙන් අවම වශයෙන් 30ක් නිවාස කුලිය ගෙවමින්, නිවාස කුලියට ගත් අයගෙන් සියයට 32.2ක්  නිවාස කුලිය පිළිබඳ ආතතියෙන් පෙළෙන බව 2021 සංගණනයේ දත්තවලට අනුව පැහැදිලි වේ.
ඔබේ නිවෙස් හිමියාට නිවාස කුලිය වැඩි කිරීමට අවශ්‍ය වූ මොහොතක , ඒ සම්බන්ධව ඔබට ඇති අයිතීන් මොනවාද ?

ජීවන වියදම සහ උද්ධමනය ඉහළ යාමත් සමගම, කුලී නිවැසියන්ගේ නිවාස කුලිය වැඩි වේ. එම වැඩිවීමේ ප්‍රමාණය සීමා කිරීමට මැදිහත් වන ලෙස නීතිවේදීන් මධ්‍යම රජයෙන් සහ ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිටී.

දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිවාස අධිකාරියට අනුව, පසුගිය වසර දෙක තුළ සාමාන්‍යයෙන් නිවාස කුලිය සියයට 20 කින් වැඩි වී ඇත. එයින් අදහස් කරන්නේ සාමාන්‍ය සතිපතා කුලිය ඩොලර් 350 සිට ඩොලර් 420 දක්වා වැඩි වීමකි.

ජූලි 1 වන දින නිකුත් කරන ලද CoreLogic දත්ත වාර්තාව අනුව, නිවාස කුලියේ වාර්ෂික වර්ධනය 9.5% ක් බවට පත් කරමින්, ජුනි මාසයේදී රට පුරා නිවාස කුලිය සියයට 0.9 කින් වැඩි වී ඇති බව පෙන්නුම් කරයි. මෙය 2007 දෙසැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම වාර්ෂික වර්ධන වේගය වේ.
ප්‍රධාන නගරවල වාර්ෂික නිවාස කුලියේ වර්ධනය සියයට 8.8 ක් වන අතර ප්‍රධාන නගරවලට වඩා ප්‍රාදේශීය ප්‍රදේශ වල නිවාස කුලිය දැඩි ලෙස වර්ධනය වී තිබේ. එම වර්ධනය සියයට 10.8. ක් වේ.


 ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 නිවාස කුලී වැඩි වීම පිළිබඳ නීති උපදෙස් සඳහා ඉල්ලීම් වැඩි වීම

කුලී නිවැසියන් සඳහා ප්‍රාන්ත පුරා ක්‍රියාත්මක වන ප්‍රජා නීති උපදේශන සේවාවක් වන Tenants Queensland ආයතනය පවසන පරිදි කුලී වැඩිවීම් ගැන සාකච්ඡා කිරීමට හෝ අභියෝග කිරීමට ඇති විකල්ප පිළිබඳ නීති උපදෙස් විමසීම් වැඩි වී තිබේ.

වසංගත සමයේ ආරක්ෂණ නීති ලෙස පැනවූ නෙරපා හැරීම් සහ කුලී වැඩිවීම් පිළිබඳ තාවකාලික තහනම් ඉවත් කර ඇති බැවින් කුලී නිවැසියන්ට ඔවුන්ගේ නිවාස හිමියා සමඟ සාකච්ඡා කිරීමේදී ඉතිරි වී ඇති කේවල් කිරීමේ බලය සීමිත වන බව Tenants Queensland ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Penny Carr පවසයි.

NSW හි කුලී නිවැසියන්ගේ සංගමය පවසන පරිදි 2020 අග භාගයේ සිට 2021 මුල් භාගය දක්වා ඔවුන්ට සියයට 3ක් පමණක් ලැබුණු පැමිණිලි, මෙම වසරේ මාර්තු දක්වා මාස තුනකදී සියයට 6 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

NSW හි ප්‍රාදේශීය කුලී නිවැසියන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් වැඩි වෙමින් පවතින බව එම සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ලියෝ පැටර්සන් රොස් පවසයි.

නිවාස කුලිය වැඩි වීමෙන් ආතතියට පත් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.

2021 සංගණනයේ දත්තවලට අනුව, නිවාස කුලියට ගත් අයගෙන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු (සියයට 32.2) නිවාස කුලිය පිළිබඳ ආතතියෙන් පෙළෙන බව පැහැදිලි වේ. පවුලක ආදායමෙන් අවම වශයෙන් 30ක් නිවාස කුලිය සඳහා වෙන් කිරීමට සිදු වීම මෙසේ අර්ථ දක්වා තිබේ.

ඵලදායිතා කොමිෂන් සභාවට අනුව, පෞද්ගලික කුලී නිවාස වෙළඳපොලේ අඩු ආදායම්ලාභීන් සැලකීමේදී නිවාස කුලිය සම්බන්ධව ආතතියෙන් පෙළෙන ගණන සියයට 50.2 දක්වා වැඩි වේ.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය විසින් කරන ලද සංගණන දත්ත විශ්ලේෂණයට අනුව ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් සියයට තිස් දෙකක් කුලී නිවැසියන් වේ.
Stress
Growing number of Australians experiencing rental stress Source: Getty Images
Housing All Australians ආයතනය විසින් පසුගිය මාසයේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2051 වන විට මිලියන දෙකකට වඩා වැඩි අඩු ආදායම්ලාභී කුලී නිවැසියන් ගණනක් බරපතල ලෙස නිවාස කුලිය පිළිබඳව ආතතියකට ලක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සෞඛ්‍ය, අධ්‍යාපනය, අපරාධ වියදම් සහ ඵලදායිතාව මත ප්‍රජාවට වන ආර්ථික පිරිවැය 2051 වන විට වසරකට ඩොලර් බිලියන 25 දක්වා ළඟා වනු ඇතැයි ගණන් බලා තිබේ.

ඔබගේ නිවාස කුලිය වැඩිවීම සාකච්ඡා කළ යුත්තේ කෙසේද?

කුලී නිවැසියන් ඔවුන්ගේ විශේෂිත තත්වයන් සඳහා නීතිමය විකල්පයන් විමසීමට ඔවුන්ගේ ප්‍රාදේශීය කුලී නිවැසියන්ගේ සංගම් හෝ ප්‍රජා නීති මධ්‍යස්ථානය හා සම්බන්ධ විය යුතු බව NSW හි කුලී නිවැසියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී රොස් මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල කුලී දේපල සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බැවින්, වෙළඳපල සහ ව්‍යවස්ථාදායක සැකසුම් මගින් ඉඩම් හිමියන්ට සහ දේපල කළමනාකරුවන්ට වැඩි කේවල් කිරීමේ සහ සාකච්ඡා කිරීමේ බලයක් ලබා දෙන බවද ඔහු පවසයි.

වැඩිවුනු නිවාස කුලී ප්‍රමාණය ආපසු ලබා ගැනීමට හෝ අඩු කිරීමට හැකි වන්නේ ඉඩම් හිමියාගේ අභිමතය පරිදි වන බැවින් පළමු පියවර ලෙස ඉඩම් හිමියා සහ කුලී නිවැසියන් අතර සාකච්ඡා කිරීම නිර්දේශ කෙරේ. එහි ප්‍රතිඵල පසුව සොයා බලා ලේඛනගත කළ යුතු වේ.

ප්‍රාදේශීය විනිශ්චය සභාවක, කුලී නිවාස සඳහා කොමසාරිස් මගින් හෝ ප්‍රාදේශීය උසාවියකට අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් කුලී නිවැසියන්ට කුලී වැඩි කිරීමට එරෙහිව ක්‍රියා මාර්ග ගත හැකි බව රොස් මහතා පවසයි.

නමුත් වැඩි වූ කුලී ඉවත් කිරීම හෝ අඩු කිරීමක් සිදු වේ හැකි යැයි සහතික විය නොහැක.

Share
Published 20 July 2022 2:51pm
Updated 21 July 2022 10:35am
By Athini Amarasiri
Source: SBS News

Share this with family and friends