ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් රැල්ල හමුවේ දෙවන බූස්ටර් මාත්‍රාව ගැනීමට වැඩිහිටියන්ට අවස්ථාව

සිව්වන කොවිඩ් මාත්‍රාව ගැන ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායමේ (ATAGI) නවතම නිර්දේශ, ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තත්ත්වය පිළිබඳ වන සෞඛ්‍ය නිර්දේශ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

A client of a nursing home is given a booster shot by a care employee. The elderly over the age of 80 and people in poor health are the first to receive a third shot of the corona vaccine. Rotterdam, Netherlands, on November 29, 2021.

A client of a nursing home is given a booster shot by a care employee Source: AAP Image/Robin Utrecht/ABACAPRESS.COM

Highlights

  • Omicron උප ප්‍රභේදයෙන් ඉහළ යන රෝගීන් සංඛ්‍යාව හේතුවෙන්, ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායමේ (ATAGI) නවතම නිර්දේශයකට අනුව, වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාව නිර්දේශ කරන අතර වයස අවුරුදු 30 ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට එය ලබා ගැනීම තමන්ට කැමති පරිදි තෝරා ගත හැකි වේ.
  • ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ මහාචාර්ය Peter Collingnon විසින් වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට සිව්වන මාත්‍රාව ලබා දීමේදී තවමත් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව පෙන්වා දී තිබේ.
  • ඕස්ට්‍රේලියාව COVID-19 නව රැල්ලක මුල් අවධියේ සිටින බවට සෞඛ්‍ය අමාත්‍ය Mark Butler මහතා අනතුරු අඟවයි.

 සෞඛ්‍ය අමාත්‍යංශයේ  නිවේදනය

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසුවේ Omicron උප ප්‍රභේදයෙන් ඉහළ යන රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් මෙම නිර්දේශය කර ඇති බවයි.

මෙය Omicron උපප්‍රභේද ආසාදන වල ,නැගී එන වැඩිවීමට එරෙහිව දරුණු රෝග වලින් අමතර ආරක්ෂාවක් සැපයීමට සහ ඉදිරි මාසවලදී ඕස්ට්‍රේලියානුවන් රෝහල් ගත වීමෙන් සෞඛ්‍ය සේවා පද්ධතිය මත ඇති විය හැකි පීඩනය අවම කිරීමට උපකාරී වනු ඇති බව එම නිවේදනයේ සඳහන්. 

ඕස්ට්‍රේලියානු රජය ATAGI එන්නත් විශේෂඥයින්ගේ නිර්දේශ පිළිගෙන ඇති අතර ජූලි 11 සඳුදා සිට අලුතින් සුදුසුකම් ලබන අයට සිව්වන මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

වයස අවුරුදු 30 ට අඩු නිරෝගී වැඩිහිටි පුද්ගලයින් සඳහා සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා දීමට ATAGI සහාය නොදක්වයි. මෙම කාණ්ඩයට ඉන් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා අවදානම ව වැඩිද යන්න පැහැදිලි නොවීම ඊට හේතුවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මාසවලදී COVID-19 BA.4 සහ BA.5 උප ප්‍රභේදවල වැඩිවීමක් දක්නට ලැබෙන අතර තත්ත්වය නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
The Minister for Health and Aged Care Mark Butler provides a COVID-19 vaccine update Adelaide, Thursday, July 7, 2022.
The Minister for Health and Aged Care Mark Butler provides a COVID-19 vaccine update Adelaide, Thursday, July 7, 2022. Source: AAP Image/Morgan Sette
ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායමේ (ATAGI) වෙනත් නිර්දේශ

වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට සිව්වන මාත්‍රාව පමණක් ප්‍රමාණවත් නොවන බවත්, මුව ආවරණ පැළඳීම වැනි වෙනත් උත්සාහයන් නිර්දේශ කරන බවත් ATAGI අවධාරණය කර තිබේ.

ATAGI ලබා දෙන උපදෙස් අනුව එන්නත් වලට අමතරව අනෙකුත් මහජන සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂක ක්‍රියාමාර්ග මගින් Omicron BA.4 සහ BA.5 යන උප ප්‍රභේද ආසාදන වැඩිවීමට එරෙහිව විශාලතම බලපෑමක් ඇති කරන බවයි.

වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයින් ඇතුළුව COVID-19 ඇති බව තහවුරු වුණ පුද්ගලයින් මුව ආවරණ භාවිතය වැඩි කිරීම සහ ප්‍රතිවෛරස් ප්‍රතිකාර භාවිතය වැඩි කිරීම යන ක්‍රියා මාර්ග මීට ඇතුළත් වේ.


 සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශය


ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ මහාචාර්ය Peter Collingnon පැවසුවේ වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට සිව්වන මාත්‍රාව ලබා දීමේදී තවමත් ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි.

පසු ගිය බ්‍රහස්පතින්දා Sky News වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙහිදී සෑම පුද්ගලයෙක් ගැනම අවධානය යොමු කිරීමට යාමෙන් අපට වඩාත්ම අදානමට ලක්ව ඇති පුද්ගලයින් මග හැරී යාමට හැකි වනු ඇති බවයි.

මුළු ජනගහනයම මේ ආකාරයටම කටයුතු කිරීමෙන් සහ සෑම කෙනෙකුම පාහේ සමාන ලෙස සැලකීමෙන් වැඩිපුරම මිය යාමේ අවදානම ඇති වැඩිහිටියන් පුද්ගලයින් මග හැරී යා හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බ්‍රහස්පතින්දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ATAGI පැවසුවේ ශීත බූස්ටර මාත්‍රාවක් සඳහා කලින් සුදුසුකම් ලබා සිටි පුද්ගලයින් COVID-19 නිසා දරුණු ලෙස රෝගාතුර වීම සහ මරණයට පත්වීමේ වැඩි අවදානමක් පවතින අතර හැකි ඉක්මනින් ශීත කාලය සඳහා බූස්ටර් මාත්‍රාවක් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
ශීත කාලයේ බූස්ටර මාත්‍රාවට සුදුසුකම් ලබන පුද්ගලයින් මෙසේය.

  • වයස අවුරුදු 65 හෝ ඊට වැඩි සියලුම වැඩිහිටියන්
  • Aged care හෝ Disability care වල පදිංචිකරුවන්
  • වයස අවුරුදු 50 හෝ ඊට වැඩි අය ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධිය දූපත් වැසියන්
  • දැඩි ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවධානමට ලක් වූ පුද්ගලයන් (මෙය ඔවුන්ගේ පස්වන මාත්‍රාව වනු ඇත)
  • දරුණු COVID-19 රෝගාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන වෛද්‍ය තත්වයක් ඇති වයස අවුරුදු 16 හෝ ඊට වැඩි පුද්ගලයින්
  • සැලකිය යුතු හෝ සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා හෝ දුර්වල ප්‍රතිඵලයක් ඇතිවීමේ අවදානම වැඩි කරන අවදානම් සහිත වයස අවුරුදු 16 හෝ ඊට වැඩි ආබාධ සහිත පුද්ගලයින්
නව ආසාදන රැල්ලක් තර්ජනයක් වන තුරුම ATAGI සිව්වන එන්නත සඳහා වන නිර්දේශය පුළුල් කිරීම ප්‍රමාද කරනු ඇති බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති Chris Moy පවසනවා.

ආචාර්ය Moy පසුගිය බ්‍රහස්පතින්දා ABC ගුවන් විදුලියට පැවසුවේ සෑම කෙනෙකුටම සිව්වන එන්නත් මාත්‍රාව ලබා දීම පිළිබඳ තීරණය කිරීමට ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායමට කලක් තිස්සේ පීඩනයක් එල්ල වෙමින් තිබූ බවයි.
Signage is seen at a hospital in Melbourne, Friday, June 17, 2022. Funding for Australia's health response to COVID-19 has been extended to the end of the year, following talks between the prime minister and state and territory leaders.
Signage is seen at a hospital in Melbourne, Friday, June 17, 2022. Source: AAP Image/Diego Fedele

ඕස්ට්‍රේලියාවේ COVID-19 නව රැල්ලක්

ඕස්ට්‍රේලියාව COVID-19 නව රැල්ලක මුල් අවධියේ සිටින බවට Butler මහතා අනතුරු අඟවයි.

"අපි අලුත් කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටින්නෙ. ඇත්තෙන්ම මෙය කනස්සල්ලට පත් විය යුතු තරමේ වැඩි වීමක්. අපි දැනටමත් පිරී ඇති රෝහල් දැක ගත හැකියි.මේ තත්ත්වය වැඩි වුණොත් මුහුණ දෙන්න වෙන්නෙ මහා ව්‍යයසනයකට. ඒ නිසා ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ තීරණය ගත යුතුයි" යනුවෙන් Butler මහතා පැවසුවේය.

දිනෙන් දින ආසාදිතයින් ගණන ඉහළ යමින් පවතින බවත්, දෙසතියක් තුළ රෝහල්ගත වීම් සිය ගණනකින් ඉහළ ගොස් ඇති බවත් ඔහු කියා සිටියා. බොහෝ ප්‍රාන්ත රජයන් සහ මධ්‍යම රජය සිතන පරිදි එය තව ටික කලක් පවතිනු ඇති බවත් ඔහු ඇඩිලේඩ් හිදී වැඩිදුරටත් පැවසුවේය.

මහාචාර්ය Collingnon පැවසුවේ රට පුරා රෝගීන් වැඩි වීමත් සමඟ කොවිඩ් යළි යළිත් ආසාදනය වීමේ විශාල අවදානමක් ඇති බවයි.

එය නැවැත්වීමට වඩා හොඳ නව එන්නත් ලැබෙන තුරු, අපට දෙවන ආසාදන ඇති වීමට ඉඩ ඇති බව පිළිගත යුතු යැයි ඔහු පවසයි.

කොවිඩ් දෙවන වරට ආසාදනය වුවහොත් පළමු වර තරම් බරපතල තත්ත්වය ඇති නොවන අතර පළමු වරට වඩා අඩු ප්‍රතිවිපාක අත්විඳීමට සිදු වනු ඇති.
A health worker administers a dose of a COVID-19 vaccine during a vaccination clinic at the Keystone First Wellness Center in Chester, Pa., on Dec. 15, 2021.
A health worker administers a dose of a COVID-19 vaccine during a vaccination clinic Source: AAP Image/AP Photo/Matt Rourke

SBS සිංහලගුවන් විදුලි සේවය,

 සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට 


 ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

 SBS සිංහල වෙබ් අඩවිය: 

 SBS සිංහල Facebook පිටුව: 

 SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න. 


 SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය  


Share
Published 8 July 2022 3:28pm
Updated 12 August 2022 2:56pm
By Tom Canetti, Athini Amarasiri
Source: SBS News

Share this with family and friends