COVID 19 update 07 July: අමතර ඔස්ට්‍රේලියානුවාසීන් මිලියන 7.4ක් සිව්වන මාත්‍රාව සඳහා සුදුසුකම් ලබයි

2022 ජූලි 07 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A health worker administers the third dose of the Moderna COVID-19 vaccine at the Royal Exhibition building in Melbourne, Wednesday, March 23, 2022. (AAP Image/Diego Fedele) NO ARCHIVING

A health worker administers COVID-19 vaccine at the Royal Exhibition building in Melbourne. (file) Source: AAP Image/Diego Fedele

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 60 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 17 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 12 ක්ද ඊට ඇතුලත්වේ.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා සිව්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට අවසර දී ඇති බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය  Mark Butler පැවසීය. ඒ අනුව වයස අවුරුදු 30 සිට 49 දක්වා පුද්ගලයින්ට අවශ්‍ය නම් ඔවුන්ගේ දෙවන බූස්ටර් මාත්‍රාව හෝ හතරවන මාත්‍රාව ද ලබා ගත හැකිය.

මේ හේතුවෙන් අතිරේක මිලියන 7.4 ක පිරිසට ජූලි 11 සිට ඔවුන්ගේ සිව්වන මාත්‍රාව ලබා ගත හැකිය.

මීට පෙර අමතර ආරක්ෂාවක් සැපයීම සඳහා එන්නත් කාල පරතරය මාස හතරේ සිට තුන දක්වා අඩු කිරීමට ATAGI නිර්දේශ කළේය.

2022 ජූලි 7 වන විට, වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 60% ක් සිය සිව්වන මාත්‍රාව ලබාගෙන ඇත.

මීට පෙර සිව්වන මාත්‍රාව ලබා ගත හැකි වූයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ට, residents of aged care හෝ disability care මධ්‍යස්ථානවල වෙසෙන්නන්ට, දැඩි ප්‍රතිශක්තිකරණ ඌනතාවක් ඇති පුද්ගලයින්ට සහ වයස අවුරුදු 50 හෝ ඊට වැඩි ඇබෝර්ජීනියානු සහ ටොරස් දූපත් වැසියන්ට ඇතුළු ඉහළ අවදානම් කණ්ඩායම්වල පුද්ගලයින්ට පමණි.

වයස අවුරුදු 16-64 අතර රෝගී තත්ත්ව ඇති පුද්ගලයින් සහ ආබාධ සහිත පුද්ගලයින් ද සිව්වන මාත්‍රාව සඳහා සුදුසුකම් ලබයි.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත  ලබාගත හැකිය.
TGA හෙවත් ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් Pfizer හට Omicron ඉලක්ක කර ගන්නා එන්නත් දෙකක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දී ඇත.

මෙම එන්නත්වල ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය පිළිබඳ දැඩි තක්සේරුවක් සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙන බව TGA පවසයි.

කොවිඩ් වසංගතයේ පළමු වසර දෙක තුළ තරුණ ඔස්ට්‍රේලියානුවන් ජීවිත තෘප්තියේ විශාලතම පහත වැටීමට ලක්ව ඇති බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනයකින් පෙන්නුම් කරයි.

තරුණ ඔස්ට්‍රේලියානුවන් තවමත් COVID-19 හි අයහපත්ම මානසික සහ යහපැවැත්මේ බලපෑම්වලට ගොදුරු වීමේ ඉහළම අවදානමක සිටින බව මහාචාර්ය Nicholas Biddle පැවසුවේය.

අඛණ්ඩව සිව්වන සතියටත් නව ආසාදන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම සතිපතා වාර්තාවේ සඳහන් කරයි.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඇමෙරිකාව සහ බ්‍රසීලය සතිපතා ගෝලීය ආසාදන වැඩිම සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.

Share
Published 7 July 2022 2:27pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends