වික්ටෝරියා ප්‍රාන්තය
අද (01/07) උදෑසන වන විට ගතවුණු පැය 24 සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිඳු කොරෝනා ප්‍රජා ආසාදනයක් වාර්තා නොවේ.
මෙම ප්‍රතිඵල ලැබී ඇත්තේ ඊයේ දිනයේ (30/06) සිදුකල 29,000 කට අධික කොරෝනා පරික්ෂා කිරීම් වලින් අනතුරුව බවද සඳහන්.
එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට විදෙස් වල සිට පැමිණ හෝටල් නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින් වෙතින් ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
මේ අතර දකුණු ඕස්ට්‍රේලියා ප්රාන්තයෙන්ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු ප්‍රජා ආසාදනයක් වාර්තා නොවන බව සඳහන්.
නමුත් දකුණු ඔස්ට්‍රේලියාවේ කොරෝනා අවදානම තව දුරටත් අවසන් වී නැති බැවින් තවත් කොරෝනා පරීක්ෂණ අසිදුකළ යුතු බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall පවසයි.