Explainer

ඔස්ට්‍රේලියාවේ JobSeeker දීමනාව ඉහළ දමයි, එය ඔබට බලපාන්නේ කෙසේද?(SBS සිංහල/ වාර්තා)

JobSeeker දීමනාවට සිදුකළ සංශෝධන සහ ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයින් ට මධ්‍යම රජයට සම්බන්ධ වියහැකි නව දුරකථන මාර්ගය ඇතුළු නව සුබසාධන සේවා පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

People are seen in long queues outside the Centrelink office in Southport on the Gold Coast, Monday, March 23, 2020. Centrelink offices around Australia have been inundated with people attempting to register for the Jobseeker allowance in the wake of busi

People are seen in long queues outside the Centrelink office in Southport on the Gold Coast, Monday, March 23, 2020. Source: AAP

JobSeeker දීමනාව ඉහළ දමයි

JobSeeker සුබ සාධන දීමනාවට එක්කොට තිබූ කොරෝනාවයිරස් සුබ සාධන දීමනාව එළඹෙන මාර්තු මාසයේ අග සිට ඉවත් කිරීමට මේ වන  කටයුතු යොදා අවසන්.

මේ අතර JobSeeker සුබ සාධන දීමනාවට ඉහළ දැමීමට ද ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.


 

Highlights

  • දෙසතියකට වරක් JobSeeker දීමනාව ඩොලර් 50 කින් වැඩිවන අතර එය දිනකට $3.57 ක් ලෙස ගණන් බලා ඇත.
  • ඒ අනුව අප්‍රේල් 01 දින සිට නව JobSeeker දීමනා ලබන්නන් හට ඩොලර් $615.70 ක මුදලක් ලැබෙන අතර දිනකට එම මුදල් ප්‍රමාණය ඩොලර් 44 ක් පමණ වේ.
  • සේවායෝජකයින්ට රජය සම්බන්ධ කරගත හැකි නව දුරකථන මාර්ගයක් හඳුන්වාදෙයි.

 

ඒ අනුව දෙසතියකට වරක් JobSeeker දීමනාව ඩොලර් 50  කින් වැඩිවන අතර එය දිනකට $3.57 ක් ලෙස ගණන් බලා  ඇත.

මිලයන 1.2 ක JobSeeker දීමනා ලබන්නන් හට අප්‍රේල් 01 දින සිට මෙම නව සශෝධන වලට මුහුණ දීමට සිදුවේ.

ඒ අනුව අප්‍රේල් 01 දින සිට නව JobSeeker දීමනා ලබන්නන් හට ඩොලර් $615.70 ක මුදලක් ලැබෙන අතර දිනකට එම මුදල් ප්‍රමාණය ඩොලර් 44 ක් පමණ වේ.

කොරෝනා වසංගතය පැමිණීමට පෙර JobSeeker දීමනාව තිබුණේ දෙසතියකට වරක්ම  $565.70 ක් ලෙසිනි.

කොරෝනා වයිරස් දීමනාව එක්කළ විට JobSeeker දීමනාව  $715.70 ක්ව පැවතුණි.

එමෙන්ම පහත සඳහන් සුබ සාධන දීමනා ද දෙසතියකට ඩොලර් 50 කින් ඉහළ දමා ඇත.

  • Youth Allowance
  • Parenting Payment
  • Austudy
  • ABSTUDY Living Allowance
  • Special Benefit
  • Widow Allowance
  • Partner Allowance
  • Farm Household Allowance

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


සේවායෝජකයින්ට රජය සම්බන්ධ කරගත හැකි දුරකථන මාර්ගයක්

කර්මාන්ත ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය බැඳීම් අවශ්‍යතා ශක්තිමත් කිරීම ද මෙම සංශෝධන යටතේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ සැපයුම්කරුවන් සමග මුහුණට මුහුණ ඇති සාකච්ඡා සාකච්ඡා මාර්තු මුල සිට  ආරම්භ වීමට නියමිත අතර ප්‍රාන්ත  ටෙරිටරි වල අවශ්‍යතාවන් අනුව එය වෙනස් වේ.

ඔබ JobSeeker  දීමනාව ලබන අයෙකු නම් අප්‍රේල් 01 වන දින සිට ඔබට එම මුදල ලබාගැනීමට අවම වශයෙන් රැකියා 15 ක් හෝ සෙවූ බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතු වේ.

ඔබට මාස හයකට පසු කෙටි පාඨ මාලාවක් කිරීමට හෝ හෝ සේවා පළපුරුද්දක් පෙන්වීමට සිදුවේ.

මේ අතර රැකියා අවස්ථා ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් පිළිබඳව අදාළ සේවා යෝජකයන්ට ඔස්ට්‍රේලියානු රජය සමඟ සෘජුවම සම්බන්ධ වීමට අවශ්‍ය නව දුරකථන සේවාවක් ද හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය  තිබේ.

Share
Published 24 February 2021 7:28pm
Updated 12 August 2022 3:11pm
By SBS News, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends