Breaking

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වලට පැනවූ තහනම ඉවත් කරගැනීමට Facebook සමාගම එකඟ වෙයි (SBS සිංහල/ වාර්තා)

Facebook ප්‍රධාන විධායක Mark Zuckerberg සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg අද (23/02) උදෑසන අදාළ ගිවිසුම අවසන් කළහ.

An illustration image shows a phone screen with the ‘Facebook’ logo and Australian Newspapers at Parliament House in Canberra, Thursday, February 18, 2021. Social media giant Facebook has moved to prohibit publishers and people in Australia from sharing o

Facebook and Australian Newspapers Source: AAP Image/Lukas Coch

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වලට පැනවූ Facebook තහනම ඉවත් කර අවහිර කර තිබෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්තිමය Facebook පිටු යථා තත්ත්වයට පත් කිරීමට Facebook සමාගම එකඟ වී තිබේ.


Highlights

  • ඉදිරි දින කිහිපය තුළ අවහිර කර ඇති ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්තිමය Facebook පිටු යථා තත්ත්වයට පත් කිරීමට Facebook සමාගම එකඟ වී ඇත.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Facebook වෙත යෝජනා කර ඇති ආචාර ධර්ම පද්ධතිය සංශෝධනය කිරීමට එකඟවූ නිසා මෙම අවහිර කිරීම් නිදහස් කිරීමට සමාගම එකඟ වී තිබේ.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා (18/02) උදෑසන සිට අවහිර කළේය.

Facebook ප්‍රධාන විධායක Mark Zuckerberg සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg අද (23/02) උදෑසන සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා (18/02) උදෑසන සිට අවහිර කළේය.
ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති Facebook ඔස්සේ පළ කිරීමේදී අදාළ ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආයතන වලට ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Facebook සමාගම වෙත පසුගිය වසරේදී දැනුම් දීමක් සිදු කළේය.

එම දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව Facebook සමාගම පවසා තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


අදාළ ගෙවීම් සිදුකළ යුතු අයුරු සම්බන්ධව යම් ආචාර ධර්ම පද්ධතියක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසන් සකසා එය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙන් අනතුරුව Facebook සමාගම වෙත දැනුම් දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වී සිටි බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වලට පැනවූ Facebook තහනම ලොව පුරා රටවල් බොහොමයක් හෙළා දැක තිබුණි.

ආචාර ධර්ම පද්ධතිය වෙනස් කිරීමට එකඟ වෙයි

අවහිර කර ඇති ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්තිමය Facebook පිටු යථා තත්ත්වයට පත් කිරීමට එකඟ වූයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අදාළ ආචාර ධර්ම පද්ධතිය සංශෝධනය කිරීමට එකඟවූ නිසා බව Facebook සමාගම පවසයි.

"මෙම සංශෝධන මගින් ඩිජිටල් වේදිකා මගින් ඔවුන්ගේ අන්තර්ගතයන් භාවිතා කිරීම සඳහා සුදුසු ගෙවීමක් ලබා ගැනීමේදී ප්‍රාදේශීය හා සුළු පරිමාන ප්‍රවෘත්ති ප්‍රකාශකයන්ගේ දෑත් ශක්තිමත් කරනු ඇත."  යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ අවහිර කර ඇති ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්තිමය Facebook පිටු යථා තත්ත්වයට පත් කිරීමට එකඟ වූ බව රජය අනාවරණය කළේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ එකඟතාවකට පැමිණීම පිළිබඳව තම සමාගම සතුටු වන බව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සඳහා Facebook සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ Will Easton පැවසුවේය.

Share
Published 23 February 2021 4:17pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends