ඔස්ට්‍රේලියාවේ උත්සව සමයේ overtime කරන්නැයි ඔබේ හාම්පුතාට ඔබට බල කළ හැකිද? (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ Fair Work Ombudsman ට අනුව අතිකාල ගාස්තු අදාළ වන විට award, enterprise ගිවිසුමක් හෝ වෙනත් ලියාපදිංචි ගිවිසුමක් මත එය නියම කෙරේ.

Can your boss force you to work overtime in this Australian festive season

Source: Getty Images/Dimitri Otis

එළඹෙන නත්තල් සහ නව වසර උදාව හේතුවෙන් බොහෝ සේවා ස්ථානවල අතිකාල පැය ගණනක් සේවය කිරීමට සේවකයින්ට සිදුවේ.

නමුත් එය සේවකයාට සාධාරණ අයුරින් සිදුකිරීමට අදාළ සේවා ස්ථානය හෝ හාම්පුතා වගබලාගත යුතුය.

overtime හෙවත් අතිකාල සේවා කිරීමේදී ඔස්ට්‍රේලියාවේ නීති රෙගුලාසි මොනවාදැයි මෙම ලිපියෙන් තොරතුරු ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය සූදානම් වේ.


Highlights

  • සාමාන්‍ය රැකියා කරන වේලාවෙන් පරිබාහිර වීම, සාමාන්‍ය සේවා පැය ගණන ඉක්මවීම හෝ එකඟ වූ පැය ගණනින් පරිබාහිර වීම අතිකාල සේවය ලෙස හැඳින්වේ.
  • සාධාරණ අතිකාල පැය ගණනක් වැඩ කරන ලෙස සේවා යෝජකයෙකුට සේවකයෙකුගෙන් ඉල්ලා සිටිය හැක.
  • තම සේවා ස්ථානයේ ඉල්ලීම අසාධාරණ නම් ඔස්ට්‍රේලියාවේ සේවකයෙකුට අතිකාල වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය.

අතිකාල සේවය යනු කුමක්ද?

යම් සේවකයෙකු අමතර කාලයක් රැකියාවේ යෙදීම අතිකාල සේවය ලෙස හඳුන්වයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියාවේ Fair Work Ombudsman ට අනුව එය පහත සඳහන් අවස්ථා අනුව තීරණය විය හැකිය:

  • සාමාන්‍ය රැකියා කරන වේලාවෙන් පරිබාහිර වීම
  • එකඟ වූ පැය ගණනින් පරිබාහිර වීම
  • සේවකයාගේ සාමාන්‍ය සේවා පැය ගණන ඉක්මවීම
Fair Work Ombudsman
Source: facebook.com/fairwork

Overtime rates හෙවත් අතිකාල සේවා ගාස්තු අදාළ වන්නේ කෙසේද?

අතිකාල සේවා ගාස්තු අදාළ වීම ඒ ඒ සේවා ස්ථාන තම සේවකයින් සමග ඇතිකරගෙන ඇති සේවා ගිවිසුම් මත තීරණය වේ.

ඔස්ට්‍රේලියාවේ Fair Work Ombudsman ට අනුව අතිකාල ගාස්තු අදාළ වන විට award, enterprise ගිවිසුමක් හෝ වෙනත් ලියාපදිංචි ගිවිසුමක් මත එය නියම කෙරේ.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


සාධාරණ අතිකාල සේවා

සාධාරණ overtime හෙවත් අතිකාල පැය ගණනක් වැඩ කරන ලෙස සේවා යෝජකයෙකුට සේවකයෙකුගෙන් ඉල්ලා සිටිය හැක.

පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්නා තෙක් අතිකාල සේවා සැපයීම සාධාරණ විය හැකි බව ඔස්ට්‍රේලියාවේ Fair Work Ombudsman පවසයි.

  • අමතර පැය ගණනක් රැකියා කිරීමෙන් සේවකයාගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට ඇති ඕනෑම අවදානමක් පිළිබඳ සැලකිලීමත් වීම
  • සේවකයාගේ පවුලේ වගකීම් ඇතුළුව පෞද්ගලික තත්ත්වය පිළිබඳ සැලකිලීමත් වීම
  • රැකියා ස්ථානයේ අවශ්යතා
  • සේවකයාට අතිකාල ගෙවීම් හෝ අමතර පැය ගණනක් වැඩ කිරීම සඳහා penalty rates ලබා ගැනීමට අයිතිය තිබේ නම් ඒවා ගෙවීම
  • යම් අතිකාල පැය ගණනක් වැඩ කරන බව අවබෝධ කර ගෙන ඒ සඳහා සේවකයින්ට වැඩි මුදලක් ගෙවීම
  • සේවකයාට අතිකාල වැඩ කිරීමට සිදු විය හැකි බවට ප්‍රමාණවත් දැනුම්දීමක් ලබා දීම
  • තමන්ට කිසි විටෙකත් අතිකාල පැය වැඩ කළ නොහැකි බව සේවකයා දැනටමත් ප්‍රකාශ කර තිබීම
  • සේවා ස්ථානයේ සුපුරුදු රැකියා පටිපාටියම ක්‍රියාත්මක වීම
  • සේවකයාගේ කාර්යභාරය සහ ඔවුන්ගේ වගකීම් මට්ටම
  • අතිකාල සේවය ලබා ගැනීම අදාළ සේවක ගිවිසුමට අදාළ වීම
තම සේවා ස්ථානයේ ඉල්ලීම අසාධාරණ නම් ඔස්ට්‍රේලියාවේ සේවකයෙකුට අතිකාල වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය.



Share
Published 10 December 2021 6:32pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends