චීන - සොලමන් දූපත් ආරක්ෂක ගිවිසුම නිසා ඔස්ට්‍රේලියා - චීන අර්බුදය යළිත් උත්සන්න වෙයි (SBS සිංහල/ වාර්තා)

මෙම ගිවිසුමට අනුව චීන නැව් සොලමන් දූපත් ආශ්‍රිතව පැසිෆික් සාගරයේ නවත්වා තැබිය හැකි අතර එහි නාවික හමුදා කඳවුරක්ද පිහිටුවීමට ඉඩ සැලසේ.

Australia and China National Flages

Source: AAP

අමාත්‍ය මණ්ඩල රැස්වීම් අවහිර නොකරනතෙක් චීනය සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දියවීමක් සිදු නොවන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

චීනය සහ සොලමන් දූපත් අතර ආරක්ෂක ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවීමත් සමග චීන - ඔස්ට්‍රේලියා සබඳතාවයේ ඇති ගැටළු යළි උත්සන්න වී තිබේ.


Highlights

  • අමාත්‍ය මණ්ඩල රැස්වීම් අවහිර නොකරනතෙක් චීනය සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දියවීමක් සිදු නොවන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.
  • චීනය සොලමන් දූපත් සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමේ පසුබිම මත මෙම අදහස් පළ වී තිබේ.
  • මෙම ගනුදෙනුව ඔස්ට්‍රේලියාවට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට භූ දේශපාලනික වශයෙන් අර්බුදයක් මතු කර ඇත.

ඔස්ට්‍රේලියානු අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සංවාදයක් පැවැත්වීම චීනය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන තාක් කල්, එම තීරණය සම්පූර්ණයෙන්ම සාධාරණ ප්‍රතිචාරයක් බව තමන් සිතන බව අගමැති මොරිසන් පැවසීය.

චීනයේ ඔස්ට්‍රේලියානු තානාපතිවරයා හමුවීම සම්බන්ධයෙන්මධ්‍යවදීන් ඉදිරියේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"එය දුර්වලතාවයේ විදහා දැක්වීමක් වනු ඇති අතර එය මා චීනයට යවන අවසාන පණිවිඩය බව අගමැති ලෙස මට ඔබට සහතික විය හැකියි." යනුවෙන්ද අගමැති මොරිසන් වැඩි දුරටත් සඳහන් කළේය.
Prime Minister Scott Morrison speaks to the media on the Central Coast of New South Wales
Prime Minister Scott Morrison speaks to the media Source: AAP Image/Bianca De Marchi

චීනය සහ සොලමන් දූපත් අතර ආරක්ෂක ගිවිසුම

චීනය සොලමන් දූපත් සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමේ පසුබිම මත මෙම අදහස් පළ වී තිබේ.

මේ බව පසුගිය සිකුරාදා සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිරුණු පුවතක් බවට පත්විය.

මෙම ගිවිසුමට අනුව චීන නැව් සොලමන් දූපත් ආශ්‍රිතව පැසිෆික් සාගරයේ නවත්වා තැබිය හැකි අතර එහි නාවික හමුදා කඳවුරක්ද පිහිටුවීමට ඉඩ සැලසේ.

මෙම ගනුදෙනුව ඔස්ට්‍රේලියාවට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට භූ දේශපාලනික වශයෙන් අර්බුදයක් මතු කර තිබේ.
පැසිෆික් කලාපය තුළ චීනයේ ව්‍යාප්තිවාදී ගමන්මග පිළිබඳ ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව යන රටවල ද්විත්වයම දැඩි කල්පනාවෙන් සිටියි.

"චීනය අමාත්‍යවරු අතර පවත්වන ඕනෑම සංවාදයක් සම්පූර්ණයෙන්ම අවහිර කර තිබෙනවා" යනුවෙන් අගමැති මොරිසන් පැවසීය.

චීනය විසින් එම අවහිරය ඉවත් කරන තුරු, තානාපතිවරයෙකු සමඟ එම සංවාදයේ යෙදීම ඔස්ට්‍රේලියානුවන් ඉතා නුසුදුසු ලෙස දකිනු ඇතැයි තමා සිතන බව අගමැති මොරිසන් අවධාරණය කළේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් රටවල නායකයින් අතර ඉහළ මට්ටමේ සාකච්ඡා

කලාපය තුළ චීනයේ වර්ධනය වන බලපෑම සම්බන්ධයෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් රටවල නායකයින් අතර ඉහළ මට්ටමේ තවත් සාකච්ඡා පැවැත්වෙන බව ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් පැවසීය.

පසුගිය සිකුරාදා සොලමන් දූපත්හි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ආචාර්ය Lachlan Strahan සහ සොලමන් දූපත්හි අගමැති Manasseh Sogavare අතර සාකච්ඡා පැවැත්වූනු බව ද ඔහු පැවසීය.

පැසිෆික් රටවලට බලය රැකගැනීමේ අරමුණින් විදේශ ආධාර ලබා දෙන බවට හිටපු ඔස්ට්‍රේලියානු අගමැතිවරයකු වූ Kevin Rudd ගේ චෝදනා අගමැති මොරිසන් මෙහිදී දැඩිව ප්‍රතික්ෂේප කළ අතර ඒවා සෘජුවම බොරු ලෙස ද පැවසීය.
"කම්කරු පක්ෂය විසින් අපේ කලාපයෙන් ඈත රටවලට මුදල් විසි කරමින් ආරක්ෂක කවුන්සිලයට ඡන්දය හඹා යද්දී අපි ඇත්ත වශයෙන්ම පැසිෆික් කලාපයේ විදේශ සංවර්ධන ආධාර සඳහා අපගේ ආයෝජනය සියයට 50 කින් වැඩි කළා." යනුවෙන් අගමැති මොරිසන් වැඩිදුරටත් පැහැදිලි කළේය.

තම ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ රට මුහුණ දෙන මෘදු හා දැඩි ආරක්ෂක තර්ජනවලට විසඳුම් සෙවීම සඳහා හවුල්කාරිත්වය පුළුල් කිරීම අවශ්‍ය බවට පවසමින් පසුගිය සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් සොලමන් දූපත් පැවසුවේය.

සිවිල් වැසියන්ගේ නොසන්සුන්තාවයේ සහ කොවිඩ් බලපෑම්වලට උපකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවකයින්ගේ වැටුප් සඳහා අරමුදල් සැපයීමට ඔස්ට්‍රේලියාව සොලමන් දූපත් රජය සඳහා හෙට ප්‍රකාශ කරන අයවැයෙන් ඩොලර් මිලියන 22 ක් වෙන් කරනු ඇත.

මෙම දූපත් සමූහය වසර 2019 දී තායිවානයේ සිට චීනය දක්වා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මාරු කළ අතර එය පසුගිය නොවැම්බරයේ Honiara අගනුවර මාරාන්තික කෝලාහලවලට ද තුඩු දුන්නේය.

ඓතිහාසිකව සොලමන් දූපත් වැසියන්ට ආරක්ෂාව සපයා ඇති ඔස්ට්‍රේලියාව එම කෝලාහලයෙන් පසු පොලිස් මෙහෙයුමක් සඳහා නායකත්වය සැපයුයේ සොලමන් දූපත් අගමැති Manasseh Sogavare ගේ ඉල්ලීමකට අනුව ය.



Share
Published 28 March 2022 1:36pm
Updated 28 March 2022 1:38pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends