ත්‍රස්තවාදීන්ට ඔස්ට්‍රේලියාවෙන් තවත් බැම්මක්, වරදකරුවන් වූ ත්‍රස්තවාදීන් සඳහා ජාතික ලේඛනයක් (SBS සිංහල/ වාර්තා)

ත්‍රස්තවාදී වැරදිකරුවන් සමාජයට මුදා හැරීමෙන් පසු ඔවුන් දීර්ඝ කාලීනව නිරීක්ෂණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හෝ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් මට්ටමින් හෝ යාන්ත්‍රණයක් දැනට නොමැත.

Australian Federal Police logo (file image)

Australian Federal Police logo Source: AAP

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නව National Convicted Terrorist Offender Register හෙවත් ජාතික වරදකරුවන් බවට නම් කළ ත්‍රස්තවාදී වැරදිකරුවන්ගේ ලේඛනයක් ස්ථාපිත කිරීමට සූදානම් වේ.

මෙය ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමග සාකච්ඡා කර ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.


Highlights

මෙම ලේඛනය ස්ථාපිත කළ පසු මධ්‍යම රජය විසින් වරදකරුවන් කළ ත්‍රස්තවාදී වැරදිකරුවන්ට ඔවුන්ගේ සිරදඬුවම් කාලය අවසන් වූ පසු දීර්ඝ කාලීනව බලධාරීන්ට වාර්තා කිරීමේ වගකීම් පැනවෙනු ඇත.

ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී චෝදනා ලැබූ සිරකරුවන් 18 දෙනෙකු ඉදිරි වසර 4 තුළ ඔවුන්ගේ දඩුවම් අවසන් කිරීමට නියමිත බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews පැවසුවාය.

වසර 2014 සිට ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් 71 කදී ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් 144 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවද ඇය සඳහන් කළාය.


National Convicted Terrorist Offender Register

ත්‍රස්තවාදී වැරදිකරුවන් සමාජයට මුදා හැරීමෙන් පසු ඔවුන් දීර්ඝ කාලීනව නිරීක්ෂණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හෝ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් මට්ටමින් හෝ යාන්ත්‍රණයක් දැනට නොමැත.

මෙම National Convicted Terrorist Offender Register හෙවත් ජාතික වරදකරුවන් බවට නම් කළ ත්‍රස්තවාදී වැරදිකරුවන්ගේ ලේඛනය ස්ථාපිත කළ පසු මධ්‍යම රජය විසින් වරදකරුවන් කළ ත්‍රස්තවාදී වැරදිකරුවන්ට ඔවුන්ගේ සිරදඬුවම් කාලය අවසන් වූ පසු දීර්ඝ කාලීනව බලධාරීන්ට වාර්තා කිරීමේ වගකීම් පැනවෙනු ඇත.
දිගින් දිගටම රැඳවුම් නියෝග ඇතුළු සමාජය තුළ ඉහළ අවදානමක් ඇති ත්‍රස්තවාදී වැරදිකරුවන් කළමනාකරණය කිරීම සඳහා මොරිසන් රජයේ ශක්තිමත් රාමුවට මෙය එකතු කරනු ඇත.

මේ පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

"ඔස්ට්‍රේලියානු සමාජය හානිවලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය මෙවලම් සහ සම්පත් අපගේ ආයතනවලට ඇති බව සහතික කිරීමට අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි” යනුවෙන් ඇය පැහැදිලි කළාය.

මෙය ක්‍රියාත්මක කිරීම උදෙසා ලබන අඟහරුවාදා ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අයවැය ලේඛනය සඳහා ඩොලර් මිලියන 20 කට ආසන්න අරමුදල් ඇතුළත් වේ.
کارن اندروز وزیر کشور استرالیا
کارن اندروز وزیر کشور استرالیا Source: AAP

ත්‍රස්තවාදී චෝදනා ලැබූ සිරකරුවන් 18 දෙනෙකුගේ දඩුවම් අවසන්

ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී චෝදනා ලැබූ සිරකරුවන් 18 දෙනෙකු ඉදිරි වසර 4 තුළ ඔවුන්ගේ දඩුවම් අවසන් කිරීමට නියමිත බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews පැවසුවාය.

ත්‍රස්තවාදයේ තර්ජනය නොකඩවා වර්ධනය වෙමින් පවතින බවත් ඇය සඳහන් කළාය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

වසර 2022 දී අප COVID-19 වසංගතයෙන් මිදී නැවත වරක් සමාජය අතරට එක්වන විට ඇතිවී ඇති ත්‍රස්තවාදී තර්ජනය පිළිබඳ සතුටු විය නොහැකි බව ද ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews ප්‍රකාශ කළාය.

රැඩිකල්කරණය වැළැක්වීමට උත්සාහ කිරීම සහ වැරදිකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම මගින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ත්‍රස්තවාදය නැවැත්වීමට දරන උත්සාහයන් ද නොකඩවා පවත්වාගෙන යයි.

වසර 2014 සිට ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් 71 කදී ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් 144 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවද ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Share
Published 25 March 2022 1:17am
By Madhura Seneviratne

Share this with family and friends