මාර්තු 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ පිරිවැය ඉහල ගියත්, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන බවට විපක්ෂයෙන් චෝදනා

Treasurer Jim Chalmers speaks to the media during a press conference at Parliament House in Canberra.

짐 차머스 연방재무장관 Source: AAP Image/Lukas Coch

Get the SBS Audio app

Other ways to listen

මාර්තු 28 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ඕස්ට්‍රේලියානු අයවැය හෙට (28) නිකුත් කිරීමට නියමිත වීම
  • ජීවන වියදම ඉහළ යාමේ වත්මන් තත්ත්වය සහ ජනතාවට යම් සහන ලබාදීමේ රජයේ සැලසුම්

ඕස්ට්‍රේලියාව තුල ජීවන වියදම් ඉහල යාම සිදු වුවත් ඒ සම්බන්ධයෙන් තම ස්ථාවරය රඳවා ගැනීමට මෙවර අයවැයෙන් ඕස්ට්‍රේලියානු රජය බලාපොරොත්තු වේ.

ලේබර් පක්ෂය මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් සිටින්නේ ඕස්ට්‍රේලියාවේ පිරිවැය ඉහළ යන අතර රජයේ ප්‍රතිපත්ති නිසිලෙස ක්‍රියාත්මක නොවන බවයි. එමෙන්ම ඉහළ යන උද්ධමනය සහ ගෝලීය අවිනිශ්චිතතාවය අභියෝග මතු කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ වනවිට ඉහල යන ජීවන වියදමට සරිලන පරිදි අයවැය සකස් කිරීම සඳහා යම් දුෂ්කරතාවයකට ඕස්ට්‍රේලියානු රජය මුහුණ දී සිටින අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Queanbeyan හි Edward Mapiva පවසන්නේ මේ වනවිට පවතින තත්වය මත, මුදල් බෙදී යාම අසමාන තත්වයක පවතින බවයි.

මේ හේතුවෙන් මේ පිළිබඳව රජය අවධානය යොමු කල යුතු බවත් ඔහු පේනවා දෙනවා

විශ්‍රාමික Sally Stegwell ද ඇගේ වියදම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම මේ වන විට සිදු කරන බව පවසයි.

ඇය පෙන්වා දෙන්නේ භාණ්ඩ ලබාගැනීම සඳහා වෙළඳසලකට ගිය විට, පෙරට වඩා තම වියදම ඩොලර් 50කින් පමණ ඉහල ගොස් ඇති බවයි.

හෙට (29) රාත්‍රියේ ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg විසින් අයවැය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර වසංගතයේ ආර්ථික ආතතියෙන් පසුව මෙම අයවැය සිදු වනවා .

ඔහු පවසන්නේ මෙහි යම් දියුනුවක් තමන් දකින බවයි

Deloitte Access Economics වැනි ප්‍රධාන අනාවැකිකරුවන් පවසන්නේ වත්මන් ඇස්තමේන්තුවට අනුව හිඟය ඩොලර් බිලියන 69 දක්වා අඩු වනු ඇති අතර එය භාණ්ඩාගාරය මගින් නත්තලට පෙර අපේක්ෂා කලාට වඩා ඩොලර් බිලියන 30ක ඉහල යමක් වන බවයි.

Deloitte ආර්ථික විද්‍යාඥ Chris Richardson පවසන්නේ මෙවර අයවැය තවමත් විශාල අභියෝගවලට මුහුණ දෙන බවයි. එමෙන්ම අයවැය නිසියාකාරව සිදු වීම වැදගත් වන බවත් Chris වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය වසරේදී උද්ධමනය සියයට 3.5ක් වූ අතර වැටුප් ඉහල ගොස් ඇත්තේ සියයට 2.3කින් පමනක බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය Cassandra Goldie පවසන්නේ මිනිසුන්ට එහි ප්‍රතිවිපාක දැනෙන අතර අඩු අදායම් ලබන පිරිසට මෙමගින් දැඩි බලපෑමක් එල්ලව ඇති බවයි


ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg ඕස්ට්‍රේලියානු පවුල්වලට මෙම අඟහරුවාදා අයවැයෙන් ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු වේ.

මෙහි අඩු සහ මධ්‍යම ආදායම් ලබන්නන් සඳහා එක් වරක් පමණක් හිමි වන ගෙවීම් ද ඇතුලත් වන බව වාර්තා වේ.

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු තෙල් මිල ඉහළ යාම මෙවර අයවැයේ තවත් දැඩි අවධානයක් යොමු වන කරුණක් වන අතර ඔස්ට්‍රේලියානු රජය ඩොලර් ට්‍රිලියනයකට ආසන්න ණය ස්ථාවර කිරීමට ද උත්සාහ කිරීම සිදු කරයි.

ආර්ථික විද්‍යාඥ Chris Richardson පෙන්වා දෙන්නේ මේ දක්වා හෙළිව තිබෙන කරුණු වලට අනුව මෙවර අයවැය එතරම් විශාල නොවනු ඇති බවයි

සෞඛ්‍යය, වයස්ගත සහ ආබාධිත සත්කාර වැනි ආරක්‍ෂක සහ සමාජීය වියදම් සියල්ල ඉහල යාම සිදු වීමට නියමිතව තිබේ.

ඕස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටුවේ Gabriela D'Souza පවසන්නේ අයවැයේ ප්‍රධාන අභියෝගය කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රමුඛතා තුලනය කිරීම වන බවයි.

එමෙන්ම ජනතාව ජීවන වියදම මත ඇති පීඩනය අවම වීම අපේක්ෂා කරන බවත් Gabriela පවසයි.

මෙම පියවර සැලසුම් කර ඇත්තේ දැනටමත් පවතින දැඩි උද්ධමන පීඩනයන් සහ සංචිත බැංකුව විසින් කලින් පොලී අනුපාත ඉහල නැංවීමට හේතු නොවීමට බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg පවසයි.

එමෙන්ම S-B-S පුවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කොට සිටියේ භාණ්ඩ මිල ඉහළ යාම සහ ශක්තිමත් රැකියා වෙලඳපොලක් යනු අයවැය අපේක්ෂිත තත්වයට වඩා හොඳ මට්ටමක පවතින බව වන බවයි.

කෙසේ නමුත් ඉන්ධන බදු කපාහැරීම සහ හෝ අඩු සහ මධ්‍යම ආදායම් බදු හිලව් මේ සඳහා ඇතුලත්ද යන්න පිළිබඳව සඳහන් කොට නොමැති බව වාර්තා වේ.

එමෙන්ම ඔහු සඳහන් කොට ඇත්තේ කෙසේ නමුත් සෑම අයකුම කතා කරන ජීවන වියදම් සඳහා සහන ලැබෙනු ඇති බවයි

කෙසේ නමුත් ලේබර් පක්ෂයේ භාණ්ඩාගාරික Jim Chalmers A-B-C සේවය වෙත පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනයට හේතු වී ඇත්තේ වසර දහයකට ආසන්න වූ සභාග රජය යටතේ ඇති අසාර්ථක ප්‍රතිපත්ති නිසා වන බවයි.

එමෙන්ම මැතිවරණයක් ආසන්නයේදී සිදු කරන මුදල් ලබාදීමක් මගින් ජනතාවට, ඔවුන් වැටුප් සහ රැකියා ආරක්ෂාව සම්බන්ධයෙන් විඳි දුක අමතක කල නොහැකි බවත් Jim වැඩිදුරටත් පවසයි.


Share