"ඔස්ට්‍රේලියානුවන්ට මීට වඩා යහපත් දේ හිමි විය යුතුයි" විපක්ෂ නායක ඇන්තනි ඇල්බනීසි කියයි

අගමැති ස්කොට් මොරිසන් ඉරිදා සිට සති හයක ෆෙඩරල් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරද්දී විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීසි ඡන්දදායකයින් වෙත සිය ආරම්භක කථාව සිදු කරන ලදී.

Opposition Leader Anthony Albanese has started his election campaign vowing to bring the country together, and saying Australians deserve a better future. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

Opposition Leader Anthony Albanese has started his election campaign saying Australians deserve a better future. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් දියත් කිරීමෙන් පසු,ඡන්දදායකයින් වෙත සිය ආරම්භක කථාව කරමින්,කම්කරු පක්ෂයේ නායක ඇන්තනී ඇල්බනීසි ඕස්ට්‍රේලියානුවන් වසර කිහිපයකට පසු "වඩාත් යහපත් අනාගතයකට" හිමිකම් කිව යුතු බව පැවසුවේය.

ඉරිදා දින, අගමැති ස්කොට් මොරිසන් කැන්බරා හි ආණ්ඩුකාර ජෙනරාල් ඩේවිඩ් හර්ලි හමුවීමෙන් පසු, ෆෙඩරල් මැතිවරණය මැයි 21 වෙනිදාට නිල වශයෙන් කැඳවීය.

ඉරිදා දිනයේදී, වාර්තාකරුවන් අමතමින් ඇල්බනීසි මහතා "රට නැවතත් එක් කිරීමට" පොරොන්දු විය.

අපි ශ්‍රේෂ්ඨ රටක් වන බවත්, මීට වඩා හොඳ රජයක් තිබේ නම්, අපට මීටත් වඩා හොඳ විය හැකි බවත්, අපට දුෂ්කර වසර දෙකක් ගත කිරීමට සිදුවූ බවත් ඔහු කියා සිටියේය.

වසංගතය, ගංවතුර, ලැව්ගිනි වැනි අභියෝග ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් විශිෂ්ට කැපකිරීම් කර ඇති බවත්, එය අපේ සමාජයේ ශක්තිය පෙන්නුම් කර ඇති නමුත් අපගේ ආර්ථිකයේ දුර්වලතා සහ අප දියුණු විය යුතු තැන් ද පෙන්වා දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව , ඔස්ට්‍රේලියානුවන් වඩා යහපත් දේ හිමි විය යුතු බව ඇන්තනී ඇල්බනීසි පැවසුවේය.
ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් සංවේදී වෙමින්, ජීවන වියදම් ඉහළ යන නමුත් ආදායම ඉහළ නොයන බව පැවසූ ඇල්බනීසි මහතා ඕස්ට්‍රේලියානුවන් ගෙන් ඉල්ලා සිටියේ බිය වීම වෙනුවට ශුභවාදී මඟ පෙන්වීම් අනුගමනය කරන ලෙසයි.

වැටුප් ඉහළ නැංවීම, රැකියා සුරක්ෂිත කිරීම, නිෂ්පාදන කටයුතු පුනර්ජීවනය කිරීම, Medicare ශක්තිමත් කිරීම, පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම සහ Aged care අර්බුදය විසඳීම මෙන්ම දැරිය හැකි මිලකට නිවාස සහ ලාභදායී childcare සැපයීම කෙරෙහි සිය පක්ෂය අවධානය යොමු කරන බව ඔහු නැවත නැවතත් අවධාරණය කළේය.
කම්කරු පක්ෂයේ සැලසුම්, ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීම ඉලක්ක කර ගෙන ඇති බවත්, වඩාත් දැරිය හැකි නිවාස ඉදි කිරීම, Aged care අර්බුදය විසඳීම සහ National broadband Network ස්ථාපනය කිරීම සඳහා සිය පක්ෂය ක්‍රියා කරන බවත් ඔහු පැවැසීය.
ඔබේ අගමැති ලෙස කටයුතු කිරීමේ ගෞරවය මට හිමි වේ නම්, අවංකව නායකත්වය දීමටත්, ඔබට ගෞරවයෙන් සැලකීමටත්, ශක්තිමත් දූෂණ විරෝධී කොමිසමක් පිහිටුවා නාස්තිය අවම කර දේශපාලනය ක්‍රමය කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීමටත් පොරොන්දු විය හැකි බව ඇන්තනී ඇල්බනීසි පැවසීය.
Supplied Twitter
Anthony Albanese's tweet responding the call for federal election Source: SBS News
ඔස්ට්‍රේලියානුවන් සඳහා "වඩාත් යහපත් ජීවිතයක්" ගොඩනගා ගැනීමට ඔහුව පොලඹවන අත්දැකීමක් වූ, තනි මවකගේ පුතෙකු ලෙස පොදු නිවාසවල හැදී වැඩුණු ඔහුගේම ජීවිත කථාවේ අවස්ථා කිහිපයක් ද ඇල්බනීසි මහතා සිය කථාව අතරතුර බෙදා ගත්තේය.

"මම ඩොලරයක වටිනාකම දන්නවා, ඔරොත්තු දීමේ හැකියාවේ වැදගත්කම මම දන්නවා. ඒ වගේම, ජන ජීවිතයට වෙනසක් කිරීමට අවශ්‍ය, ප්‍රජාවේ ශක්තිය සහ රජයේ බලය ගැනත් මම දන්නවා. විපත්ති මැඩගෙන, මගේ මව යහපත් ජීවිතයක් ගොඩනැගීමේ සිහින දුටුවා. ඒ අත්දැකීමයි මා දේශපාලනයට ගෙන ගියේ. එයයි මා මෙහෙයවන්නේ. එය මෙම සුවිශේෂ රට පිළිබඳ මගේ සුබවාදී හැඟීම් පෝෂණය කරනවා" යැයි ඇල්බනීසි මහතා පැවසුවේය.
2019 වසරේ පරාජයෙන් බිල් ශෝර්ටන් ඉල්ලා අස්වීමෙන් පසු විපක්ෂයට නායකත්වය දුන් ඇල්බනීසි මහතා, ජාතියේ 47 වැනි පාර්ලිමේන්තුව සඳහා ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති වීමට බලාපොරොත්තු වේ.
නිල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වූ 2021 ජූනි මාසයේ සිට ප්‍රධාන පක්ෂ දෙකේ මනාප වලින් සියයට 55ක මනාප ලබා ගනිමින් කම්කරු පක්ෂය අඛණ්ඩව ඡන්ද විමසීම්වල ඉදිරියෙන් සිටී.
How the 151 seats of the lower house are divided ahead of the 2022 federal election. Source: SBS
How the 151 seats of the lower house are divided ahead of the 2022 federal election. Source: SBS Source: SBS
ඕස්ට්‍රේලියානුවන් දැඩි අභියෝගවලට මුහුණ දෙන බවත්, ඔවුන් මැතිවරණයට යන විට “දේශපාලනයෙන් වෙහෙසට පත්ව සිටින” බව තමා දන්නා බවත් ඉරිදා දිනයේදී, සති හයක මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරමින් මොරිසන් මහතා පැවසුවේය.

“ඕස්ට්‍රේලියානුවන් ඉතා දුෂ්කර කාලයකට මුහුණ දී ඇති බව මම දන්නවා. ඉදිරි වසරවලදී ඕස්ට්‍රේලියාව ඉතා දැඩි අභියෝගවලට මුහුණ දෙන බවත් මම දන්නවා. ඉදිරියේදී තවම අවිනිශ්චිත භාවයක් තියෙනවා. මට ඒක තේරෙනවා. මේ මැතිවරණයට යනකොට මිනිස්සුන්ට දේශපාලනය එපා වෙලා කියලා මට තේරෙනවා," යනුවෙන් ඔහු පැවසීය.

මෙවර මැතිවරණය යනු "ලෝකයට නායකත්වය දෙන ආර්ථික ප්‍රකෘතියක් සහ එය දුර්වල කරන කම්කරු විපක්ෂයක් අතර තේරීමක්" ලෙස නම් කරමින්, ආර්ථිකය කෙරෙහි ලිබරල් සන්ධානය අවධානය යොමු කරන බව අගමැතිවරයා නැවත නැවතත් අවධාරණය කළේය.

වාර්ගික අපවාද, හිරිහැර කිරීම්, අත්තනෝමතික හැසිරීම්, ගංවතුර අරමුදල් දේශපාලනීකරණය කිරීම සහ විශ්‍රාමිකයින්ට සහය නොමැති වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ ත්‍රාසජනක සතියක් මොරිසන් මහතා විඳදරා ගෙන ඇත.

ඇල්බනීසි මහතා ඉරිදා දිනයේදී ( 10 April) අගමැතිගේ සටන් ගැන සඳහන් කළේය.

"මේ ආණ්ඩුවට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කාලෙකට කලින් ආණ්ඩු කරන එක නවත්තපු එකයි. මම හිතන්නේ ඔස්ට්‍රේලියානුවන්ට ඕන කරන්නේ තමන්ගේ වැඩේ කරන ආණ්ඩුවක්. හැමදාම වෙන කෙනෙකුට බනින්නේ නැති, වගකීම් බාර ගන්න ආණ්ඩුවක්," ‍යනුවෙන් ඔහු පැවසීය.

ඔහුගේ ඉදිරිපෙළේ සිටින සියලු දෙනාම තම තනතුරුවල රැඳී සිටිනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඇල්බනීසි මහතා පැවසූ අතර, Greg Hunt වෙනුවට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන්නේ කවුරුන් දැයි හෙළි නොකිරීම සහ අධ්‍යාපන අමාත්‍ය Alan Tudge දෙසැම්බර් මාසයේ පැත්තකට වී සිටියද ඔහු කැබිනට් මණ්ඩලයේම තබා ගැනීම සම්බන්ධයෙන් ද චෝදනා කළේය.

"අපිට පේනවා ලිබරල් පක්ෂයේ නායකත්ව වෙනස්වීම්, National පක්ෂය ඇතුළේ, ඇමැතිකම් වෙනස්වීම් රාශියක්. අපිට ඉන්නවා ඉවත් වූ ඇමැතිවරු. නමුත් පෙනෙන විදිහට තවමත් කැබිනට් ඇමැතිවරයෙක්. අපි මීට වඩා හොඳට කරන්න ඕන." යනුවෙන් ඇල්බනීසි මහතා පැවසුවේය. "මම ප්‍රචාරක කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා... ශ්‍රේෂ්ඨ රමෝන්ස්ගේ වචන වලින්, hey ho, let's go" යනුවෙන් පවසමින් ඔහු සිය කථාව අවසන් කළේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න. 


කම්කරු ඇමතිවරුන් සහ Greens පක්ෂය මැතිවරණය සඳහා කැඳවීම සාදරයෙන් පිළිගනී

කම්කරු පක්ෂයේ සෙසු ඇමතිවරු සහ Greens පක්ෂය ඉරිදා දින මැතිවරණ කැඳවීම පිළිගත්හ.
මධ්‍යම රජයේ භාණ්ඩාගාරික තනතුර සඳහා වන විපක්ෂයේ නියෝජිත Jim Chalmers ගේ ප්‍රතිචාරය වූයේ "අපි මේක කරමු!" යන්නයි.
"අපි මෙය කරමු! ෆෙඩරල් මැතිවරණය දැන් මැයි 21 වෙනිදාට කැඳවා ඇත. අපගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ අපේ රටට වඩාත් යහපත් අනාගතයක් සඳහා අපි ඔබගේ සහාය පතන්නෙමු," ඔහු ට්වීට් ගිණුමේ සඳහන් කළේය.

සෙනෙට් සභාවේ නියෝජ්‍ය විපක්ෂ නායිකා Kristina Keneally ඉරිදා දිනයේදී, ට්විටර් මාධ්‍ය ඔස්සේ කම්කරු පක්ෂයේ ප්‍රතිඥාව නැවත අවධාරණය කිරීමට අවස්ථාව ලබා ගත්තාය.

" මැතිවරණය මැයි 21 වෙනිදාට කැඳවා ඇත. මෙය වඩා හොඳ Medicare සඳහා කාලයයි. මෙය වඩා හොඳ Agedcare සඳහා කාලයයි. මෙය වඩා හොඳ Childcare සඳහා කාලයයි. මෙය ඇල්බනීසි කම්කරු රජයක් සඳහා කාලයයි," ඇය පැවසුවාය.
It's on Federal election
Federal Election Source: SBS
Greens පක්ෂයේ නායක Adam Bandt මැතිවරණ කැඳවීමට ප්‍රතිචාර දැක්වූයේ "Let's go" යනුවෙනි.

Income support payments වැඩි කිරීමේ ඉල්ලීම් කෙරෙහි තම පක්ෂයේ අවධානය යොමු කරන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.



Share
Published 10 April 2022 6:28pm
Updated 10 April 2022 6:54pm
By Athini Amarasiri
Source: SBS News

Share this with family and friends