අයවැය පිළිතුරු කතාව - මොරිසන් ආණ්ඩුවෙන් කඩාවැටුණු Aged Care ක්ෂේස්ත්‍රය නංවන්න විපක්ෂයෙන් යෝජනා (SBS සිංහල/වාර්තා)

2022/23 අයවැය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විපක්ෂයේ මතය සහ යෝජනා පිළිබඳව මෙම ලිපියෙන් දැක්වෙයි.

Federal Opposition Leader Anthony Albanese delivers his Budget Reply Speech in the House of Representatives of Parliament House in Canberra, Thursday, March 31, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Federal Opposition Leader Anthony Albanese delivers his Budget Reply Speech in the House of Representatives of Parliament House in Canberra Source: AAP

ඔස්ට්‍රේලියාවේ 2022/23 මුල්‍ය වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය පසුගිය අඟහරුවාදා (29/03) පස්වරුවේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් ඉදිරිපත් කරන ලදී.

2022/23 අයවැය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විපක්ෂයේ මතය සහ යෝජනා සම්බන්ධයෙන් ලේබර් පක්ෂ නායක Anthony Albanese සිය අයවැය පිළිතුරු කතාවේදී සඳහන් කල කරුණු මෙම ලිපියෙන් දැක්වෙයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Aged Care ක්ෂේස්ත්‍රයේ අර්බුද විසඳීමට වැඩි අවධානයක්

Aged Care ක්ෂේස්ත්‍රයේ අර්බුද විසඳීමට ඩොලර් බිලියන 2.5 ක් වෙන් කෙරේ.

Aged Care ක්ෂේස්ත්‍රය සඳහා ආරක්ෂාව, අභිමානය, ගුණාත්මකභාවය සහ මානුෂීය බව නැවත ඇතුළත් කරනු ඇත.

Aged Care මධ්‍යස්ථාන සඳහා සතියේ දින 7ම පැය 24 පුරා පුහුණු හෙදියන් යෙදවීම සිදු කෙරේ.

මෙම ක්ෂේස්ත්‍රය මගින් ඉහල සේවාවක් ලබාදීමට එම ක්ෂේස්ත්‍රයේ සේවකයින් හට වැටුප් ඉහල දැමීම සිදු කිරීමට ලේබර් පක්ෂය බලාපොරොත්තු වේ.
වැඩිහිටි පුද්ගලයින් දිනකට අවම වශයෙන් විනාඩි 215 ක රැකවරණයක් ලැබිය යුතු බවට Aged care royal commissionහි නිර්දේශ ක්‍රියාවට නැංවීමෙන් රැකවරණයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කිරීම සිදුවේ.

Aged Care මධ්‍යස්ථාන වල සෑම නේවාසිකයකු හටම හොඳ ආහාර ලබා ගැනීම සහතික කිරීමට අනිවාර්ය පෝෂණ ප්‍රමිතීන් වර්ධනය කර ක්‍රියාත්මක කෙරේ.
An elderly women is seen walking into the entry of the Holy Spirit Nursing Home
An elderly women is seen walking into the entry of the Holy Spirit Nursing Home, Carseldine in Brisbane Source: AAP
Aged Care මධ්‍යස්ථාන වල වියදම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා සැපයීමට පහසුකම් ලබාදීමේ අරමුණින් Aged Care Quality and Safety Commissioner හට ඉහල බලතල ලබාදීම සිදු කෙරේ.

සංස්කෘතිකමය වශයෙන් විවිධ වූ පිරිස් සඳහා සුදුසු රැකවරණය ලබාදීමට ලේබර් පක්ෂය බහු සංස්කෘතික ප්‍රජා සමග කටයුතු කිරීම සිදු වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියනුවන්ගේ ජීවන වියදම කප්පාදු කිරීම සඳහා ලේබර් පක්ෂයේ අදහස් කරන අතර ඕස්ට්‍රේලියානුවන් හට වැටුප් ඉහල දැමීමක් අපේක්ෂා කරන බවද ලේබර් පක්ෂ නායක Anthony Albanese සිය අයවැය පිළිතුරු කතාවේදී සඳහන් කළේය.

එමෙන්ම අයවැය පිළිතුරු කතාව ඔස්සේ ඔහු වැඩිදුරටත් අවධාරණය කොට සිටියේ ඕස්ට්‍රේලියානුවන් හට උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට තමන් අපේක්ෂා කරන බවයි.

ශක්තිමත් ආර්ථිකයක් සඳහා ලේබර් පක්ෂයේ දැක්ම

ඕස්ට්‍රේලියාව යලි බලගැන්වීම සඳහා වන සැලසුම් මගින් ලාභ, පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම.

2030 වසර වන විට නව රැකියා 604,000ක් නිර්මාණය කිරීම.

නිවාස සහ ව්‍යාපාර සඳහා විදුලි බිල්පත් අඩු කිරීම.

ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කල හැකි සෑම දෙයක්ම ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කිරීම.

යහපත් ව්‍යාපාරික අදහස් මගින් කර්මාන්ත ඇරඹීම සඳහා ව්‍යාපාර සමග කටයුතු කිරීම.

මහාමාර්ග, දුම්රිය , වරාය සහ අධිවේගී broadband සේවා සඳහා ආයෝජනය කිරීම.

රැකියා සුරක්ෂිත බව සහ වැඩි පුහුණු අවස්ථා බිහි කිරීම.
Technical and Further Education system NSW Sydney Institute
Technical and Further Education system NSW Sydney Institute Source: AAP
වැඩි විශ්ව විද්‍යාල සහ ගාස්තු රහිත TAFE ආයතන 465,000ක් බිහි කිරීම.

රැකියා සහ නිපුණතා සහිත සේවකයින් බිහි කිරීම.

ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ ආර්ථික වර්ධනය සඳහා ලාභදායී ළමා රැකවරණයක් සැලසුම් කිරීම.

මැතිවරණ ව්‍යාපාරය සඳහා ලේබර් පක්ෂයේ කැපවීම

අද සහ මැතිවරණ දිනය අතර කාලය තුලදී සඳහන් කිරීමට තවත් දේ ඇති බව විපක්ෂය අවධාරනය කොට සිටී.

2019 මැතිවරණයට පෙර එවකට ලේබර් පක්ෂ නායක Bill Shorten ඩොලර් බිලියන 2.3 ක සැලැස්මක් සමගින් Medicare සඳහා විශාල ආයෝජනයක් හඳුන්වා දීම සිදු කළේය.

නමුත් ඊට වඩා කුඩා න්‍යායපත්‍රයක් වත්මන් විපක්ෂ නායක Anthony Albanese ඉදිරිපත් කරයි.

Share
Published 31 March 2022 9:05pm
Updated 1 April 2022 8:29am
By Nipuna Dodangoda
Source: SBS News

Share this with family and friends