මාර්තු 29 ගෙනෙන ඔස්ට්‍රේලියාවේ අය වැයෙන් First home buyers වැඩසටහන පුළුල් කිරීමට පියවර (SBS සිංහල/ වාර්තා)

මෙම Home Guarantee වැඩසටහන හරහා අදාළ උපකාර ලබාදෙන ප්‍රමාණය වසරකට 50,000ක් දක්වා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කෙරේ.

First home buyer

First home buyer Source: Getty

හෙට (29/03) ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් මධ්‍යම රජයේ Home Guarantee වැඩසටහන තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

තම පළමු නිවස මිලදී ගැනීමට සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට උපකාර කිරීම මෙහි මූලික අරමුණ වේ.


Highlights

  • First Home Guarantee යෝජනා ක්‍රමය යටතේ වසරකට 35,000කට පමණ ජූලි 1 වැනිදා සිට මෙම මුල්‍ය උපකාර ලබා ගත හැක.
  • 2% ක් වැනි කුඩා තැන්පතුවක් සහිත තනිකඩව වෙසෙන මාපියන් සඳහා Family Home Guarantee සඳහා මුල්‍ය උපකාර ලබාදෙන සංඛ්‍යාව සෑම වසරකම 5,000 දක්වා ඉහළ යනු ඇත.
  • නව Regional Home Guarantee යෝජනා ක්‍රමය හරහා තවත් පුද්ගලයින් 10,000 කට උපකාර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

Home Guarantee වැඩසටහන තවත් පුළුල් කෙරේ

මෙම Home Guarantee වැඩසටහන හරහා අදාළ උපකාර ලබාදෙන ප්‍රමාණය වසරකට 50,000ක් දක්වා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කෙරේ.

First Home Guarantee යෝජනා ක්‍රමය යටතේ වසරකට 35,000කට පමණ ජූලි 1 වැනිදා සිට මෙම මුල්‍ය උපකාර ලබා ගත හැක.

නව හෝ දැනට පවතින නිවසක් මිලදී ගැනීම සඳහා අවම වශයෙන් 5% ක තැන්පතුවක් සහිත පළමු නිවාස ගැනුම්කරුවන්ට සහාය වීමට ඉන් අදහස් කරයි.

මේ අතර 2% ක් වැනි කුඩා තැන්පතුවක් සහිත single parents හෙවත් තනිකඩව වෙසෙන මාපියන් සඳහා Family Home Guarantee සඳහා මුල්‍ය උපකාර ලබාදෙන සංඛ්‍යාව සෑම වසරකම 5,000 දක්වා ඉහළ යනු ඇත.
මේ අතර නව Regional Home Guarantee යෝජනා ක්‍රමය හරහා තවත් පුද්ගලයින් 10,000 කට උපකාර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල නව නිවසක් තැනීමට හෝ මිලදී ගැනීමට සූදනම් වන non-first home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නා  ගැනුම්කරුවන් නොවන පුද්ගලයින්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය.

මෙහිදී වාර්ෂික ආදායම් සීමාවන් ලෙස තනිකඩයන් සඳහා ඩොලර් 125,000 ක් ද යුවළ සඳහා ඩොලර් 200,000 ක් ද පවතිනු ඇත.
Australian Treasurer Josh Frydenberg poses for photograph outside the Treasury Department building in Canberra, Thursday, March 24, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING
Australian Treasurer Josh Frydenberg Source: AAP

දහසකුත් ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට රුකුලක්

මෙම යෝජනා ක්‍රමය පුළුල් කිරීම හරහා තවත් දහසකුත් ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට උපකාරී වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

පළමු නිවාසය මිලට ගන්නන්, අඩු තැන්පතුවක් සහිත තනිකඩව දිවිගෙවන මා පියන්, ප්‍රාදේශීය කලාපවල නිවාස මිලදී ගන්නන් සහ නිවාස තනන්නට යන පුද්ගලයින් වැනි විවිධ පරාසයක පුද්ගලයින්ට මේ හරහා සහන සැලසෙන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හෙට ඉදිරිපත් කෙරෙන අය වැයේදී ඉදිරි වසර 10 තුළ සිදු කෙරෙන යෝජනා ලෙස නව සහ පවතින යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා තවත් ඩොලර් බිලියන 17.9ක් වෙන් කෙරෙනු ඇත.

ඒ අනුව මෙම සමස්ත වැඩසටහන දැන් වාර්තාගත ඩොලර් බිලියන 120 ක් වනු ඇත.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ඔස්ට්‍රේලියනුවන් රට පුරා සංචරණය කරවමින් දහස් ගණන් රැකියා උත්පාදනය කිරීමට මධ්‍යම රජය මෙම ආයෝජන කරන බව අගමැති Scott Morrison පැවසීය.

මහා මාර්ග හා දුම්රිය ව්‍යාපෘති සඳහා වාර්තාගත ලෙස අනාගත අරමුදල් සැපයීම අඛණ්ඩව සිදු කිරීම ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීම සඳහා තම රජයේ දිගු කාලීන ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර ඔස්ට්‍රේලියාවට ධනය උත්පාදනය කරන කර්මාන්තවල වර්ධනයට හේතු වන ව්‍යාපෘති සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ආයෝජනය කරන බව නියෝජ්‍ය අගමැති Barnaby Joyce පැවසීය.

"වරාය වෙත වැඩි ප්‍රමාණයක් භාණ්ඩ ගෙන්වා ගැනීම සහ ඒවා පිටරට යැවීමෙන් වැඩි අපනයන ආදායමක් උත්පාදනය වන අතර ඒ හරහා ඔස්ට්‍රේලියාව  ධනවත් හා ශක්තිමත් වනු ඇති. වඩා හොඳ මාර්ග සහ යටිතල පහසුකම් ඊට මනා සහයක් සපයනු ඇති." යනුවෙන්ද ඔහු පැවසීය.



Share
Published 28 March 2022 6:04pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends