කොරෝනා නිසා අගතියට පත්ව සිටින ජාත්‍යන්තර සිසුන්ට වීසා සහන රැසක් සමග ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීම ඔස්ට්‍රේලියාව යළි අරඹයි (SBS සිංහල/ වාර්තා)

The number of people able to migrate to Australia per year once borders reopen also hasn’t increased, with a cap of 160,000 set for 2021-22.

Yeni bütçede yıllık sürekli oturum hakkı veren vize sayısında 160 bin sınırı korundu. Source: Getty Images

ඔස්ට්‍රේලියාව, ජාත්‍යන්තර සිසුන් සඳහා ආකර්ශනීය ගමනාන්තයක් ලෙස සහතික කිරීම පිණිස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පියවර රාශියක් ප්‍රකාශයට පත් කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට පැමිණීම ඇනහිට තිබේ.
International students
Source: Getty Images/Klaus Vedfelt

ජාත්‍යන්තර සිසුන් ට නැවතත් ඔස්ට්‍රේලියාව විවෘත කෙරේ

ඔස්ට්‍රේලියාවෙන් පිටත රටවල සිට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා යොමු කරන ලද ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීම ඔස්ට්‍රේලියාව යළි අරඹා තිබේ.

මේ වන විට වසා දමා ඇති ඔස්ට්‍රේලියානු දේශ සීමා යලි විවෘත කළ පසුව නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණය වැඩි කරගැනීමේ අරමුණින් මෙම කටයුත්ත යළි අරඹා ඇත.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

මේ අතර කොරෝනා වසංගතය පහව ගිය පසු ඇතැම් ජාත්‍යන්තර සිසුන් ආපසු නොඑනු ඇතැයි යන සිතිවිල්ල මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් තබා ගැනීම අරමුණු කරගත් ක්‍රියාමාර්ග පහක වැඩ පිළිවෙලක් මධ්‍යම රජය අද (20/07) ප්‍රකාශයට පත් කළේය.
International students
Source: AAP

ප්‍රකාශයට පත් ක්‍රියාමාර්ග පහ

01. කොරෝනා වසංගතය හේතුවෙන් තම ඔරිජිනල් ශිෂ්‍ය වීසා එක යටතේ තම අධ්‍යන කටයුතු අවසන් කිරීමට නොහැකිවන/ නොහැකිවූ ජාත්‍යන්තර සිසුන්ට තවත් ශිෂ්‍ය වීසා එකකට නොමිලේ අයදුම් කිරීමට හැකියාව ලැබේ.

02. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය සනාථ කරන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ වල ප්‍රතිඵල සැපයීමට අවශ්‍ය සිසුන් හට අමතර කාලයක් ලබා දීම.

03. මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමග අධ්‍යන කටයුතු සිදු කරන සිසුන්ට එම කාලය ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලැබූ බවට සලකා post-study work වීසා (Sub Class 485) එකට අයදුම් කිරීමට සුදුසුකම් ලබා දීම.
04. කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවී සිටින සිසුන් හට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටම තම පාඨ මාලාව අවසන් කිරීමන් පසු පිරිනමන post-study work වීසා (Sub Class 485) එකට අයදුම් කිරීමට අවස්ථාව ලබා දීම.

05. ඔස්ට්‍රේලියාවෙන් පිටත රටවල සිට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා යොමු කරන ලද ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීම යළි ඇරඹීම.
International students in Australia
Source: AAP

ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයට තල්ලුවක්

ඉහත සඳහන් පියවර හරහා ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයට (international education) විශාල සහයක් ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ  ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පැවසීය.

ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය යනු ඔස්ට්‍රේලියාවේ සිව්වන විශාලතම අපනයන අංශය වේ.

මේ ක්‍රියාමාර්ග හරහා ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් නොව බොහෝ දේශීය ප්‍රජාවන්ට හා නවාතැන් පහසුකම් සපයන සේවා, සංචාරක, hospitality සහ සිල්ලර වැනි  බොහෝ ව්‍යාපාර වලට ද සහයක් වන බව ඔහු පැවසීය.

වාර්ෂිකව ඩොලර් බිලියන 40 ක ආදායමක් ඔස්ට්‍රේලියාවට  ලබා දීමට ජාත්‍යන්තර සිසුන් දායක වේ.

එමෙන්ම ඒ හරහා ඔස්ට්‍රේලියාව තුළ රැකියා 25,000 ක පමණ ප්‍රමාණයක් නඩත්තු වේ.

රැකියා සඳහා උපකාරයක් වනවා සේම ජාත්‍යන්තර අධ්‍යපාන ක්ෂේත්‍රය හරහා ලෝකයේ අනෙක් රටවල් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් සෞඛ්‍ය, වැඩිහිටි හා ආබාධිත සුරැකුම් වැනි ඉතා වැදගත් ක්ෂේත්‍ර වලට බොහෝ උපකාර ලබා ගැනීමට හැකි බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පැවසීය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 20 July 2020 5:38pm
Updated 7 September 2020 11:12am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends