ඔස්ට්‍රේලියානුවන් තමන් පිළිබඳව දත යුතු කරුණු 3 ක් පිළිබඳ ජාත්‍යන්තර සිසුහු අදහස් දක්වති (SBS සිංහල/ වාර්තා)

International students in Australia.

Source: Getty Images/katleho Seisa

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පීඩාවට පත් කොටස් අතරේ ජාත්‍යන්තර සිසුන්ට ප්‍රධාන ස්ථානයක් හිමිවේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කිසිදු සුබ සාධන දීමනාවක් ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් ලබා නොදීමට තීරණය කෙරුණු නමුත් ඔවුන්ගේ අසීරු තත්ත්වය අවබෝධ කරගත් ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් විවිධ වූ ආර්ථික සහන දීමනා ලබා දෙන්නට විය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

මේ අතර චීන සම්භවයක් සහිත පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාව තුළ විවිධ වර්ගවාදී හිංසනයන්ට මුහුණ දීමට සිදුවන බව පවසමින් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාව තෝරාගැනීමේදී ප්‍රවේශම් වන ලෙස චීන සිසුන්ට චීන අධ්‍යාපන අමාත්‍යංශය අනතුරු ඇඟවීම් දෙකක් සිදු කළේය.

එමෙන්ම දේශ සීමා වසා දැමීම හා ජාත්‍යන්තර සිසුන් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දක්වන ආකල්ප හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ගේ සංඛ්‍යාව අඩුවේ යයි ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට බියක් හටගනිමින් පවතී.

ඒ සමගම ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට සහ ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් මේ හරහා සිදුවෙතැයි ද ගණන් බලා තිබේ.
International students in Australia
Source: AAP

ජාත්‍යන්තර සිසුන් පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් දත යුතු කරුණු 3 ක්

ඉහත සිදුවීම් මත ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් පිළිබඳ විශාල කතා බහක් මේ වන විට ඇතිවී ඇත.

ඒ අතරේ ජාත්‍යන්තර සිසුන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගනිමින් ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ කලා සහ සමාජ විද්‍යාව පිළිබඳ විද්‍යාලයේ ගෞරව කථිකාචාර්යවරියක් වන Angela Lehmann සමීක්ෂණයක් සිදු කළාය.

එහිදී ජාත්‍යන්තර සිසුන් පිළිබඳ ඔස්ට්‍රේලියානුවන් දත යුතු ප්‍රධාන කරුණු 3 ක් පිළිබඳ අනාවරණය වූ බව ඇය පැහැදිලි කළාය.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


01. ඔස්ට්‍රේලියානුවන් විසින් ජාත්‍යන්තර සිසුන්ව පෙරටත් වඩා අධිකව පිළිගත යුතුය

කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව යථා තත්ත්වයට පත්වීමේදී ඔස්ට්‍රේලියාව පිළිබඳ ජාත්‍යන්තර සිසුන් ගේ ඍණාත්මක අත්දැකීම් ඉතා භයානක බව මෙහිදී හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබීමට සහ ජාත්‍යන්තර ගුවන් සේවා සීමා කිරීමට වඩා එය භයානක බව ඇන්ජලා පවසයි.

මෙම සමීක්ෂණයේදී තමන් කතා බහ කළ ජාත්‍යන්තර සිසුන්ට විවිධ වූ වෙනස්කොට සැලකීම් වලට මුහුණ දීමට සිදුවී ඇති බවද ඇය පැවසුවාය.

තමන් පැමිණි රටටම යන ලෙස (go back to your country) ඉතා සාහසික ප්‍රකාශයක් තමන්ට අත්දකින්නට ලැබුණු බව පේරු රාජ්‍යයේ සිට පැමිණි එක් ජාත්‍යන්තර සිසුවෙකු මෙහිදී පැවසුවේය.

ඒ අතරේ මේ දිනවල අර්ධ කාලීන රැකියා පවා ලබා දෙන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් බවත් එනිසා තමන්ට ජීව දත්ත පතක් හෝ (CV) රැගෙන නොඑන ලෙස පැවසූ බව ඉන්දීය ජාතික ජාත්‍යන්තර සිසුවෙකු පැවසීය.
කොරෝනා වසංගතයත් සමග ආර්ථිකව දුර්වල වී  ජීවත් වීමට අපහසු ජාත්‍යන්තර සිසුන් ඇතුළු තාවකාලික වීසා ලාභීන්ට හැම මව් රටවලට යන ලෙස පසුගිය අප්‍රේල් 04 වන දින ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ගේ ප්‍රකාශය ද බොහෝ ජාත්‍යන්තර සිසුන්ට කම්පනයක් එක් කළ බව වාර්තා වේ.

මේ ප්‍රකාශයත් සමග තමන් ඔස්ට්‍රේලියානු සමාජයේ කොටසක් නොවන බව තමන්ට හැගී ගිය බව සමීක්ෂණයට සහභාගී වූ සෑම ජාත්‍යන්තර සිසුවෙකුම පැවසු බව ඇන්ජලා පැහැදිලි කළාය.

චීන සම්භවයක් සහිත සහ ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින්ට විරුද්ධව වර්ගවාදී ක්‍රියා උත්සන්න වෙමින් පවතින ආකාරයක් දක්නට ලැබෙන බව එක් ඉන්දීය ජාත්‍යන්තර සිසුවෙකු පැවසීය.

තමන්ගේ ජපන් ජාතික මිත්‍ර සිසුවියක් හට මහ මගදී  “filthy Asian”  ලෙස නොමනා අන්දමින් නිගරු කිරීමේ අත්දැකීමක් පිළිබඳ එම ඉන්දීය ජාත්‍යන්තර සිසුවා විස්තර කළේය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභීන්ගේ සංඛ්‍යාව කප්පාදු කර ඔස්ට්‍රේලියානුවන්ට වැඩි තැනක් ලබා දිය යුතු බවට කම්කරු පක්ෂයේ ආගමන කටයුතු පිළිබඳ නියෝජිතවරිය වන Kristina Kenneally ගේ ප්‍රකාශය පිළිබඳවද ජාත්‍යන්තර සිසුන් දැඩි අප්‍රසාදය පළ කර සිටී.

මේ සෑම ක්‍රියාවකින්ම පෙනී යන්නේ ඔස්ට්‍රේලියනුවන් ජාත්‍යන්තර සිසුන් ඇතුළු සංක්‍රමණික ප්‍රජාවට විරෝධය පළ කිරීමක් බවට බොහෝ ජාත්‍යන්තර සිසුන් සිතයි.

02. ඔස්ට්‍රේලියානු සමාජයට ජාත්‍යන්තර සිසුන් බද්ධ වී ඇත

සංචාරකයින් සහ ස්වේච්ඡා සේවකයින් ලෙස තමන් ඔස්ට්‍රේලියානු සමාජයට විවිධාකාරයෙන් දායක වී ඇති බවට ජාත්‍යන්තර සිසුන් සිතන බව මෙම සමීක්ෂණයේදී හෙළිවූ බව ඇන්ජලා පෙන්වා දුන්නාය.

ඔස්ට්‍රේලියාව සහ තමන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන නගරය ජාත්‍යන්තරයට ප්‍රවර්ධනය කිරීමේදී බොහෝ ජාත්‍යන්තර සිසුන් ක්‍රියාකාරී ලෙස දායක වන බව ඇය පැවසුවාය.
එහිදී ජාත්‍යන්තර සිසුන් ගේ පණිවිඩ සහ ප්‍රකාශ වලට ජාත්‍යන්තරය තුළ වැඩි බරක් ලැබෙන බවද ඇය පැහැදිලි කළාය.
International students
Source: AAP

03. පැහැදිලි ප්‍රතිපත්තියක් මගින් ජාත්‍යන්තර සිසුන්ට සහය දක්වන බවට ඔස්ට්‍රේලියානු රජය සංඥාවක් දිය යුතුය

ඔස්ට්‍රේලියාව තුළ ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රයෝජනවත් භූමිකාව අගය කිරීමට සහ තමන්ගේ දායකත්වයට සහය දැක්වීම පිණිස පැහැදිලි ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ජාත්‍යන්තර සිසුන් පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට සිසුන්ට ඇතුළු වීමට ඉඩ නොදෙන අතර සියලු අධ්‍යන කටයුතු Online ක්‍රමයට සිදු කෙරේ.
මෙහිදී Online ක්‍රමයට අධ්‍යාපනය ලැබීම නිසා ඔස්ට්‍රේලියානු උපාධියකින් හෝ ඩිප්ලෝමාවකින් පසුව ජාත්‍යන්තර සිසුන්ට අයදුම් කළ හැකි Temporary Graduate Visa හෙවත් 485 වීසා සඳහා අයදුම් කිරීමට ඉඩ නොලැබෙනු ඇතිදැයි ජාත්‍යන්තර සිසුන් තුළ බියක් පවතී.

මන්ද එම වීසාව ලබා ගැනීමේදී අදාළ ජාත්‍යන්තර සිසුවා පූර්ණ කාලීන ලෙස විශ්ව විද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබිය යුතු වෙයි.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 16 June 2020 9:35am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends