ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සහයකයා ලෙස හා පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තෝරාගෙන තිබේ.
2010 - 2014 අතර කාලයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරුවා ලෙස ද හතුරුසිංහ මහතා සේවය කර තිබුණි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරයට Cricket Australia pathways පුහුණුකරු Chris Rogers සහ බටහිර ඉන්දීය කොදෙව් හි සහකාර පුහුණුකරු Toby Radford ද අයදුම් කර තිබූ බව සඳහන්.
එංගලන්තයේ මයිකල් යාර්ඩි 2019 දී අත්සන් කළ වසර දෙකක ගිවිසුමේ අඩක් ගෙවා දමමින් සිටින විට සිය පවුලේ හේතූන් මත ආපසු එංගලන්තයට ගිය පසු නව පිතිකරණ පුහුණුකරුවෙකු සොයා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අවශ්‍ය විය.
ඒ අනුව චන්දික හතුරුසිංහ මහතාව එම ධුරයට තෝරාගෙන තිබේ.