ඔස්ට්‍රේලියාව සන්නද්ධ වීම අරඹයි, දිගු දුර මිසයිල සහ න්‍යෂ්ටික සබ්මැරීනවලට ඩොලර් බිලයන 3.5 ක ඇණවුමක් (SBS සිංහල/ වාර්තා)

ඩොලර් බිලියන 3.5 ක පැකේජයක් යටතේ ඔස්ට්‍රේලියාවට මෙම නව දිගු දුර ප්‍රහාරක මිසයිල ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක සමාගම් වන Raytheon සහ Lockheed Martin වලින් මිලදී ගැනීමට නියමිතය.

Australia announces fast-tracked $3.5bn missile package amid Indo-Pacific concerns

Australia announces fast-tracked $3.5bn missile package amid Indo-Pacific concerns Source: AAP

ඔස්ට්‍රේලියානු ප්‍රහාරක ජෙට් යානා සහ නාවික යාත්‍රා නියමිත කාලයට වඩා වසර ගණනාවකට පෙර නව දිගු දුර ප්‍රහාරක මිසයිල වලින් සන්නද්ධ වනු ඇති බව වාර්තා වේ.

මේ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය Peter Dutton නිවේදනය කළේය.


Highlights

  • මෙම මිසයිලවලින් කිලෝමීටර් 900ක් ඈතින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකිය.
  • නියමිත කාලයට වසර තුනකට පෙර ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට සහ නියමිත කාලයට වඩා වසර පහකට පෙර ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට මෙම මිසයිල පැමිණෙන බව වාර්තා වේ.
  • න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන වසර 2030 අගවන විට ඔස්ට්‍රේලියාවට ලැබෙනු ඇතැයිද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට නව දිගු දුර ප්‍රහාරක මිසයිල

ඩොලර් බිලියන 3.5 ක පැකේජයක් යටතේ ඔස්ට්‍රේලියාවට මෙම නව දිගු දුර ප්‍රහාරක මිසයිල ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක සමාගම් වන Raytheon සහ Lockheed Martin වලින් මිලදී ගැනීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවට එරෙහි ආක්‍රමණශීලී ක්‍රියාවන් වැලැක්වීම සඳහා ඒවා නියමිත කාලයට පෙර ගෙන්වා ගන්නා බව ආරක්ෂක අමාත්‍ය Peter Dutton පැවසීය.

"යුරෝපයේ සහ යුක්රේනයේ අප දුටු දෙයින් ලෝකය කම්පනයට පත් වී ඇති අතර එය වෙනත් රටවලට පැතිර නොයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා," යනුවෙන් ආරක්ෂක අමාත්‍ය Peter Dutton අද චැනල් Seven වෙත පැවසීය.

නමුත් ඉන්දු-පැසිෆික් කලාපයේ සිදුවෙමින් පවතින දේ ගැන අපි ඉතා කනස්සල්ලට පත්ව සිටින අතර ඒ සඳහා ඔස්ට්‍රේලියාව සූදානම් විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
මෙම මිසයිලවලින් කිලෝමීටර් 900ක් ඈතින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකිය.

නියමිත කාලයට වසර තුනකට පෙර ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට සහ නියමිත කාලයට වඩා වසර පහකට පෙර ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට මෙම මිසයිල පැමිණෙන බව වාර්තා වේ.

ඊට අමතරව අධි තාක්ෂණික මුහුදු බිම් බෝම්බ ද නියමිත කාලයට වසර තුනකට පෙර ඔස්ට්‍රේලියාවට ලැබෙනු ඇත.
Opposition leader Peter Dutton
Australia Defence Minister Peter Dutton Source: AAP Image/ Darren Pateman

ඉදිරියේදී ඔස්ට්‍රේලියාවත් මිසයිල නිෂ්පාදනයට

ඔස්ට්‍රේලියාව මධ්‍ය කාලීන සැලසුම් යටතේ මිසයිල නිෂ්පාදනය කිරීමට සූදානම් වන නමුත් කෙටි කාලීන සැලසුම් යටතේ මෙලෙස අමෙරිකාවෙන් මිසයිල මිලදී ගැනීමට පියවර ගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය Peter Dutton නිවේදනය කළේය.

මිසයිල නිෂ්පාදනය කරන කර්මාන්තය ඔස්ට්‍රේලියාව තුළ හැකි ඉක්මණින් ස්ථාපනය කරන බවද ඔහු අවධාරණය කළේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න. 


 

මේ අතර ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන මුලින් සිතුවාට වඩා සැලකිය යුතු ලෙස කලින් ලබාගත හැකි බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය Peter Dutton පැවසීය.

වසර 2040 වන විට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාදෙන බවට කලින් යෝජනා කර තිබුණු නමුත් ඒවා 2030 අග වන විට ඔස්ට්‍රේලියාවට ලැබෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.



Share
Published 5 April 2022 12:27pm
Updated 5 April 2022 12:30pm
By Madhura Seneviratne

Share this with family and friends