රුසියානු - යුක්රේන යුද්ධය මැද ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ආරක්ෂාවට සම්මතවූ නවතම නීතිය (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක නීති සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සතියේ මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත විය.

A general view of Parliament House in Canberra, Thursday, August 12, 2021. The Federal Parliament has been closed to the public and functioning with building access limited to essential business. (AAP Image/Lukas Coch) NO ARCHIVING

A general view of Parliament House in Canberra Source: AAP

ඔස්ට්‍රේලියානුවාසීන්ට සුරක්ෂිතව ජීවත් වීමට පරිසරය සලසා දීම පිණිස පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී නව නීතියක් සම්මත විය.

ඔස්ට්‍රේලියාවේ බුද්ධි අංශවලට ත්‍රස්තවාදී තර්ජනවලට වඩා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට සහ විදේශයන්හි කරදරවලට ලක්වන ඔස්ට්‍රේලියානුවන්ට හදිසි ආධාර ලබාදීම වැඩිදියුණු කිරීමට එය උපකාරී වනු ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක නීති සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සතියේ මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත විය.
  • මෙම පනත් කෙටුම්පත පුද්ගල අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කිරීම සහ ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට මතුවන තර්ජනවලින් ප්‍රජාව ආරක්ෂා කිරීම අතර නිවැරදි සමතුලිතතාවයක් ඇති කරයි.
  • සයිබර් සහ බුද්ධි හැකියාව ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඩොලර් බිලියන 9.9ක් ආයෝජනය කිරීමට සූදනම් වේ.

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ආරක්ෂාවට නව නීති

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක නීති සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සතියේ මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක ආයතන සඳහා වැඩි සහයෝගයක් ලබාදෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews පැවසුවාය.

පසුගිය සතියේ ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු අය වයෙන්ද ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක කටයුතු සඳහා සැලකිය යුතු මුල්‍ය ප්‍රතිපාදන  වෙන් කෙරුණි.

එහිදී සයිබර් සහ බුද්ධි හැකියාව ඉහළ නැංවීමට මධ්‍යම රජය විසින් ඩොලර් බිලියන 9.9ක් ආයෝජනය කරන අතර නීතිය බලාත්මක කිරීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා අමතර ඩොලර් මිලියන 280ක් ආයෝජනය කරන බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews පැවසුවාය.

"දිනෙන් දින පැතිරෙන මෙම ක්‍රියාකාරී පරිසරය සහ තාක්ෂණයේ වෙනස්කම් සමඟ අපගේ නීති අඛණ්ඩව ඉදිරියට යා යුතුයි." යනුවෙන්ද ඇය පැවසුවාය.
එහිදී ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ජීවීත ආරක්ෂා කිරීමට අවශ්‍ය ඔත්තු සේවා ආයතනවලට බලතල සහ හැකියාවන් ඇති බව ද ඇය අවධාරණය කළාය.

"ත්‍රස්තවාදී ක්‍රියා, සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා වේගයෙන් පරිණාමය විය හැකියි. ඉක්මනින් බුද්ධි අංශ වෙත තොරතුරු ගැනීම සහ එම හැකියාව ප්‍රහාරයක් සිදුවීම හෝ සාර්ථක ලෙස ව්‍යර්ථ කිරීම කිරීමට හේතු විය හැකියි." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews පැවසුවාය.

මිනිත්තු කිහිපයක් පවා එනම් ඕනෑම අනවශ්‍ය ප්‍රමාදයක් අනතුරේ ආසන්න අවදානමක් ඇති ඔස්ට්‍රේලියානුවෙකුට ආධාර සැපයීමට ඇති අවස්ථාව මගහැරීමක් ලෙස අදහස් විය හැකි බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews පැවසුවාය.
Home Affairs Minister Karen Andrews speaks to the media during a press conference at Parliament House in Canberra.
Home Affairs Minister Karen Andrews. Source: AAP

පුද්ගල අයිතිවාසිකම් සහ නිදහස සුරැකීම

මෙම පනත් කෙටුම්පත පුද්ගල අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කිරීම සහ ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට මතුවන තර්ජනවලින් ප්‍රජාව ආරක්ෂා කිරීම අතර නිවැරදි සමතුලිතතාවයක් ඇති කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Karen Andrews ප්‍රකාශ කළාය.

විෂයය භාර අමාත්‍යවරයාගේ සහ බුද්ධි හා ආරක්‍ෂක පරීක්‍ෂක ජනරාල්වරයාගේ අධීක්‍ෂණය උදෙසා සෑම විටම අදාළ මෙහෙයුම් වාර්තා කිරීමේ අවශ්‍යතා ද මීට ඇතුළත් කර තිබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න. 


අන්තර්ගත ප්‍රධාන අංග

  • විදේශයන්හි අවදානමක් ඇති ඔස්ට්‍රේලියානුවන්ට සහාය වීම සඳහා නව හදිසි අවසර ප්‍රතිපාදන ඇතුළත් ඔත්තු සේවා ආයතන සඳහා පැහැදිලි අමාත්‍යවරයාගේ බලය පැවරීම
  • ලැයිස්තුගතකර ඇති ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධ වී සිටින හෝ සම්බන්ධ වීමට ඉඩ ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විදේශීය ඔත්තු ඉදිරිපත් කිරීමට නියෝජිතායතන සඳහා අවසරය
  • ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ එකිනෙකා සමඟ සහ අනෙකුත් සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට විධිවිධාන ශක්තිමත් කිරීම
  • ඔස්ට්‍රේලියානුවන් සඳහා නියෝජිතායතනවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සම්බන්ධ විනිවිදභාවය වැඩි දියුණු කිරීම
  • නියෝජිතායතනවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සම්බන්ධ නීතිවල විෂය පථය පැහැදිලි කිරීම
  • රහස්‍යභාවය ආරක්ෂා කිරීම සම්බන්ධ නීති ප්‍රසිද්ධියේ තිබිය යුතු බවට ව්‍යවස්ථාදායක අවශ්‍යතාවයක් නිර්මාණය කිරීම
  • එම නීති සමාලෝචනය කිරීමට බුද්ධි හා ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ඒකාබද්ධ කමිටුවට ඉඩ දීම


Share
Published 4 April 2022 12:52pm
Updated 4 April 2022 12:55pm
By Madhura Seneviratne

Share this with family and friends