ඔස්ට්‍රේලියාවේ එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් තහනම් කිරීම ඇරඹෙයි. (SBS සිංහල/වාර්තා)

ban single-use plastics

Source: AAP

ප්ලාස්ටික් බීම බට සහ takeaway food containers ඇතුළු එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ බෑග් තහනම් කළ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ප්‍රධාන නගරය ලෙස Hobart නුවර වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ බෑග් තහනම් කිරීමට හෝබාර්ට් නුවර නගර සභාව මාර්තු මස මුලදී ඡන්දයෙන් සම්මත කරගත් බව සඳහන්.
ban single-use plastics
Source: AAP

Hobart නුවර ප්ලාස්ටික් තහනම

පෙට්‍රෝලියම් පදනම් කරගනිමින් නිපදවන ලද ප්ලාස්ටික් බඳුන්, කෝප්ප, කෝප්ප පියන්, බීම බට, ගෙදරදොරේ සහ මුළුතැන්ගෙයි ප්ලාස්ටික් භාණ්ඩ, සෝස් වර්ග සහ කුළු බදු වර්ග සඳහා භාවිතා කරන පැකට් වර්ග භාවිතාව තහනම් කිරීම මෙහිදී මූලික ඉලක්කය වී ඇත.

ඒ අනුව ඉහත භාණ්ඩ සඳහා මෙම තහනම බලාත්මක වන අතර එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දඩ පැනවීමටද කටයුතු යොදා තිබේ.

නමුත් මෙම සම්මත කරගත් නීතිය මේ වසර අග භාගය වන තෙක් හෝ ලබන වසර මුල භාගය වන තෙක් හෝ ක්‍රියාත්මක නොවන ඇතැයි වාර්තා වේ.
තවද මේ සඳහා මහජන අදහස් විමසීම පිණිස දින 21 ක කාලයක් ලබා දීමටද කටයුතු සම්පාදනය වෙමින් පවතී.

මෙම නීති හරහා පරිසර හිතකාමීත්වය වර්ධනය කෙරෙන බවත් එනිසාම හෝබාර්ට් නුවර සියලු ව්‍යාපාර මේ සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හෝබාර්ට් නගර සභික Bill Harvey පැවසුවේය.
ban single use plastic
Source: AAP

ප්ලාස්ටික් බෑග් තහනම නිසා ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් බෑග් භාවිතය 80% කින් පහළ යයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළෙඳ සැල් ජාලා ද්විත්වය එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් බෑග් තම පාරිභෝගිකයින්ට ලබා දීම තහනම් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පරිසරයට බිලියන 1.5 ක් පමණ ප්ලාස්ටික් බෑග් ප්‍රමාණයක් එකතුවීම වළක්වා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මෙම වැඩපිළිවෙල ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ද අනුගමනය කරනු ඇතැයි රජය විශ්වාස කරයි.

2018 ජුනි මස 20 වන දින සිට ඔස්ට්‍රේලියාව පුරාම පිහිටි Woolworths ශාඛා වල එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෑග් ලබා දීම තහනම් කෙරුණු අතර 2018 ජුනි 30 වන දින සිට Coles සුපිරි වෙළෙඳ සැල්ද එම තහනම ක්‍රියාත්මක කළේය.
ඊට අමතරව මෙම වසර අවසානය වන විට ඔස්ට්‍රේලියාව පුරාම පිහිටි Woolworths ශාඛා වල ප්ලාස්ටික් බට ද තහනම් කිරීමට යන අතර එළවලු සහ පලතුරු ඇතුළත් නිෂ්පාදන 80 ක පමණ ප්ලාස්ටික් ඇසුරුම් ද ඉවත් කිරීමට ඔවුන් සූදානම් වේ.

එමෙන්ම එළවලු සහ පලතුරු වල ප්ලාස්ටික් ඇසුරුම් ද මස් සහ කුකුළු මස් ඇසිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් යොදා ගැනීමටද Coles සුපිරි වෙළෙඳ සැල් අපේක්ෂා කරයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළෙඳ සැල් ජාලා ද්විත්වයේ මෙම ප්ලාස්ටික් බෑග් තහනම පනවා මාස 3ක් ගතවූ තැන එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෑග් භාවිතය 80% කින් පමණ ප්‍රතිශතයකින් සමස්ත ඔස්ට්‍රෙලියාවේම අඩුවී ඇති බව National Retail Association සිදුකළ නවතම සමීක්ෂණයෙන් සනාථ වී තිබේ.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


 

 


Share
Published 12 March 2019 11:39pm
Updated 12 March 2019 11:41pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends