ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා විදෙස් ශ්‍රමිකයින්ට පනවා තිබූ වීසා නීති ලිහිල් කෙරෙයි.

Australia Government has relaxed Visa rules have been relaxed to make it easier for farmers to hire skilled foreign workers

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ගොවිපොළ වල සේවය කිරීම සඳහා නිපුණතාව සහිත විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේදී පනවා තිබූ වීසා නීති ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මේ අනුව අදාළ විදෙස් සංක්‍රමණිකයින්ට වසර 4 ක රැකියා වීසාවක් හිමිවන නමුත් ඔවුන් කෘෂිකාර්මික හෝ සත්ත්ව පාලන ක්ෂේත්‍රයක රැකියාවක නිරත විය යුතු අතර නියම කරන ලද කලාපයේ රැකියා කරමින් වාසය කළ යුතු වෙයි.

මේ අතර අනුග්‍රහය ලත් ක්‍රීඩකයින්ට සහ කලාකරුවන්ටද වසර 8 ක නව ඔස්ට්‍රේලියානු වීසා ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි News Corp Australia වාර්තා කරයි.

මෙම සියලු වීසා වෙනස්කම් පිළිබඳව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු අමාත්‍ය David Coleman අද (11/03) නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 11 March 2019 3:34pm
Updated 11 March 2019 3:36pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends