හෙට එළි දක්වන ඔස්ට්‍රේලියාවේ මීළඟ අය වැයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව තුළ වාර්ෂික ආදයාම $66,667 ට අඩු පුද්ගලයින් හට tax offset සහනය ලැබෙනු ඇත.

Australian Federal Budget 2018/19

Source: AAP

ඔස්ට්‍රේලියාවේ 2018/19 මුදල් වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය හෙට (08/05) ඉදිරිපත් කිරීමට නියමිතය.

නමුත් මෙවර අය වැයේ ඇතැම් ප්‍රධාන කරුණු මේ වන විටත් මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර පහත දැක්වෙන්නේ ඒවායේ සාරාංශගත සටහනකි.

බදු කප්පාදු කිරීම්

මෙවර අය වැයේදී බදු කප්පාදු කිරීම් සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමීවන බවට මේ වන විට අනවරණය වී ඇතත් එහි නියම සංඛ්‍යා දත්ත තවමත් අනාවරණය වී නොමැත.

කෙසේවෙතත්, මේ වසර මුලදී ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් තම පක්ෂ කාර්යාලයේදී මේ සම්බන්ධව ඉඟියක් පළ කළ අතර ඔහු කියා සිටියේ "more money into the pockets of hard-working Australian families" යනුවෙනි.

ඒ අනුව අඩු සහ මධ්‍යම ආදායම් ලබන පවුල් සඳහා මෙවර අය වැයෙන් ආදායම් බදු සහන හිමිවීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

The Australian පුවත් පතට අනුව මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ වාර්ෂික ආදයාම $66,667 ට අඩු පුද්ගලයින් හට මෙම tax offset සහනය ලැබෙනු ඇත.
Australian Federal Budget 2018/19
Source: AAP

ලාභ සහ අතිරික්ත

ඔස්ට්‍රේලියාවේ අය වැය 2020/21 වන විට සමතුලිත මට්ටමකට ගෙන ඒමට හැකි බව ඔස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison පවසන බව ABC පුවත් සේවය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට මෑතකදී ලද ආදායම් ප්‍රමාණය ඉහළ අගයක් ගත් බැවින් එය ඉදිරි වසර සඳහා සාධනීයව යොදා ගත හැකි නමුත් එහි පූර්ණ ලාභයෙන් වැඩි කොටසක් ආදායම් බදු සහන සඳහා යෙදවීමට සිදුවන බවද සඳහන්.
Australian Federal Budget 2018/19
Source: Australia Treasury

යටිතල පහසුකම්

හෙට එළි දැක්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මීළඟ අය වැයේ දී මාර්ග ඉදිකිරීම් හා සංවර්ධනය කිරීම්, දුම්රිය ව්‍යාපෘති ඉදි කිරීම් සඳහා ප්‍රධාන ස්ථානයක් හිමිව ඇත.

එහිදී මුදල් ප්‍රතිපාදන වෙන් කරන විශාලතම ව්‍යාපෘතිය ලෙස මෙල්බන් ගුවන් තොටුපොළ වෙතට දිව යන දුම්රිය ව්‍යාපෘතිය සටහන් වී තිබේ.

ඒ සඳහා ඩොලර් බිලියන 5 ක මුදලක් වෙන් කිරීමට රජය පොරොන්දු වී ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්) අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhalese
එමෙන්ම බ්‍රිස්බන් හා ගෝල්ඩ් කෝස්ට්  අතර දිව යන M1 මාර්ගයට තවත් අමතර මංතීරු එක් කිරීම සඳහා ඩොලර් බිලියනයක් වෙන් කිරීමටද රජය අපේක්ෂා කරන අතර Bruce Highway සඳහා ඩොලර් මිලියන 800 ක්ද  Sunshine Coast දුම්රිය පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 390 ක් ද මෙවර අය වැයෙන් වෙන් කිරීමට රජය සූදානම් වේ.

මීට අමතරව බටහිර ඔස්ට්‍රේලියාවේ Ellenbrook දුම්රිය මාර්ගය සඳහා ඩොලර් මිලියන 500 ක් සැපයීමට ද මේ වන විට රජය පොරොන්දු වී තිබේ.

ඇඩිලේඩ් නුවර නව මාර්ග ඉදි කිරීමට දකුණු ඔස්ට්‍රේලියානු රජයට ඩොලර් මිලියන 177 ක් ලැබීමට නියමිත අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Nowra  හි නව පාලමට තවත් ඩොලර් මිලියන 155 ක් සැපයෙනු ඇත.

Image

වැඩිහිටි සුරැකුම්

වැඩිහිටි සුරැකුම් සේවා ලබා ගැනීම සඳහා දිගු කාලයක් බල සිටීමේ කාලය අවම කිරීමට මෙවර අය වැයේදී අවධානය යොමු වනු ඇත.

ඒ අනුව මෙතෙක් කලක් වැඩිහිටි සුරැකුම් සේවා ලබා ගැනීම සඳහා දිගු කාලයක් බල සිටි 60,000 ක පිරිසකට ප්‍රමුඛත්වය ලබා දී ඔවුන් හට එම සේවා ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38 සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
එමෙන්ම, වැඩිහිටි සුරැකුම් ක්ෂේත්‍රයේ සේවයේ යෙදී සිටින පුද්ගලයින්ව මනාව පුහුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද මෙවර අය වැයෙන් වෙන් කිරීමට රජය අපේක්ෂා කරයි.
Australian Federal Budget 2018/19
Source: SBS

මහා බාධක කොරල් පරය

ලොව වෙසෙන විශාලතම ජීවියා ලෙස සැලකෙන මහා බාධක කොරල් පරය සංරක්ෂණය කිරීමට මෙවර අය වැයෙන් ඩොලර් මිලියන 500 ක් වෙන් කිරීමට මධ්‍යම රජය සූදානම් බව මීට සතියකට පෙර නිවේදනය කළේය.

මහා බාධක කොරල් පරය සංරක්ෂණය කිරීමේ දී ඉතිහාසයේ වාර්තාගත පිරිවැය මෙය බවද අගමැති ටර්න්බුල් පැවසීය.
Australian Federal Budget 2018/19
Source: AAP

මානසික සෞඛ්‍ය

ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ අරමුණින් මෙවර අය වැයේදී මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයටද සැලකිය යුතු මුදල් ප්‍රතිපාදන වෙන් කෙරේ.

ඔස්ට්‍රේලියාවේ සිය දිවි නසා ගැනීම් වැළක්වීම සහ මානසික සෞඛ්‍ය පිළිබඳ සිදු කළ පර්යේෂණ අරමුණු කරගනිමින් මෙම මුදල් වෙන් කළ බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

Image

අභ්‍යවකාශ කටයුතු

Australian Space Agency හෙවත් ඔස්ට්‍රේලියානු අභ්‍යවකාශ නියෝජිත ආයතනයක් පිහිටුවීමේ නිල නිවේදනය හෙට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයේදී සිදු කිරීමට නියමිතය.

ඒ සඳහා මූලිකව ඩොලර් මිලියන 50 ක් වෙන් කර තිබෙන අතර මෙහි නියමුවා ලෙස කටයුතු කරනුයේ Commonwealth Scientific and Industrial Research හි හිටපු ප්‍රධානී  Megan Clark ය.
Australian Federal Budget 2018/19
Source: CSIRO

බීර බදු

කුඩා පරිමානයේ බීර නිෂ්පාදකයින් හට සහනයක් සැලසීමට මෙන්ම බහු ජාතික බීර සමාගම් සමග ඔවුන්ට තරග කිරීමට අවස්ථාව සලසා දෙමින් සුළු පරිමාන බීර නිෂ්පාදකයින් සඳහා ද මෙවර අය වැයේදී සහන හිමිවනු ඇත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 7 May 2018 1:24pm
Updated 7 May 2018 2:24pm
By Madhura Seneviratne

Share this with family and friends