ප්ලාස්ටික් බෑග් භාවිතය සම්බන්ධව ලොව පවතින දරුණුම නීති මෙන්න. (SBS සිංහල/වාර්තා)

ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හෝ අඩක් තහනම් කිරීමට හෝ ඒ සම්බන්ධ බදු හෝ දඩ පැනවීමට ලොව රටවල් 40 කට අධික සංඛ්‍යාවක් මේ වන විට එකඟත්වය පළ කර තිබේ.

The strictest plastic bag laws around the world.

Source: AAP

කොම්පෝස්ට් පොහොර නිපදවීම පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර සතිය මැයි 01 සිට 07 දක්වා යෙදී තිබේ.

මෙහිදී පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර කරන්නේ කෙසේද යන්න සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම් සිදු කෙරේ.

අපද්‍රව්‍ය පිළිබඳ කතා කිරීමේදී ප්ලාස්ටික් බෑග් පිළිබඳවද අනිවාර්යෙන් කතා කළ යුතුව ඇත.

මන්ද එය මේ වන විට ලෝකයටම හිසරදයක් වී ඇති හෙයිනි.

ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හෝ අඩක් තහනම් කිරීමට හෝ ඒ සම්බන්ධ බදු හෝ දඩ පැනවීමට ලොව රටවල් 40 කට අධික සංඛ්‍යාවක් මේ වන විට එකඟත්වය පළ කර තිබේ.

ප්ලාස්ටික් බෑග් භාවිතය සම්බන්ධව ලෝකයේ  රටවල පවතින දරුණුම නීති පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

අප්‍රිකාව

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාවේ ප්ලාස්ටික් බෑග් භාවිතය දරුණු ලෙස සිදුවූ අතර එනිසාම එය පාලනය කිරීමට 2003 වසරේදී ප්ලාස්ටික් බෑග් භාවිතය සම්බන්ධයෙන් බරපතල දඩ සහ දඬුවම් නියම කෙරිණි.

ඒ අනුව අදාළ නීති උල්ලංඝනය කරන්නන් හට rand 100,000 ක් ($AUD11,000) හෝ දස වසරක සිර දඬුවමක් නියම කිරීමට රජය තීරණය කළේය.

කෙන්යාව

ප්ලාස්ටික් බෑග් සම්බන්ධ ලොව දරුණුම දඩය පනවා ඇත්තේ කෙන්යාව වීම විශේෂත්වයකි.

ප්ලාස්ටික් බෑග් නිපදවීම, අලෙවි කිරීම සහ භාවිතා කිරීම කෙන්යාව තුළ 2017 සිට සපුරා තහනම් කෙරුණු අතර එසේ සිදු කර වැරදිකරු වූ විට ඔස්ට්‍රේලියානු ඩොලර් 56,000 ක දඩයක් නියම කෙරේ.

කෙන්යාවේ වන සතුන් බේරා ගැනීමේ අරමුණින් මෙසේ දැඩි නීති ගෙන ඒමට එරට බලධාරීන් කටයුතු යොදා ඈත.

මේ අතර Mauritania, Ethiopia, Rwanda, Mali, Cameroon, Tanzania, Uganda, Ethiopia, Malawi, Morocco සහ Botswana යන අප්‍රිකානු රටවල්ද ප්ලාස්ටික් බෑග් භාවිතය සමබන්ධයෙන් විවිධ තහංචි, බදු පනවා ඇත.

The strictest plastic bag laws around the world.
Countries who have total or partial plastic bans implemented. (Countries using bag taxes not included). Data supplied by Reuters as of 2017. Source: SBS

ආසියාව

බංග්ලාදේශය

ප්ලාස්ටික් බෑග් භාවිතය තහනම් කළ ලොව ප්‍රථම රට ලෙස බංග්ලාදේශය හැඳින්විය හැකිය.

තම රටෙහි අපද්‍රව්‍ය පද්ධතිය මනාව පවත්වාගැනීමට සහ අනාගතයේදී ගංවතුර තර්ජන ඇති නොවීමට වග බලාගැනීමේ අරමුණින් ඔවුන් 2002 දී මේ තීරණය ගෙන තිබේ.

ඉන්දියාව

දිල්ලි, කර්ණාටක, ගෝවා සහ ගුජරාට් යන ප්‍රදේශ වල ප්ලාස්ටික් බෑග් භාවිතය අඩ වශයෙන් තහනම් කර තිබේ.

චීනය

2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලට පෙර සිට චීනයේ සෑම සාප්පුවකින්ම නොමිලයේ ප්ලාස්ටික් බෑග් ලබා දීම චීන රජය සපුරා තහනම් කළ අතර ඒ වෙනුවට රෙදි බෑග් හෝ කූඩ භාවිත කිරීමට පාරිභෝගිකයින්ව උනන්දු කරවීය.

මේ අතර ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඇමෙරිකාව වැනි රටවලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය ද චීනය විසින් 2018 වසරේ මුල සිට නවත්වා ඇත.

මියන්මාරය

මියන්මාරයේ විශාලතම නගරය වන Yangon හි අධි ඝනත්වයකින් යුත් ප්ලාස්ටික් බෑග් 2011 සිට තහනම් කළ අතර එම කර්මාන්ත ශාලා වසා නොදැමුවහොත් නීතිමය පියවර ගන්නා බවටද රජය අනතුරු අඟවා තිබේ.

හොං කොං

2015 වසරේ සිට ප්ලාස්ටික් බෑග් භාවිත කරන පාරිභෝගිකයින්ගෙන් HKD0.50 හෙවත් ඔස්ට්‍රේලියානු ඩොලර් 0.08 ක් අය කර ගැනීමට රජය සාප්පු හිමියන්ට උපදෙස් දුන්නේය.

ඉන්දුනීසියාව

ප්ලාස්ටික් බෑග් භාවිත කරන පාරිභෝගිකයින්ගෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 0.48 ක් අය කර ගැනීමට රජය සාප්පු හිමියන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ අතර Malaysia, Cambodia, Taiwan සහ Philippine යන රටවල්ද ප්ලාස්ටික් බෑග් භාවිතය සම්බන්ධව විවධ බදු පනවා ඇත.
The strictest plastic bag laws around the world.
Source: Getty Images

යුරෝපය

ඩෙන්මාර්කය

ප්ලාස්ටික් බෑග් භාවිතයට බදු පැනවීම ඇරඹු ප්‍රථම යුරෝපානු රට ලෙස ඩෙන්මාර්කය හැඳින්විය හැකිය.

එය 1993 වසරේදී පැනවූ අතර ප්ලාස්ටික් බෑග් භාවිතය වසරින් වසර අඩකින් පමණ අඩුවිය.

ප්‍රංශය

Disposable කෝප්ප සහ පිඟන් තහනම් කළ ලොව ප්‍රථම රට ලෙස ප්‍රංශය හැඳින්වේ.

අයර්ලන්තය

2002 වසරේ සිට ප්ලාස්ටික් බෑග් භාවිතය සඳහා අයර්ලන්තයේ බෑග් බද්දක් අය කිරීමට තීරණය කළේය.

මේ අතර England, Scotland, Wales, Belgium, Italy සහ Germany යන රටවලද ප්ලාස්ටික් බෑග් භාවිතය සම්බන්ධයෙන් බදු පනවා තිබේ.

The strictest plastic bag laws around the world.
Source: Getty Images

ඔස්ට්‍රේලියාව

ටස්මේනියාව

2003 වසරේදී එක්වරක් භාවිතා කෙරෙන ප්ලාස්ටික් බෑග් භාවිතය ටස්මෙනියාවේ Coles Bay නගරය තුළ තහනම් කිරීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව 2013 දී එය සමස්ත ප්‍රාන්තය පුරාවටම ක්‍රියාත්මක කළේය.

දකුණු ඔස්ට්‍රේලියාව

2009 දී දකුණු ඔස්ට්‍රේලියාව ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ අතර තහනම් කළ බෑග් බෙදා හැරියහොත් ඩොලර් 5000 ක්ද සාප්පු හිමියෙකු එම බෑග් ලබා දුනහොත් ඩොලර් 20,000 ක දඩයක් ද පනවා තිබේ.

The ACT and Northern Territory

2011 වසරේදී දකුණු ඕස්ට්‍රේලියාවේ පවතින නීතියට සමාන නීතියක් ACT සහ  Northern Territory හිදීද හඳුන්වා දෙනු ලැබීය.

වික්ටෝරියා

වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ප්ලාස්ටික් බෑග් භාවිතය හැකි ඉක්මණින් තහනම් කිරීමට නීති සම්පාදනය කරන බවට 2017 වසරේදී වික්ටෝරියානු ප්‍රාන්ත රජය පැවසුවේය.

ක්වීන්ස්ලන්තය සහ බටහිර ඔස්ට්‍රේලියාව

2018 වසරේදී ක්වීන්ස්ලන්තය සහ බටහිර ඔස්ට්‍රේලියාව තුළ ප්ලාස්ටික් බෑග් භාවිතය තහනම් කිරීමට කටයුතු යොදන බවට වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 4 May 2018 11:19pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends