උප නගර යා කරන නව අධිවේගී උමං දුම්රිය ව්‍යාපෘතියක් මෙල්බර්න් නුවරට. (SBS සිංහල/ වාර්තා)

Box Hill සිට මෙල්බර්න් ගුවන් තොටුපළට සහ Clayton හි Monash විශ්ව විද්‍යාලයේ සිට La Trobe විශ්ව විද්‍යාලයේ Bundoora විශ්වවිද්‍යාල භූමියට යාමට මේ මගින් මිනිත්තු 25 ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

high speed rail loop to Melbourne

Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ උප නගර යා කෙරෙන නව උමං දුම්රිය මාර්ග සැලැස්මක් පසුගිය දා වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් ඉදිරිපත් කරන ලදී.

ඩොලර් බිලියන 50 ක වටිනාකමකින් යුත් මෙම නව උමං දුම්රිය ව්‍යාපෘතිය මීළඟ වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයේ කම්කරු පක්ෂයේ ඡන්ද පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙල්බර්න් කලාපයේ කාර්යබහුල උප නගර කිහිපයක් එකිනෙකට යා කෙරෙන මෙම නව උමං දුම්රිය ව්‍යාපෘතිය මෙතෙක් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම ගමනාගමන ව්‍යාපෘතිය ලෙසද හැඳින්වේ.
high speed rail loop to Melbourne
Source: AAP

එකිනෙකට යා කෙරෙන මෙල්බර්න් උප නගර

මෙම නව උමං දුම්රිය ව්‍යාපෘතියට අනුව මෙල්බර්න් කලාපයේ Clayton, Glen Waverley, Doncaster සහ Box Hill යන උප නගර එකිනෙකට යා කෙරෙන අතර එම දුම්රිය මාර්ගය මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සම්බන්ධ වෙමින් Werribee දක්වා ගමන් කරනු ඇත.

මෙල්බර්න් කලාපයේ මේ වන විට එකම උමං දුම්රිය මග ලෙස ක්‍රියාත්මක වන්නේ "City Loop" උමං දුම්රිය මාර්ගය පමණක් වන අතර මේ වන විට ඉදිවෙමින් පවතින "Metro Tunnel" උමං දුම්රිය ව්‍යාපෘතිය දෙවැන්න ලෙස සැලකේ.
high speed rail loop to Melbourne
Source: AAP

ඉදිකිරීම් හා සැලැස්ම

මෙම නව උමං දුම්රිය මාර්ග ව්‍යාපෘතිය වසර 2022 දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර වසර 2051 දී අවසන් කිරීමට නියමිතය.

"මේ ව්‍යාපෘතිය අවසන් වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති මම නෙමෙයි, හැබැයි මීළඟ මැතිවරණයෙන් මා නැවත තේරී පත්වුවොත් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ගෞරවය ප්‍රාන්ත අගමැති ලෙස මට භුක්ති විඳීමට පුළුවන්" යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මාධ්‍ය වෙත අදහස් දැක්වුවේය.

මෙම සැලැස්ම යටතේ භූගත දුම්රිය ස්ථාන 12ක් දක්වා ඉදිකිරීමට නියමිතය.

එම භූගත දුම්රිය ස්ථාන නිසැකවම ස්ථානගත කරන ස්ථාන, මාර්ග ඉදියුම අනෙකුත් සැලසුම් කටයුතු එළඹෙන නොවැම්බරයේදී පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයට පසුව සිදු කිරීමට නියමිත බවද සඳහන්.

මේ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් මෙන්ම පුද්ගලික සමාගම් වලින්ද ප්‍රතිපාදන අපේක්ෂා කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

මෙම නව උමං දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අවසන් වූ පසුව එය ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලතම දුම්රිය මාර්ගය වනු ඇතැයි තමන් විශ්වාස කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රවාහන ඇමතිනී Jacinta Allan පැවසුවාය.
high speed rail loop to Melbourne
Source: Flickr

වේගය සහ මගී ධාරිතාව

මෙම නව උමං දුම්රිය මාර්ගය ඔස්සේ පැයට කිලෝමීටර් 130 දක්වා වේගයකින් දුම්රිය ගමන් කරවීමට හැකි බවද ප්‍රාන්ත රජය පවසයි.

ප්‍රථමයෙන්ම Cheltenham සිට Box Hill දක්වා දිවෙන උමං මාර්ගයේ ඉදිකිරීම් කටයතු ඇරඹීමට සැලසුම් කර ඇති අතර Cheltenham සිට මෙල්බර්න් ගුවන් තොටුපළට මේ මාර්ගය ඔස්සේ මිනිත්තු 45 කින් ගමන් කිරීමට හැකියාව ලැබේ.

එමෙන්ම  Box Hill සිට මෙල්බර්න් ගුවන් තොටුපළට සහ Clayton හි Monash විශ්ව විද්‍යාලයේ සිට La Trobe විශ්ව විද්‍යාලයේ Bundoora විශ්වවිද්‍යාල භූමියට යාමට මේ මගින් මිනිත්තු 25 ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම නව උමං දුම්රිය මාර්ගයේ දිනකට දුම්රිය මගීන් 400,000 ක් පමණ ගමනාගමන කටයුතු වල යෙදෙනු ඇතැයි ද ප්‍රාන්ත රජය අනුමාන කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 14 September 2018 11:15am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends