අධික උෂ්ණත්වය නිසා අද සහ හෙට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වලට ලැබුණු රතු නිවේදන මෙන්න. (SBS සිංහල/වාර්තා)

fire ban

Source: AAP

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ගෙවී යන්නේ වසන්ත කාලය වුවද ඊයේ සිට ප්‍රාන්ත කිහිපයකම උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

මේ අනුව අද දිනයේද ඇතැම් ප්‍රාන්ත වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 - 40 අතර මට්ටමක පවතින බවත් ඒ හේතුවෙන් තමාගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය ඔස්ට්‍රේලියානු වාසීන්ට දැනුම් දෙයි.
fire ban
Source: Australian bureau of meteorology

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වල අද දින (02/11) උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා යන බවත් ඇතැම් ප්‍රදේශ වල එය සෙල්සියස් අංශක 40 දක්වා වර්ධනය විය හැකි බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් Sydney, Newcastle සහ Wollongong යන කලාප වල ගිනි ඇවිලවීම් පූර්ණ වශයෙන් තහනම් කළ (total fire bans) කලාප බවට නම් කර තිබේ.

එමෙන්ම නැගෙනහිර වෙරළ තීරයට යාබද ප්‍රදේශ වලද උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා යන බවද වාර්තා වේ.

ඊට අමතරව Greater Sydney, Greater Hunter, Illawarra/Shoalhaven සහ Southern Ranges යන කලාප වලද අද දිනයේ අධික උෂ්ණත්වයක් වාර්තා වනබව සඳහන්.

Illawarra කලාපයට ලැව් ගිනි තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවධානයක් පැවතිය හැකි නිසා එම කලාපයේ ජනතාවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාව විසින් අනතුරු අඟවා තිබේ.
Australian bureau of meteorology
Source: AAP

Australian Capital Territory

නිරිත දිග කැන්බරා ප්‍රදේශයට පාලනය කළ නොහැකි ලැව් ගිනි අවදානමක් ඇතිව තිබේ.

මේ හේතුවෙන්ම එම කලාපයට watch-and-act හෙවත් සුපරික්ෂාකාරීව ක්‍රියාත්මක වීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Pierces Creek හි හෙක්ටයාර 54 ක් පුරාවට පැතිරුණු ලැව් ගිනි නිවීමේ කටයුතු වල මේ වන විට ගිනි නිවීම් සේවා යෙදී සිටින බවද වාර්තා වේ.

ඊයේ (01/11) පස්වරු 6 ට පෙර ආරම්භවූ මෙම ලැව් ගින්න පසුව විශාල වශයෙන් වර්ධනය වී මේ වන විට ගිනිකොන දිග කලාප දෙසට පැතිරෙමින් තිබෙන බවද  සඳහන්.

Australian bureau of meteorology
Source: AAP

ටස්මේනියාව

ටස්මේනියා ප්‍රාන්තය තුළද මේ වන විට ගිනි ඇවිලීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ.

මේ වන විට ටස්මේනියා ප්‍රාන්තය තුළ ගිනි හටගැනීමේ අවදානම  'very high' ලෙස ශ්‍රේණිගත කර ඇත.

මේ තත්ත්වය හේතුවෙන්ම කැලි කසල, වල් පැල, තණකොළ වැනි දෑ ගිනි තැබීම උදෙසා නිකුත් කරන burn permits හෙවත් ගිනි ඇවිලවීමේ බලපත්‍ර නිකුත් කිරීමද ටස්මේනියා ප්‍රාන්තය තුළ අත්හිටුවා තිබේ.

අද දිනයේ මෙන්ම හෙට දිනයේද ටස්මේනියා ප්‍රාන්තයේ උතුරු හා දකුණු කලාප වල අධික උෂ්ණත්වයක් පැතිරෙන බවට ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය වාර්තා කරයි.
fire ban
Source: AAP

ක්වීන්ස්ලන්තය

ක්වීන්ස්ල්නත ප්‍රාන්තයේ Northern Goldfields, Upper Flinders සහ වයඹ දිග කලාපයේ ලැව් ගිනි ඇතිවීමේ ඉහළ අවදානමක් අද සහ හෙට දින තුළ පවතින බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය වාර්තා කරයි.

වික්ටෝරියා

වික්ටෝරියා ප්‍රාන්තයේ Central, East Gippsland, South West, North Central, West and South Gippsland සහ Northern Country හි කොටසක් මෙන්ම North East and Wimmera යන කලාප වල අධික උෂ්ණත්වයක් පවතින බවත් ලැව් ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 2 November 2018 11:30am
Updated 2 November 2018 3:38pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends