වික්ටෝරියානු ප්‍රාන්තයේ Android දුරකතන හිමියන්ට දැන් Mobile myki භාවිත කරන්න පුළුවන්. (SBS සිංහල/වාර්තා)

Mobile myki

Source: SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ගමනා ගමන සේවාවන් භාවිතා කරන පුද්ගලයින්ට දැන් Myki කාඩ් පත වෙනුවට තම ජංගම දුරකතනය භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඒ අනුව ගමනක ආරම්භයේදී තම Myki කාඩ් පත අදාළ Myki දොරටුවේ ස්පර්ශ කරනවා වෙනුවට තම ජංගම දුරකථනය ඒ සඳහා යොදාගැනීමට හැකියාව ලැබේ.

නමුත් මෙම පහසුකම දැනට ලබා දී ඇත්තේ Android ජංගම දුරකතන සඳහා පමණක් බව Public Transport Victoria පවසයි.
Mobile myki
Myki Source: Getty Images

Mobile myki

වසර 2කට ආසන්න පරීක්ෂණයකින් පසුව මෙලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Myki කාඩ් පත ජංගම දුරකතනයට ඇතුළත් කිරීමට Public Transport Victoria වෙත මේ වන විට අවස්ථාව සැලසී තිබේ.

ඒ අනුව පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිට Android ජංගම දුරකතන හිමියන්ට තම භෞතික Myki කාඩ් පත වෙනුවට තම ජංගම දුරකථනය ඒ සඳහා යොදාගැනීමට හැකියාව ලැබේ.
මෙල්බර්න් නුවර පොදු ප්‍රවාහන සේවා භාවිත කරන පිරිසෙන් තුනෙන් එකකට පමණ ඒ අනුව මෙම පහසුකම ලබාගත හැකිවෙයි.

එමෙන්ම Apple දුරකතන හිමියන්ටද මෙම පහසුකම ලබා දීමට Public Transport Victoria අපේක්ෂා කරන අතර ඒ සඳහා වන සාකච්ඡා මේ වන විට Apple සමාගම සමග පවත්වන බවද වාර්තා වේ.

තමන්ගේ  Myki කාඩ් පතේ මුදල් අවසන් වූ පසුව එය top up කිරීමට හෙවත් ඒ සඳහා නැවත මුදල් ඇතුළු කිරීමද මෙම නව Mobile myki පහසුකම හරහා ලැබේ.
Mobile myki
Source: SBS Sinhala

Mobile myki භාවිත කිරීම

ඔබ වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේදී පහත කටයුතු සඳහා Mobile myki භාවිතා කළ හැකිය.

  • Myki කාඩ් පතේ මුදල් අවසන් වූ පසුව එය top up කිරීම.
  • ගමන් ආරම්භයේදී Touch on කිරීමට මෙන්ම ගමන අවසානයේදී Touch off  කිරීම.
  • ඔබේ Myki කාඩ් පතේ මුදල් ශේෂය නිවැරදිව එවෙලෙහිම දැනගැනීමට හැකිවීම.

Mobile myki භාවිත කිරීමට උපදෙස්

  • Google Pay බාගත කරගන්න.
  • ඔබේ ගෙවීම් ක්‍රමය සකසා ගැනීමට Google Pay උපදෙස් අනුගමනය කරන්න.
  • Passes අංශයට ගොස් එහි ඇති නිල් පැහැති + ලකුණ ඔබා Travel card මෙනුව තෝරාගන්න.
  • ඉන් අනතුරුව එහි දිස්වන Myki කාඩ් පත තෝරාගන්න.
  • එහි myki Money සහ myki Pass ලෙස විකල්ප දෙකක් ඔබට ඉදිරිපත් කරන අතර ඔබට සුදුසු විකල්පය තෝරාගන්න.
  • ඔබට අදාළ myki වර්ගය (Full fare, Child, Senior හෝ General concession) තෝරාගන්න.
  • ඉන් අනතුරුව මුදල් ඇතුළත් කර ඔබට Mobile myki භාවිත කිරීමට හැකිය.
Mobile myki
Source: Flickr

Mobile myki භාවිත කිරීමට ඔබේ Android දුරකතනය සුදුසුද?

  • Mobile myki භාවිත කිරීමට ඔබේ Android දුරකතනය සුදුසුද යන්න දැනගැනීමට පහත කරුණු සැපිරිය යුතුය.
  • ඔබේ ජංගම දුරකතනයේ NFC (near-field communication) පහසුකම තිබිය යුතුය.
  • ඔබේ ජංගම දුරකතනයේ NFC පහසුකම තිබෙනවානම් එය on කළ යුතුය.
  • ඔබේ Android දුරකතනයේ මෙහෙයුම් පද්ධතිය 5.0 (Lollipop) හෝ ඊට වඩා නවීන එකක් විය යුතුය.
  • Google PayTM බාගත කර ඔබේ ගෙවීම් ක්‍රමය සකසාගත යුතුය.
  • Google PayTM  භාවිත කිරීම සඳහා ඔබ වයස අවුරුදු 16 හෝ ඊට වැඩි විය යුතුය.
  • ඔබේ ගෙවීම් ක්‍රමය සැකසීමට ඔබ සතුව VISA හෝ Mastercard කාඩ්පතක් තිබිය යුතුය.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 1 April 2019 1:08pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends