ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 වීසා වැඩසටහන යළි විවෘත කෙරේ. (SBS සිංහල/වාර්තා)

Critical Skills Occupation List

Source: SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසන ACT Occupation List හෙවත් ACT රැකියා ලැයිස්තුව පසුගිය නොවැම්බර් 29 වන දින සිට යළි විවෘත  තිබේ.

ACT රැකියා ලැයිස්තුව ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදීන් වැනි ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා පසුගිය ජුනි 29 වන දින පස්වරු 4 සිට වසා දැමුණි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


ACT රැකියා ලැයිස්තුවට අයදුම් කිරීමේ නව නීති

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි Skilled nominated migration - 190 වීසා සඳහා ACT රැකියා ලැයිස්තුව හරහා අයදුම් කිරීමේ නව නීති ACT  රජය හඳුන්වා දී ඇති බව www.canberrayourfuture.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව 2018-19 මුල්‍ය වර්ෂය සඳහා ACT 190 වීසා වැඩසටහන යටතේ 500 කට පමණ 190 වීසා ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්.

Canberra Matrix නමින් නවතම ලකුණු ක්‍රමයක් පදනම් කරගනිමින් මෙවර ACT 190 වීසා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට අදාළ ආරධනා පත්‍ර නිකුත් කිරීම අත්හදාබැලීමේ වට කිහිපයක් 2018 දෙසැම්බර්, 2019 වසරේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ක්‍රියාත්මක කිරීමටත් ඉන් අනතුරුව සම්පූර්ණ ACT 190 වීසා වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් ACT  රජය තීරණය කර ඇත.
ACT Occupation List
600 extra visa spots available as ACT re-introduces skilled migrant program Source: Getty Images

ACT 190 වීසා වැඩසටහනට සුදුසුකම් ලැබීම.

ACT 190 වීසා වැඩසටහන සඳහා අයදුම් කිරීමට ඔබ විසින් EOI එකක් හෙවත් expression of interest එකක් යොමු කළ යුතු අතර ඒ සඳහා පහත සඳහන් අවම අවශ්‍යතා ඔබ විසින් සැපිරිය යුතු වේ.

කැන්බරා පදිංචිකරුවන්

  • පසුගිය වසර දෙක ඇතුළත ACT හි ශිෂ්‍ය හෝ තාවකාලික වීසා එකක් දරා සිටිය අයෙකු හෝ තවමත් දරමින් සිටිය යුතු වීම.
  • 2019 ජූලි 01 ට පෙර EOI එක යොමු කළ අයදුම්කරුවන් මාස 12 ක කාලයක් ACT හි පදිංචි වී සිටීම.
  • 2019 ජූලි 01 ට පසු EOI එක යොමු කළ අයදුම්කරුවන් වසර 2 ක කාලයක් ACT හි පදිංචි වී සිටීම.
  • ඔබේ EOI එක යොමු කරන අවස්ථාව වන විට ඔබ අවම වශයෙන් ACT ඇතුළත මාස 3 ක් හෝ රැකියාවක නිරත විය යුතුය.
  • එය ස්ථිර හෝ පූර්ණ කාලීන වීම අත්‍යවශ්‍ය නොවන නමුත් අවම වශයෙන් සතියකට පැය 20 ක් විය යුතුය.
  • ඔබට ACT සේවා යෝජකයින් කිහිප දෙනෙකු යටතේ හෝ ABN එකකට හෝ රැකියා කළ හැකිය.
  • ඔබ ANZSCO Major Occupation Group 1 (Managers) හෝ Group 2 (Professionals) occupation ඛාණ්ඩ යටතේ අයදුම් කරනවානම් ඊට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතු වේ.
  • ACT 190 වීසා ලැබුණු දිනයේ සිට අවම වශයෙන් වසර 2ක් ACT  හි සේවය කරන බවට දිව්රුම් ප්‍රකාශයක් ඔබ විසින් අත්සන් කළ යුතු වේ.
  • ඔබ හෝ ඔබේ යැපෙන්නන් ACT හැර ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක වාසය කරනවානම් හෝ සේවය කරනවානම් හෝ ඔබ ACT 190 වීසා සඳහා සුදුසුකම් නොලබයි.
ACT Occupation List
Source: www.canberrayourfuture.com.au

විදෙස් රටවල සිට අයදුම් කරන්නන්

  • ඔබ ANZSCO Major Occupation Group 1 (Managers) හෝ Group 2 (Professionals) occupation ඛාණ්ඩ යටතේ අයදුම් කරනවානම් ඊට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතු වේ.
  • ඔබේ නිර්දේශිත රැකියාව සඳහා ඇති නිපුණතාව සහ අවම මාස 12 ක සේවා පළපුරුද්ද ACT ආර්ථිකයට ගැලපෙන බව සනාථ කළ යුතු වේ.
  • ඔබේ නිර්දේශිත රැකියාව ACT රැකියා ලැයිස්තුවේ "විවෘත" ලෙස දක්වා තිබිය යුතුය.
  • එසේ නොමැතිනම් ACT හි එම රැකියා සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇති බව සනාථ කළ යුතුය.
  • ACT 190 වීසා ලබා ඔස්ට්‍රේලියාවට පා තැබූ දින සිට අවම වශයෙන් වසර 2ක් ACT  හි සේවය කරන බවට දිව්රුම් ප්‍රකාශයක් ඔබ විසින් අත්සන් කළ යුතු වේ.
  • ඔබට රැකියාවක් ලැබෙන තුරු ඔබේ සහ ඔබේ පවුලේ වියදම් පියවාගත හැකි තරමේ සැලකිය යුතු ආර්ථික තත්ත්වයක් ඔබට තිබිය යුතුය.
  • ඔබ හෝ ඔබේ යැපෙන්නන් ACT හැර ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක වාසය කරනවානම් හෝ සේවය කරනවානම් හෝ ඔබ ACT 190 වීසා සඳහා සුදුසුකම් නොලබයි.
ACT Occupation List
Source: SBS

ACT 190 වීසා ක්‍රියාවලිය

Canberra Matrix ලකුණු ක්‍රමය මත අයදුම්කරුවන් තමන්ගේ EOI එක හෙවත් expression of interest එක යොමු කළ යුතුය.

ඒ සඳහා කිසිදු ලේඛනයක්  යොමු කිරීම අවශ්‍ය නොවේ.

EOI එක යොමු කිරීමට කිසිදු ගාස්තුවක් ගෙවිය යුතු නොවේ.

මසකට හෝ මාස දෙකකට වරක් ACT රජය විසින් අදාළ EOI සලකා බලා තෝරාගත් අයදුම්කරුවන් සඳහා 190 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරයි.
ඔබේ EOI එක යොමු කිරීමේදී යොදන Canberra Matrix ලකුණු EOI එක යොමු කළ පසුව වෙනස් කිරීමට හෝ යාවත් කාලීන කිරීමට හෝ නොහැකිය.

ඔබගේ ලකුණු වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබ අලුතින් EOI එකක් යොමු කළ යුතුය.

ඔබේ EOI එකට ආරධනා පත්‍රයක් මාස 6 ක් යනතුරු නොපැමිණියහොත් ඔබේ EOI එක ස්වයංක්‍රීයව අහෝසි වෙයි.
ACT Occupation List
Source: Getty Images

Canberra Matrix ලකුණු ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 වීසා හි නවතම ලකුණු ක්‍රමය වන

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 3 December 2018 10:49am
Updated 3 December 2018 3:29pm
By Madhura Seneviratne

Share this with family and friends