නිවාස ණය නිසා අධික පීඩනයට පත් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම උප නගර මෙන්න. (SBS සිංහල/වාර්තා)

mortgage stress

Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවාස වල මිල ගණන් පසුගිය දශකය තුළ ශීග්‍රව ඉහළ යාම හේතුවෙන් නිවාස ණය ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානුවාසීන් හට සිදුවිය.

එනිසාම අධික නිවාස ණය පීඩනයකින් බහුතරයක් නිවාස හිමියන් පෙළෙන්නට පටන් ගෙන තිබේ.
mortgage stress
Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පීඩනය.

සමස්ත ඔස්ට්‍රේලියාව පුරාම නිවාස ණය පීඩනයෙන් පෙළෙන ඔස්ට්‍රේලියානු නිවැසියන් 1,008,000 පමණ සිටින බව news.com වෙබ් අඩවිය වාර්තා කරයි.

Digital Finance Analytics ආයතනයේ  නවතම සමීක්ෂණ දත්ත වලට අනුව නිවාස හිමියන්ම පදිංචිව සිටින නිවාස වලින් (owner-occupied) 30.7% ක ප්‍රතිශතයක් මෙම නිවාස ණය පීඩනයෙන් පෙළෙයි.
මෙම පීඩනය අදාළ නිවෙස් හිමියන්ට පමණක් නොව ඔවුන්ගේ පවුලේ උදවියට මෙන්ම එම ප්‍රදේශ වලටද බලපාන බව දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙයි.

ඉහළ ආදායම් සහිත උප නගර ලෙස හැඳින්වෙන සිඩ්නි හි Hornsby, St Leonards හා Bondi මෙන්ම මෙල්බර්න් හි Port Melbourne බ්‍රිස්බන් හි Indooroopilly සහ Milton මෙන්ම ගෝල්ඩ් කෝස්ට් හි Mermaid Beach යන උප නගර වලට මෙය දැඩි ලෙස බලපා ඇති බව Australian Financial Review පවසයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඔස්ට්‍රේලියාවේ බොහෝ නිවාස හිමියන්ට තම මාසික නිවාස ණය ගෙවා දැමීමෙන් අනතුරුව සෙසු එදිනෙදා වියදම් සඳහා අතේ මුදල් ඉතිරි නොවන තත්ත්වයක් ඇතිවී ඇති බව Digital Finance Analytics ආයතනයේ නවතම සමීක්ෂණ දත්ත අනාවරණය කරයි.

ඔවුන් නිවාස ණය සහ ජීවන වියදම අතින් දැඩි පීඩනයකට හසුව ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
mortgage stress
Source: Press Association

නිවාස ණය නිසා අධික පීඩනයට පත් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම උප නගර

සමස්ත ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පීඩනයෙන් පෙළෙන වැඩිම නිවාස හිමියන් වෙසෙන ප්‍රමුඛතම උප නගර Digital Finance Analytics ආයතනය තම නවතම සමීක්ෂණයෙන් අනාවරණය කරගෙන තිබේ.

ඒවා පහත පරිදි වේ.
mortgage stress
Source: SBS Sinhala
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 29 November 2018 11:30am
By Madhura Seneviratne

Share this with family and friends