ඔස්ට්‍රේලියාවේ වෙසෙන මුස්ලිම් ජනගහනය ගැන ඔස්ට්‍රේලියානුවාසීන් අධිතක්සේරුවක. (SBS සිංහල/වාර්තා)

Australians overestimate size of Muslim population, new polling shows.

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ සත්‍ය වශයෙන්ම වාසය කරන මුස්ලිම් ජනතාවගේ සංඛ්‍යාවට වඩා හය ගුණයක් වැඩියෙන් සිටිනවා යනුවෙන් ඔස්ට්‍රේලියානු වාසීන් විශ්වාස කරන බව නවතම සමීක්ෂණයකින් පෙන්වා දී තිබේ.

Fairfax මාධ්‍ය ආයතනය විසින් මෙහෙයවනු ලැබූ Ipsos මත විමසුමේදී මේ බව හෙළිවී ඇත.
Muslim population
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ජනගහනය ගැන අධිතක්සේරුවක්.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන මුස්ලිම් ජනගහනය 17% ක් පමණ වන බව බහුතරයක් ඔස්ට්‍රේලියනු වාසීන් විශ්වාස කරන බව එම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

නමුත් ඇත්ත වශෙයන්ම ඔස්ට්‍රේලියාවේ වාසය කරන මුස්ලිම් ජනගහනය 3% ක් පමණ වන බව වාර්තා වේ.

2016 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති අවසන් සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ වාසය කරන මුළු මුස්ලිම් ජාතිකයින් ප්‍රමාණය 604,200 ක් බව සඳහන් විය.

එය ඔස්ට්‍රේලියාවේ මුළු ජනගහනයෙන් 2.6% කි.

මේ අතර ඔස්ට්‍රේලියාව තුළ ආගමක් නොඅදහන පුද්ගලයින්ගේ ප්‍රතිශතය 30.1% ක් බවත් 22.6% ක් කතෝලික ආගම අදහන බවත් 2016 සංගණනයේදී හෙළි විය.

13.3% ක් Anglican වරුන් බවත් එහිදී අනාවරණය විය.
Muslim population
Source: Getty Images

සංක්‍රමණිකයින් පිළිබඳ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ආකල්පය

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය අඩු කර යුතු බව මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 45% ක් පමණ පවසා තිබේ.

නමුත් වාර්ෂිකව බාරගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය ඉහළ දැමිය යුතු බවට 23% ක් පිරිස එහිදී පවසා ඇති අතර 25% ක් පිරිස කියා ඇත්තේ මේ වන විට පවතින සංඛ්‍යාව පිළිබඳ ඔවුන් සෑහීමකට පත්වන බවය.

කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවට පැමිණෙන මුස්ලිම් ජාතිකයින් පිළිබඳ විමසීමේදී එම ප්‍රමාණය කප්පාදු කළ යුතු බව 46% ක ප්‍රතිශතයක් පවසා ඇති අතර පවතින සංඛ්‍යාව පිළිබඳ ඔවුන් සෑහීමකට පත්වන බව 35% ක් පවසා තිබේ.

මුස්ලිම් සංක්‍රමණිකයින් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවට බාරගත යුතු බවට 14% ක් දෙනා පවසා ඇත.
Muslim population
Source: Flickr

ලොව වේගයෙන් වර්ධනය වන ප්‍රධාන ආගම

Pew පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආගම ලෙස ඉස්ලාම් ආගම හඳුනාගෙන ඇති අතර මේ වන විට ලෝක ජනගහනයෙන් බිලියන 1.6ක්ව පවතින මුස්ලිම් ජාතිකයන් 2050 වන විට බිලියන 2.3දක්වා වර්ධනය වන බවට මත පළ කරයි.

වසර 2050 වන විට මුස්ලිම්වරු ලොව විශාලතම ආගමික කණ්ඩායම වන 31.4%ක ප්‍රතිශතයක් හිමි ක්‍රිස්තියානු ජාතිකයන්ගේ සංඛ්‍යාවට ආසන්න වන බව Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ වාර්තාව පැවසීය. ඒ අනුව 2050 වන මුස්ලිම්වරු ලෝක ජනගහනයෙන් 29.7%ක් වනු ඇති බවට අනුමාන කර ඇත.

එම ජන කන්ඩායම් දෙකෙහි ජනගහන වර්ධන වේගය මෙය මනාව පැහැදිලි කරයි. 2010 – 2050 අතර වසර 40ක කාලයේදී ලෝක මුස්ලිම් ජනගහනය 73%ක වේගයකින් වර්ධනය වන බව අපේක්ෂිතය. එම කාලය අතරතුර ක්‍රිස්තියානි ජාතිකයන්ගේ වර්ධන වේගය 35%ක් බවට ගණන් බලා තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 27 November 2018 1:46pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends