ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ සෞඛ්‍ය තොරතුරු My Health Record හි ස්වයංක්‍රීයව ගබඩා කරනවාට අකැමැති නම් කළ යුතු දේ මෙන්න. (SBS සිංහල/වාර්තා)

2018 වසරේ අග සිට ඔබ ඔස්ට්‍රේලියාවේ වාසය කරනවා නම් ඔබ කැමති හෝ අකැමති වුවද ඔබ වෙනුවෙන් My Health Record ගිණුමක් විවෘත වේ.

My Health Record

XXXL. Doctor reviewing good test results with patient. Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් සෞඛ්‍ය ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ඔස්ට්‍රේලියානු My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවේ තමන්ගේ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් කිරීමට අකැමැති පුද්ගලයින් හට එම වැඩසටහනින් ඉවත් වීමට එළඹෙන ජූලි 16 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ හැකියාව පවතින බව වාර්තා වේ.

එසේ නොමැති පුද්ගලයින්ගේ සෞඛ්‍ය තොරතුරු My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවේ රැදී පවතිනු ඇතැයි ABC පුවත් සේවය පවසයි.
My Health Record
My Health Record Source: Australian Health Agency

My Health Record

My Health Record යනු ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන  ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව වේ.

මෙය ඔස්ට්‍රේලියානු රජය යටතේ පවතින ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් සෞඛ්‍ය ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තොරතුරු වල සාරාංශය මෙම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවට ඇතුළත්  කෙරෙන අතර අදාළ පුද්ගලයින්ට සහ වෛද්‍යවරු ඇතුළු ඔවුන්ගේ සෞඛ්‍ය සේවා සපයන ආයතන වලට මෙම තොරතුරු පරිහරණය කිරීමට අවසර තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයකදී ඕනෑම හදිසි අවස්තාවකදී මෙම තොරතුරු පරිහරණය කිරීමට අවස්තාව ලැබෙන අතර රෝගීයාට සන්නිවේදනය කිරීමට නොහැකි හදිසි අවස්ථා වලදී පවා My Health Record ජාතික ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව වෙත පිවිස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහුට ඇති ආසාත්මික්තා, ඔහු ගෙන ඇති සහ ගනිමින් පවතින ඖෂධ වර්ග පිළිබඳ අවබෝධයක් අදාළ වෛද්‍යවරුන්ට ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂී වාසිය වේ.
My Health Record
Source: SBS

My Health Record ගිණුමක් විවෘත කිරීම සහ අහෝසි කිරීම

2018 වසරේ අග සිට ඔබ ඔස්ට්‍රේලියාවේ වාසය කරනවා නම් ඔබ කැමති හෝ අකැමති වුවද ඔබ වෙනුවෙන් My Health Record ගිණුමක් විවෘත වේ.

නමුත් ඒ සඳහා ඔබේ අකමැත්තක් ඇත්නම් එයින් ඉවත් වීමට එළඹෙන ජූලි 16 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ හැකියාව පවතින බව ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් සෞඛ්‍ය ආයතනය පවසයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකු හට My Health Record ගිණුමක් ඕනෑම වෙලාවක විවෘත කළ හැකි බවත් ඉන් ඉවත් වී පසුව වුවද එවැනි ගිණුමක් ඔවුන්ට විවෘත කළ හැකි බවත් ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් සෞඛ්‍ය ආයතනය පවසයි.
My Health Record
Source: Flickr

My Health Record ගිණුමක වාසි සහ අවාසි

My Health Record රෝගීන් හට බොහෝ වාසි අත් කර දෙන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

රෝගීන්ගේ රෝග පිළිබඳ නිවැරදි තොරතුරු හා ඔවුන්ට සපයා ඇති ඖෂධ එකම ස්ථානයක පැවතීම,

එම තොරතුරු වලට ඕනෑම අවස්තාවකදී ඔවුන්ගේ වෛද්‍යවරුන්ට පිවිසීමට හැකියාව ලැබීම,

හදිසි අවස්ථාවන් හිදී මෙය අතිශය වැදගත් වීම,

එකම සෞඛ්‍ය පරීක්ෂණය අත්වැරදීමකින් දෙවරක් නොකිරීමට ඉඩ සැලසීම වැනි වාසි මේ නිසා රෝගීන්ට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වෛද්‍යවරුන්ට රෝගීන් සම්බන්ධ ලිපි ලේඛන කටයුතු සඳහා වැය කරන කාලය අඩුවනවා නම් රෝගීන් වෙත වැඩි කාලයක් ලබා දිය හැකි බවත් මෙම ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ එම ප්‍රතිලාභය ලැබෙන බවත් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති Michael Gannon ABC පුවත් සේවයට පැවසීය.

මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන මිලියන 5 කට අධික පිරිසක් හට My Health Record ගිණුම් ඇති බව වාර්තා වේ.

නමුත් මෙම ගිණුම් වල ඇත්තේ අතිශය රහසිගත පුද්ගල තොරතුරු බැවින් එහි ඇති අවදානම ඉහළ වේ.

යම් කිසි විටෙක මෙම තොරතුරු වෙත ගිණුම් හිමියාගේ අවසරය නොමැතිව යම් අයෙකු පිවිසියොත් අදාළ ගිණුම් හිමියාගේ සියලුම සෞඛ්‍ය දත්ත සහ වාර්තා පිටතට යාමේ ඉඩක් පවතී.

2016-17 කාලයේදී පුද්ගලයින් 113 දෙනෙකුගේ සෞඛ්‍ය දත්ත ඔවුන්ගේ My Health Record ගිණුම් වෙත අනවසරයෙන් පිවිස ලබා ගෙන ඇති බව ඔස්ට්‍රේලියානු තොරතුරු කොමසාරිස් ගේ වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 24 May 2018 10:21am
By Madhura Seneviratne

Share this with family and friends