ඔස්ට්‍රේලියානුවාසීන්ගේ අධික ඉල්ලුම නිසා අමතර Flu එන්නත් 830,000 ක් සෞඛ්‍ය බලධාරීන් ඇනවුම් කරයි. (SBS සිංහල/වාර්තා)

flu vaccine

Source: AAP

ඔස්ට්‍රේලියාවේ මෙවර Flu vaccine හෙවත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


මෙනිසාවෙන්ම තවත් අමතර Flu  එන්නත් විශාල ප්‍රමාණයක් ඇනවුම් කර ඇති බව සඳහන්.
flu vaccine
Source: AAP

Flu එන්නත් ඇනවුම ඉහළ යාම

මීට සති කිහිපයකට පෙර ඉහළ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට අමතර Flu එන්නත් 830,000 ප්‍රමාණයක් ඇනවුම් කළ බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙයි.

මේ වන විට එම ප්‍රමාණයෙන් අඩක් පමණ ලැබී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

එම ඇනවුමට නව නිෂ්පාදිත ඛාණ්ඩ දෙකක් යටතේ පවතින Flu එන්නත් ඇති බව Pharmacy Guild of Australia හි උප සභාපති Trent Twomey, SBS පුවත් වෙත පැවසීය.

එක් ඛාණ්ඩයක එන්නත් 415,000 බැගින් ඇති බවත් ඉන් පළමු ඛාණ්ඩයේ ඇණවුම පසුගිය සතියේ ලැබුණු බවත් දෙවැනි ඛාණ්ඩයේ ඇණවුම ලබන සතියේ ලැබීමට නියමිත බවත් ඔහු පැහැදිලි කළේය.

මේ වසරේදී Flu එන්නත පිළිබඳ ඔස්ට්‍රේලියානු ජනතාව ඉතා මැනවින් අවධානය යොමු කර ඇති බවක් මින් පෙනී යන බව ද Trent Twomey, SBS පුවත් වෙත පැවසීය.
flu vaccine
Source: Getty Images

නොමිලයේ Flu එන්නත්

මේ වසරේදී ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මිලියන 6 ක පමණ Flu  එන්නත් නොමිලයේ ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍යය දෙපාර්තුමේන්තුවට අනුව, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පහත ඛාණ්ඩ වලට අයත් පුද්ගලයින්ට  Flu  එන්නත නොමිලේ ලබා ගත හැකිය.

  • ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසී ජනතාවට.
  • මාස 6 ත් අවුරුදු 5 ත් අතර ළමුන්ට.
  • ගර්භණී කාන්තාවන්ට
  • වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයින්ට
ඉන්ෆ්ලුවන්සා රෝගයෙන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල අවදානමකට පත්වීමට ඉඩ ඇති පුද්ගලයින්ට.

Flu  එන්නත් හිඟයක් පවතින්නේ පුද්ගලික අංශයේ බවත් එනිසාම ඖෂධාගාර ඒ සඳහා සැපයුම් සිදුකරන බවත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය Chris Zappala, SBS පුවත් සේවයට පැවසීය.

පසුගිය මැයි මස අවසානය වන විට ඉන්ෆ්ලුවන්සා රෝගය ආශ්‍රිත රෝගී තත්ත්ව 71,000 ක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ බව සඳහන්.
flu vaccine
A new cell-based influenza vaccine has been launched for Australia's publicly funded health system Source: AAP

අසනීප නිවාඩු ඉල්ලීම

ඉන්ෆ්ලුවන්සා රෝගය නිසා පීඩා විඳින විට අසනීප නිවාඩු ඉල්ලිය යුත්තේ කුමන වේලාවට දැයි දැනගැනීම ඉතා වැදගත් බව වෛද්‍ය Zappala පැවසීය.

උණ ගතිය සහ ඔබට නිතරම කැස්ස ඇතිවීම සහ සිරුර අප්‍රාණික බවක් ඇත්නම් පහත සඳහන් හේතු නිසා සේවයට නොයා නිවසේ රැදී සිටීම වඩාත් යෝග්‍ය බව ඔහු පෙන්වා දෙයි.

ඔබට ඔබේ රාජකාරියේ ඵලදායී ලෙස වැඩකටයුතු කිරීමට නොහැකි වීම.

ඔබ වටා අනෙක් පුද්ගලයින් ගැවසීමට මැලි කමක් දැක්වීම.

ඔබේ සිරුරේ ඇති වයිරසය අනෙක් පුද්ගලයින්ට සම්ප්‍රේෂණය කිරීමේ වැඩි ඉඩක් පැවතීම.
flu vaccine
Source: SBS Sinhala

Share
Published 11 June 2019 11:44pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends