1944 දී පෝලන්ත නීතීඥ Raphael Lemkin විසින්, අර්ධ වශයෙන් සමූලඝාතනයට මෙන්ම පෙර ඓතිහාසික සිදුවීම් වලට ප්‍රතිචාර වශයෙන් Genocide හෙවත් 'ජන සංහාරය' යන යෙදුම නිර්මාණය කරන ලදී.
ඔහු "ජාතිය" යන අර්ථය ඇති ග්‍රීක වචනයක් වන ‘genos’ සහ ඝාතනය යන අර්ථය ඇති ලතින් ප්‍රත්‍යය ‘cide’ ඒකාබද්ධ කොට තිබේ.
1948 දී Genocide හෙවත් ජන සංහාර සම්මුතිය අනුමත කරන ලද්දේ Raphael Lemkinගේ උද්ඝෝෂණ හේතුවෙනි.
රටවල් 150 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මෙම සම්මුතියට සම්බන්ධ වී තිබේ, ජන සංහාරයේ අපරාධය වැළැක්වීමට සහ දඬුවම් කිරීමට ඔවුන්ට වගකීමක් ඇති බවට මින් අදහස් වේ.
නමුත් ජන සංහාරයේ නිර්වචනය සඳහා අදාළ විය හැකි සිය ගණනක් සිදුවීම් තිබේ, නමුත් නීතිමය පිළිගැනීමක් ඇත්තේ ඉන් අතළොස්සකට පමණි.
මෙය දේශපාලනික සහ නීතිමය කරුණු රාශියක් හේතුවෙන් සිදු වේ.
තවමත්, ජාත්‍යන්තර නීතිය තුළ පමණක් නොව, 'ජන සංහාරය' යන වචනය අපට නිතර අසන්නට ලැබේ.
බොහෝ විද්වතුන් එකඟ වන්නේ ශෝකය සහ විරෝධය දැක්වීම සඳහා මෙම යෙදුම භාවිතා කළ හැකි බවයි.
New York University හි මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ප්‍රායෝගිකත්වය පිළිබඳ මහාචාර්ය Vasuki Nesiah පවසන්නේ “එය බරපතල අපයෝජනයන්" පිළිබඳ ප්‍රකාශ කිරීමේ වෙනත් මාර්ගයක් බවට පත් වන බවයි.
SBS Examines හි මෙම podcast එක genocide හෙවත් "ජන සංහාරය" යන අපරාධයේ ආන්දෝලනාත්මක ඉතිහාසය දෙස අවධානය යොමු කරන අතර අද එම වචනය භාවිතා වන ආකාරය පිළිබඳව අවධානයක් යොමු කරයි...