ඕස්ට්‍රේලියාවේදී ඔබ මුහුණ දිය හැකි බංකොලොත් බව සහ එහි ප්‍රතිවිපාක : SBS සිංහල AUSTRALIA EXPLAINED

Australia Explained - Bankruptcy

Understanding bankruptcy and its consequences in Australia Credit: zoranm/Getty Images

Get the SBS Audio app

Other ways to listen

Bankruptcy හෙවත් බංකොලොත්භාවය නිසා, පුද්ගලයින්ට මූල්‍යමය වශයෙන් වන ලැජ්ජාව සහ අපකීර්තිය වැනි හැඟීම් ඇති කළ හැකියි. මේ හේතුවෙන් බංකොලොත්භාවය බොහෝ දෙනෙකුට සංකීර්ණ විය හැකියි. කෙසේ නමුත්, ඇතැම් අවස්ථාවලදී මූල්‍ය දුෂ්කරතා සමනය කිරීමට ඇති එකම මාර්ගයත් එය විය හැකි අතර ඔබේ ණය කළමනාකරණය කිරීමට ඔබ අරගල කරන්නේ නම්, ඔබේ බංකොලොත් භාවය පෙන්වීම ඒ සඳහා හොඳ විකල්පයක්ද විය හැකියි.


Key Points
  • ඕස්ට්‍රේලියාවේ Bankruptcy හෙවත් බංකොලොත්භාවය පිළිබඳව වන ඉතිහාසය වසර තුනක් පවතින නමුත් එමගින් වන සෘණාත්මක බලපෑම බොහෝ කාලයක් පැවතිය හැකියි.
  • බංකොලොත්භාවය ඔබගේ සියලු ණය වලින් ඔබව නිදහස් නොකරයි.
  • සෑම විටම මුල්‍ය උපදේශකයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත් වේ.
Bankruptcy හෙවත් බංකොලොත්භාවය යනු ඔබේ බොහෝ ණය වලින් ඔබව නිදහස් කිරීමෙන් මූල්‍ය පාලනය නැවත ලබා ගැනීමට උපකාරී වන නීතිමය ක්‍රියාවලියකි. එය ඔබට නැවුම් ආරම්භයකට ඉඩ සලසයි.

මෙහිදී ඔබට ඔබගේ බංකොලොත් භාවය පෙන්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හෝ ඔබේ ණය හිමියන්ගේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් බංකොලොත් බව ප්‍රකාශ කිරීම සිදු කළ හැක.

එය යම් ලෙසකින් ධනාත්මක පියවරක් විය හැකි නමුත්, බංකොලොත් භාවය බරපතල සෘණාත්මක බලපෑම් සහ අපකීර්තිය සමඟ පැමිණේ.

Registered Trustee in Bankruptcy වශයෙන් කටයුතු කරන Clare Corrigan එම අපකීර්තියට සහ සැලකිය යුතු දුෂ්කරතාවන්ට මුහුණ දෙන පිරිසට පෙන්වා දෙන්නේ එමගින් ලබා දෙන මූල්‍ය සහන දෙස බැලීම සිදු කරන ලෙසයි.

බොහෝ විට, බංකොලොත්භාවය පෙන්වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් එසේ කරන්නේ ඔවුන්ගේම වරදකින් නොවන බවත් ඇය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් Clare සඳහන් කරන්නේ එය නව මූල්‍ය අනාගතයක් සඳහා වූ නිර්භීත පියවරක් ලෙස සැලකිය යුතු බවයි.

බංකොලොත්භාවය පෙන්වීමට පෙර කල යුතු දේ

Bankruptcy Act යන පනත යටතේ ඇති අනෙකුත් නීතිමය විකල්ප දෙස බැලීම මුලින්ම සිදු කලයුතු වේ.

Debt Agreement හෙවත් ණය ගිවිසුම

Debt Agreement හෙවත් ණය ගිවිසුමක් මඟින් ඔබේ ණය ගෙවීමට ඉඩ සලසයි, මේ ඔස්සේ සාමාන්‍යයෙන් අවුරුදු තුනේ සිට පහ දක්වා කාලයක් ලැබෙන අතර එමගින් බංකොලොත් භාවය වළක්වා ගැනීමට හැකියාව හිමි වේ.

මෙහිදී සාමාන්‍යයෙන් පරිපාලකයෙකු ඔබ සහ ඔබේ ණය අඩු කිරීමට සහ ගෙවීම් සැලැස්මක් (payment plan) සකස් කිරීමට එකඟ විය හැකි ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම සිදු කරයි.
Coffee shop owner worry about her business
For many, bankruptcy brings feelings of financial shame and stigma, but it’s sometimes the only course of action to relieve financial distress. Credit: gahsoon/Getty Images
Personal Insolvency Agreement හෙවත් (PIA)

Personal Insolvency Agreement හෙවත් PIA යනු ඔබ සහ ඔබේ ණයහිමියන් අතර නීත්‍යානුකූලව බැඳී පවතින ගිවිසුමකි. මේ ඔස්සේ සාමාන්‍යයෙන් අවුරුදු තුනේ සිට පහ දක්වා ඔබේ ණය පියවීමට නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කරගත හැකියි.

මේ සඳහා භාරකරුවෙකු පත් කිරීම ඇතුළත් වේ.

ආපසු ගෙවීමේ සැලැස්ම සකස් කිරීම සඳහා ඔබට ගාස්තුවක් ගෙවීමට සිදු වේ.

Seek financial counselling

Finder හි ජ්‍යෙෂ්ඨ මුදල් විශේෂඥවරියක වන Sarah Megginson යෝජනා කොට සිටින්නේ බංකොලොත් භාවය පෙන්වීම යම්දුරකට බරපතල සෘණාත්මක බලපෑම් සමඟ පැමිණෙන බවයි.

මේ හේතුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට පෙර මූල්‍ය උපදේශකයෙකු හමුවීම සිදු කරන ලෙස Sarah කියා සිටී.

The National Debt Helpline සේවාව සඳුදා සිට සිකුරාදා දක්වා 1800 007 007 වෙතින් ලබා ගත හැක.

මේ ඔස්සේ ඔබට පළපුරුදු මූල්‍ය උපදේශකයින් සමග සම්බන්ධ විය හැක.

මෙම සේවාව ස්වාධීන ලාභ නොලබන සේවාවක් වන අතර නොමිලයේ ලබාදීම සිදු කරයි.

මෙම සේවාව බෙහෙවින් නිර්දේශ කරන බව Sarah කියා සිටී.

මෙම ක්‍රියාවලිය සිදු වන අකාරය

The Australian Financial Security Authority (AFSA) හෙවත් ඕස්ට්‍රේලියානු මූල්‍ය ආරක්ෂණ අධිකාරිය මගින් මෙම බංකොලොත් භාවය පෙන්වීමේ ක්‍රියාවලිය කළමනාකරණය කරයි.

අයදුම්පත් AFSA වෙබ් අඩවිය හරහා online ඔස්සේ ගොනු කිරීම සිදු කරන අතර ඉන්පසු ඔවුන් අයදුම්පත තක්සේරු කරයි.

එය පිළිගනු ලැබුවහොත්, අයදුම් කල පුද්ගලයා බංකොලොත් බව ප්‍රකාශ කරනු ලබන අතර, එම මොහොතේ සිට, ඔවුන්ට ණයහිමියන්ගෙන් යම් ආරක්ෂාවක් ලබා දෙන බව Clare සඳහන් කොට සිටී.

මේ ඔස්සේ ඔවුනට නැවත මුල්‍යමය වශයෙන් නැවත ස්ථාවර වීමට අවකාශය හිමි කර දෙයි.

එවිට බංකොලොත්භාවයට පත් වූ පුද්ගලයෙකුට ණයහිමියන් ඇතුළුව සියලුම පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සාධාරණ ලෙස නියෝජනය වන බව සහතික කරන භාරකරුවෙකු පවරනු ලැබේ.

භාරකරුවන් අදාළ බංකොලොත්කරුගේ මූල්‍ය තක්සේරු කිරීම සහ ඔවුන්ගේ හැසිරීම විමර්ශනය කරන අතර අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ ණය ගෙවීම සඳහා වත්කම් විකුණා දැමිය හැක.

Clare කියා සිටින්නේ නියෝජිතයින්, බංකොලොත් පුද්ගලයාට එම බංකොලොත් කාලය තුළදී නිසි අයිතිවාසිකම් සහ වගකීම් හරහා මඟ පෙන්වීම සඳහා තොරතුරු සැපයීම සිදු කරන බවයි.
Couple having finacial problems
Bankruptcy lasts for three years and one day, but the consequences can last for much longer. Credit: Vladimir Vladimirov/Getty Images

බංකොලොත්භාවය ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද?

බංකොලොත්භාවය සම්බන්ධයෙන් වන ඉතිහාසය වසර තුනක් සහ එක් දිනක් පවතී, නමුත් එහි සෘණාත්මක බලපෑම බොහෝ කාලයක් පැවතිය හැක.

ඔබේ ණය ශ්‍රේණිගත කිරීම සහ ඔබේ බංකොලොත් භාවය අවසන් වූ පසුවත් මූල්‍ය සහ ණය ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි එහි බලපෑම පවතී. ඒ ඔබව ඕස්ට්‍රේලියාවේ ජාතික පුද්ගලික බංකොලොත්භාවය සඳහා වන දර්ශකයට ඔබව එකතු වීම හේතුවෙනි.

කුඩා ව්‍යාපාර හිමිකරු වකු වන Matthew හට ඔහුගේ බංකොලොත් භාවය නිසා විදේශගත වීමට ඇති හැකියාවට බාධාවක් වූ බව කියා සිටී.

තමා බංකොලොත් බව මුලින්ම ප්‍රකාශ කරන විට තමාගේ ප්‍රධානතම සැලකිල්ල වූයේ පිලිපීනයේ සිටින දුව බැලීමට යාමට ඇති හැකියාව වූ බව ඔහු පැවසීය.

ඔබ බංකොලොත් බව ප්‍රකාශ කළ විට ඔබට අවශ්‍ය විටෙක නිදහසේ විදේශගත වීමට නොහැකි වේ.

ඒ සඳහා ඔබ මුලින්ම බංකොලොත්භවය පෙන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන ඔබගේ භාරකරුගේ අවසරය ලබා ගත යුතු වේ.

එමෙන්ම ඔබගේ බංකොලොත් භාවය සාමාන්‍යයෙන් ඔබේ රැකියා කිරීමේ හැකියාවට බල නොපාන අතර ඔබේ සේවායෝජකයා දැන ගැනීමට අවශ්‍ය නොවේ.

කෙසේ නමුත් වෙළඳාම් සහ ගණකාධිකරණය හෝ නීතිය වැනි ඇතැම් කර්මාන්ත, බලපත්‍ර සහ සාමාජිකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ රාජ්‍ය ආයතනය හෝ වෘත්තීය සංගමය සම්බන්ධ කර ගැනීමට ඔබට අවශ්‍ය වේ.

බංකොලොත්කරුවෙකුට උසාවි අවසරයකින් තොරව සමාගමක් කළමනාකරණය කිරීමට හෝ ඇතැම් පොදු තනතුරු දැරීමට හැකියාවක් හිමි නොවේ.

Matthew කියා සිටින්නේ මෙවැනි අවස්ථාවකදී ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් ඔබට යම් සීමාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ණය වාර්තා කිරීමේ නියෝජිතායතන බංකොලොත් භාවය පිළිබඳ වාර්තාවක් යමකු බංකොලොත් වූ දිනයේ සිට වසර පහක් හෝ එය අවසන් වූ දින සිට වසර දෙකක් තබා ගැනීම සිදු කරයි.

මෙය ඔබගේ ණය ලබා ගැනීමේ හැකියාවට බලපාන අතර ඔබේ පොලී අනුපාතය ඉහල දැමිය හැකියි.
Australia Explained - Bankruptcy
Bankruptcy lasts for three years and one day, but the consequences can last for much longer. Credit: courtneyk/Getty Images

බංකොලොත්භාවය ඔබගේ සියලු ණය ඉවත් කරයිද?

මේ සඳහා වන සරල පිළිතුර නම් "නැත" යන්නයි.

මෙහිදී ක්‍රෙඩිට් කාඩ්, වෛද්‍ය බිල්පත් සහ ණය වැනි අනාරක්ෂිත ණයවලින් ඔබ නිදහස් වනු ඇත.

එවිට ඔබේ භාරකරුට ඔබේ ණය හිමියන්ට ගෙවීමට ඔබේ වත්කම් විකිණීමට හැක.

මෙහිදී සාමාන්‍යයෙන්, ඔබට නියමිත මුදලක් වටිනා ගෘහ භාණ්ඩ, ව්‍යාපාරික මෙවලම් හෝ වාහනයක් තබා ගත හැක.

කෙසේ නමුත් ඔබේ භාරකරුට ඔබ ජීවත් වන නිවස ඇතුළුව වෙනත් වත්කම් විකිණීමට හැකි බව Finder හි Sarah පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා දෙමින් Sarah පෙන්වා දෙන්නේ කිසිම දේපලක් බැහැර කිරීමට ඉක්මන් නොවන ලෙසයි.

ඔබ ඔබේ භාරකරුට වංචා කිරීමට උත්සාහ කළහොත් එමගින් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බව ඇය සඳහන් කොට සිටී.


සඳුදා සිට සිකුරාදා දක්වා 1800 007 007 වෙතින් ඔබට නොමිලේ National Debt Helpline හෙවත් ජාතික ණය උපකාරක සේවාව ලබා ගත හැක.

Share