ඕස්ට්‍රේලියානු යුධ විරුවන් සිහි කරන ANZAC දිනයේ සුවිශේෂීත්වය හරියටම දැනගන්න

ANZAC Day

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන් දෙන්න අප්‍රේල් 25 වෙනි දාට යෙදෙන 107 වන ANZAC දිනය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන ආ කෙටි විශේෂාංගයට. මෙම විශේෂාන්ගයේ ඇතුලත් වන කරුණු ලිපියක් ආකාරයටත් පහතින් දැක්වේ.


සමස්ත ඕස්ට්‍රේලියවම අභිමානයෙන් සමරන Anzac දිනය අප්‍රේල් මස 25 වැනිදාට යෙදී තිබේ.

Australian and New Zealand Army Corps (kor) නොහොත් ඕස්ට්රේලියානු සහ නවසීලන්ත හමුදා බලකාය

ANZAC යන්න Australian and New Zealand Army Corps (kor) නොහොත් ඕස්ට්රේලියානු සහ නවසීලන්ත හමුදා බලකාය සඳහා යොදා ගැනෙන අභිමානවත් නාමයක් වශයෙන් සැලකේ.

1914 දී ඇරඹි පළමු ලෝක යුද්ධයේ පටන් මේ දක්වා පැවති සියලු යුද්ධ වලදී සහ මෙහෙයුම් වලදී සේවය සැපයු සහ මිය ගිය සියලු ඔස්ට්‍රේලියනුවන් අනුස්මරණය කිරීම සිදු කරයි.

ඕස්ට්රේලියානු සහ නවසීලන්ත හමුදා බලකාය පළමු ලෝක යුද්ධයේදී 1915 වසරේ අප්‍රේල් 25 වන දින උදෑසන තුර්කියේ Gallipoli අර්ධද්වීපයට පා තැබීම සිදු කොට තිබේ. මෙහිදී Dardanelles සමුද්‍ර සන්ධිය සෙසු මිත්‍ර හමුදා සඳහා විවුර්ත කිරීම මෙම හමුදා බලකාය සඳහා තිබූ ඉලක්කයයි. මේ හේතුවෙන් ඔවුන්ට මෙලෙස Anzac හමුදා බලකාය වශයෙන් අභිමානවත් නාමයක් පටබැඳීම සිදුවේ.
A tribute left by a member of the public rests against the Cenotaph during the annual Anzac Day Dawn Service at Martin Place in Sydney.
A tribute left by a member of the public rests against the Cenotaph during the annual Anzac Day Dawn Service at Martin Place in Sydney. Source: AAP / Steven Saphore
මෙම මෙහෙයුම ඉක්මනින් අවසන් කිරීම Anzac හමුදා බලකායේ අපේක්ෂාව වූවත් ජර්මානු හිතවාදී ඔටෝමාන් තුර්කි ආරක්ෂකයින්ගේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් එම තත්වය මාස 8ක පමණ කාලයක් පැවතී තිබේ. කෙසේ නමුත් මෙම මෙහෙයුමේදී දෙපාර්ශවයටම විශාල හානියක් සිදු වූ අතර 1915 වසරේ අවසානයේදී මෙම ප්‍රදේශයෙන් හමුදා ඉවත් කර ගෙන තිබේ.

මෙම ගැටුම් හේතුවෙන් මියගිය ඕස්ට්‍රේලියානු සොල්දාදුවන් ගණන 8,000ක් ඉක්මවන බව වාර්තා වේ.

ANZAC දිනයේ ඇරඹුම

පළමු ලෝක යුද්ධයේදී සේවයේ නියුතු වූ ඕස්ට්රේලියානු සහ නවසීලන්ත හමුදා බලකාය සිහිපත් කිරීමේ අරමුණින් මෙලෙස ආරම්භ වූ Anzac දිනය අද වන විට ඉතිහාසයේ සියලු යුධ ගැටුම් වලදී මිය ගිය සහ තුවාල ලැබු සියලු ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත ආරක්ෂක භටයින් සිහිපත් කිරීම දක්වා පුළුල්වී තිබේ.

Anzac දින සැමරුම සෑම වසරකම අප්‍රේල් 25 වන දින ලෙස පැවැත්වීමට තීරණය කර ඇත්තේ 1916 වසරේ අප්‍රේල් මස 25 වන දිනදීයි.

ANZAC දින සැමරුම්

Anzac දිනය ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර යුධ මෙහෙයුම් වලදී දිවි පිදු ඔස්ට්‍රේලියානු හමුදා සිහිපත් කරමින් ඔස්ට්‍රේලියාව පුරා සැමරුම් උත්සව සංවිධානය කොට තිබේ.

සාමාන්‍ය Anzac දින උත්සවයකට විවිධ විශේෂාංග ඇතුළත් වේ. ඒ අතර හැඳින්වීමක් සිදු කිරීම, ගීතිකා ගායනය , යාඥා සිදු කිරීම ,මල් වඩම් තැබීම,අවසාන සටහනක් තැබීම, නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදු කරන අතර අනුස්මරණ දින සේවාවලින් පසුව අනුස්මරණ පත්‍රිකාවේ ඥාතීන්ගේ නම් අසල රතු පොපි මල් තැබීම සිදු කෙරේ.
News
People attending a service in the Sanctuary at the Shrine of Remembrance, placing poppies during Anzac Day in Melbourne, Monday, 25 April, 2022. Source: AAP / Con Chronis
රතු පොපි මල් ලොව පුරා යුද විරුවන් මතකයේ සංකේතයක් බවට මේ වනවිට පත්ව තිබේ. පොපි මල් පැළඳීම සාමාන්‍යයෙන් ANZAC දිනයේත් බහුලව දක්නට ලැබෙන දසුනක්.

රතු හෝ ෆ්ලැන්ඩර්ස් පොපි මල් සහ යුද්ධයෙන් මියගිය හෝ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන පිරිස සිහිපත් කිරීම අතර ඉතිහාසය 1914 - 18 වැනි දිගු අතීතයකට දිව යයි.

පොපි යනු, බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් ප්‍රදේශයේ යුධ පිටියේ හටගත් සහ මල් පිපුණු පළමු ශාක වලින් එකක් වීම මීට හේතුවයි.

Anzac දිනය අනුස්මරණය ආකාර දෙකකින් සිදු වේ.

Anzac දිනය සමරන අප්‍රේල් 25 වන දින අලුයම් කාලයේ Gallipoli අර්ධද්වීපයට පා තැබූ නියම වෙලාව පාදක කරගනිමින් එදින උදෑසන 4.30 දේව මහෙය සිදු කරමින් අලුයම් අනුස්මරණ උත්සවය පැවැත් වේ.

එමෙන්ම අලුයම් කාලයේ මෙම අනුස්මරණය සිදු කරන බොහෝ ප්‍රජා 'සාම්ප්‍රදායිකව' වෙඩි මුර සහිතව උදැසන ආහාරය ගැනීමත්. මෙය හැඳින්වෙන්නේ gunfire breakfast ලෙසයි. 'වෙඩි මුර සිදු කිරීම' බ්‍රිතාන්‍ය සම්ප්‍රදායක් වේ.

මෙම උදෑසන ආහාරය සඳහා, එවකට එම හමුදා ලබාගත් අහාර වන 'කෝපි සහ රම්' හෝ 'ස්ටූ, සොසේජස් සහ පාන්', හෝ 'බේකන් සහ බිත්තර' ඇතුලත් වේ.

එමෙන්ම මෙම දිනයේදී ANZAC බිස්කට් ආහාරයට ගැනීමත් දක්නට විශේෂ සිදුවීමක් / Anzac බිස්කට් එවකට Anzac වේෆර් හෝ ටයිල් ලෙස හඳුන්වා තිබේ.

මේවා පාන් සඳහා දිගු කල් තබා ගත හැකි බිස්කට් ආදේශකයක් වනවා. මෙම බිස්කට් Gallipoli හි සොල්දාදුවන් අතර එතරම් ජනප්‍රිය නොවුනත් වර්තමානයේදී ආහාරයට ගත හැකි පරිදි විවිධ ආකාරයෙන් සැදීම සිදු කරයි.
Anzac Day Dawn Service remembers all Australians who have served and died in war and on operational service
Anzac Day Dawn Service remembers all Australians who have served and died in war and on operational service Source: Australian War Memorial
මෙදින මෙම උදා සේවාවෙන් අනතුරුව හමුදා සේවයේ හිටපු පිරිස් එක්ව ප්‍රධාන නගර වල සහ කුඩා නගර වල සංවිධානය කරනු ලබන පා ගමන් වල ගමන් කිරීම සිදු කරනවා. අහිමි වූ මිතුරන්ට ගෞරව කිරීම සහ ප්‍රසිද්ධියේ සහෝදරත්වය ප්‍රකාශ කිරීම සඳහා සිදු කරන මෙවැනි පා ගමන් 1920 ගණන්වලදී ඉතා ජනප්‍රියත්වයක් උසුලා තිබේ.

මේ වනවිට මෙම පා ගමන් සඳහා මියගිය සොල්දාදුවන්ගේ දරුවන්, මුණුබුරන් සහ මී මුණුබුරන් හටද අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ.

මෙම පා ගමන් වලින් අනතුරුව සම්ප්‍රදායික ඕස්ට්‍රේලියානු සූදු ක්‍රීඩාවක් වන ‘two-up’ හෝ ‘swy’ ක්‍රීඩාව ක්‍රීඩා කිරීම සිදු කරයි.. මෙය මෙම ක්‍රීඩාව නීත්‍යානුකූලව ස්ථානවලදී ක්‍රීඩා කළ හැකි ඕස්ට්‍රේලියාවේ එක දිනයක් වශයෙන් හැඳින් වේ.

මෙහිදී ගුවනට විසි කරන සත දෙකක කාසියක වැටෙන පැත්ත සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම සිදු කරයි.

මෙම දිනයේදී තවත් දැකගත හැකි දෙයක් වශයෙන් Rosemary ශාකයේ කොටසක් සිය ඇඳුමේ ඇමිණීම හැඳින්විය හැකියි.

Rosemary ශාකය, මතකයේ සංකේතයක් වන අතර මෙම ශාකය Gallipoli අර්ධද්වීපයේ වැඩි වශයෙන් දැකගත හැකියි.

The Last Post

The Last Post යනු සම්ප්‍රදායිකව දවසේ අවසානය සනිටුහන් කිරීමයි. හමුදා සම්ප්‍රදායට අනුව trumpet එකක් වැනි පිත්තල සංගීත භාණ්ඩයක් මගින් සිදු කරන වාදනයකින් මෙය සනිටුහන් කෙරේ.
Australia's Federation Guard Catafalque party on guard at the Stone of Remembrance during the Anzac Day Dawn Service at the Australian War Memorial in Canberra
Australia's Federation Guard Catafalque party on guard at the Stone of Remembrance during the Anzac Day Dawn Service at the Australian War Memorial in Canberra Source: AAP/Dept of Defence
මෙම වාදනය පසු කාලීනව අවසන් සමුගැනීමක් ලෙස අවමංගල්‍ය හා අනුස්මරණ සේවාවන්ට ඇතුළත් කොට තිබේ. මෙමගින් මියගිය අයගේ රාජකාරිය අවසන් වී ඇති බවත් ඔවුන්ට සාමයෙන් සැතපීමට හැකි බවත් සංකේතවත් කරන අතර එය Anzac දිනදී නිශ්ශබ්දතාවය රැකීමෙන් අනතුරුව මෙම The Last Post වාදනය සිදු කෙරේ.

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free)
 


Share