ඕස්ට්‍රේලියාවේ PR ගන්න මග පාදන Canberra Matrix අන්තිම invitation round එක ගැන විස්තරේ මෙන්න

H5N1 (14).png

Source: Gettry Images

Get the SBS Audio app

Other ways to listen

Canberra Matrix යනු ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට නිපුනතා සහිත සංක්‍රමණිකයන්ට ආරාධනා කිරීම සඳහා භාවිතා කරන ලකුණු මත පදනම්ව ක්‍රියාත්මක ක්‍රමවේදයකි. මේ සඳහා අයදුම් කිරීමට සුදුකම් සහිත සහ කැමැත්ත ඇති අයදුම් කරුවන් Expression of interest hewath (EOI)අයදුම්පත්‍රයක් යොමුකිරීම සිදුකල යුතු වේ. Canberra Matrix යනු Australian Capital Teritory හි පදිංචි වීමට කැමති අය අතර ජනප්‍රිය ක්‍රමවේදයකි.


LISTEN TO
sinhala_vinivida_interview_30072024_final.mp3 image

මට Sponsorship එක දීපු company එක Bankrupt උනා. මාස තුනයි තිබුනේ Sponsorship එකක් හොයන්න: විනිවිද මත විමසුම

SBS Sinhala

30/07/202414:56
Canberra Matrix ක්‍රමවේදය යටතේ විවිද කාරනා සඳහා අයදුම්කරුවන්ට ලකුණු ලබාදීමක් සිදුකෙරෙනවා. ඉංග්‍රීසි භාෂා හැකියාව, ඔබට ඇති නිපුනතා සහ සුදුසුකම්, ඔබේ වයස, ඔබේ සේවා පළපුරුද්ද, ඔබට රැකියාවක් හෝ ACT තුල ශ්‍රම හිඟයක් ඇති කුසලතා තිබේද යන්න ඇතුළු සාධක රාශියක් සඳහා ලකුණු ලබාදීමක් සිදු කරයි. මීට අමතරව ඔස්ට්‍රේලියාව තුල ඔබේ පවුලේ සාමාජිකයින් ජීවත් වන්නේද නැද්ද යන්න පිළිබඳවද සලකා බැලීමක් සිදු කරයි.

මේ ආකාරයට ලබාදෙන ලකුණු අනුව ස්ථිර පුරවැසිභාවය ලබාදීම පිළිබඳව ඔබේ සුදුසුකම් පිරික්සීමක් සිදුකරයි.

මේ ආකාරයට අයදුම් පතක් ඉදිරිපත් කිරීමට පෙර ඔබ SkillSelect වෙත අයදුම් පතක් යොමුකළ යුතු වන අතර අවම ලකුණු මට්ටම වන ලකුණු 65ක් ලබා තිබීම අත්‍යවශ්‍ය වේ. ACT ආර්ථිකය වර්දනය සඳහා දායකත්වය ලබාදීමේ හැකියාව මත ලකුණු ලබා දීම සිදු කරයි. මෙහිදී අයදුම් කරන්නේ subclass 190 ද subclass 491 ද යන්න තීරණය කිරීමේ හැකියාව ඔබට ඇත.
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂකයින්ට අවස්ථාව ලබා දෙන ආරාධනා පත් යැවීමේ වටයන් නිරන්තරයෙන් සිදුවේ. මෙහිදී දැඩි ශ්‍රම හිඟයක් පවතින ක්ෂේශ්ත්‍ර වල අයදුම් කරවන් සඳහා ප්‍රමුඛතාවය ලබාදීමක් සිදුවේ
මැයි මස 21 වනදායින් අවසන් වූ Canberra Matrix නවතම ආරාධනා පත් වටය පිලිබඳ තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා. මේ අනුව එක් එක් කාණ්ඩවලට අදාලව අයදුම් කරුවන් සඳහා invitation round විවෘත කර ඇත.


කැන්බරා හි දැනට ජීවත්වන කුඩා ව්‍යාපාර හිමි අයදුම් කරුවන් සඳහා

• 190 nominations: ආරාධනාපත්‍ර 4

Subclass 190 සඳහා අවම ලකුණු මට්ටම : 125

• 491 nominations: ආරාධනාපත්‍ර 6
Subclass 491 සඳහා අවම ලකුණු මට්ටම: 105

 
457 / 482 වීසා හිමියන් සඳහා

• 190 nominations: ආරාධනාපත්‍ර 8

• 491 nominations: ආරාධනාපත්‍ර 2

 
ACT සඳහා කුසලතා හිඟ වෘත්තීන් සඳහා

• 190 nominations: ආරාධනාපත්‍ර 54

• 491 nominations: ආරාධනාපත්‍ර 110

 
විදෙස් අයදුම්කරුවන් - කුසලතා හිඟ වෘත්තීන් සඳහා

• 190 nominations: ආරාධනාපත්‍ර 16

• 491 nominations: ආරාධනාපත්‍ර 94

 
විදේශයක සිට අයදුම් කරනවානම් ප්‍රධාන අයදුම්කරු හෝ අයදුම්පත්රයට ඇතුලත්වන සියලුම යැපෙන්නන් අයදුම් කරන දිනෙන් අවසන් වන වසරක කාලයතුල ඕස්ට්‍රේලියාවේ ජීවත්වී නොතිබීම හෝ වර්තමානයේ ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍ර හිමියකු හෝ Bridging වීසා කාණ්ඩයක සිටිනා අයකු නොවීම අත්‍යවශ්‍ය වේ. මෙම කොන්දේසි ACT හි පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා සහ Visitor වීසා හිමියන් සඳහා බල නොපානු ඇත.

මේ අනුව විදේශයක සිට අයදුම්කරන අයදුම් කරුවන් සඳහා නවතම invitation rounds විවුර්ථ කර ඇති ප්‍රමාණයන් ප්‍රමාණයන් පහත දැක්වේ.

• 190 nominations: ආරාධනාපත්‍ර 16

• 491 nominations: ආරාධනාපත්‍ර 94

 
මෙම ලිපිය මගින් මූලික තොරතුරු සපයා ඇති අතර එක් එක් අපේක්ෂකයාගේ පුද්ගලික සුදුසුකම් අනුව අදාළ වන කොන්දේසි වෙනස් විය හැක. වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබේ සංක්‍රමණ නියෝජිතයා ඇමතීම හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් විමසන්න.

****************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

****************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share