අද ප්රවෘත්ති ප්‍රකාශයේ Highlights
- කොවිඩ් එන්නත්කරණයට ලක් නොවූ පාසැල් සිසුන් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට වික්ටෝරියා ප්‍රාන්තය සුදානම් වේ.
- දකුණු ඔස්ට්‍රේලියාව COVID-19 අසාදිත දරුවන්ට වීඩියෝ තාක්ෂනය උපයෝගී කොටගෙන නිවසේදී ප්‍රතිකාර ලබාගැනීමට හැකි ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට සුදානම් වේ
- ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියෙහි පවතින කොරෝනා සීමා කිරීම් තවදුරත් ලිහිල් කිරීමට ටෙරටරි රජය බලාපොරොත්තු වේ.
- වර්ගවාදය පිටුදැකීම වෙනුවෙන් වන ක්රමෝපායන් සැකසීම අරමුණු කොට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඔන්ලයින් සමීක්ෂණයක් ආරම්භ කරයි.
- ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබා නොගත් ජනතාවට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිවේ.
- මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම, ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඩොලර් මිලියන අටක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කරයි.
- තලේබාන් පාලනයේද සහය ඇතිව ඇෆ්ඝනිස්ථානයේ පෝලියෝ මර්දන ක්‍රියාවලිය ඇරඹීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමත්වෙයි.
- ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වසර 24කට පසුව පකිස්ථාන සංචාරයක් සඳහා සහභාගී වන ලකුණු.
- තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට සහභාගි වීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවට පැමිනෙයි