අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඊයේ දිනයේදී මෙල්බර්න් හි වාර්තා වුනු භූමිකම්පාවෙන් පසු තවත් පසු භූ කම්පන ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්
- බටහිර ඕස්ට්‍රේලියාවේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ නිව් සවුත් වේල්ස් හි ට්‍රක් රථ රියදුරෙකුට COVID-19 ධනාත්මක බවට හෙළිවීමත් සමඟ නැවතත් ප්‍රාන්ත කිහිපයක කොවිඩ් අවධානමක්
- මෙල්බර්න් නගරයේ අද සිව්වන දිනයටත් ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ සේවකයින් විසින් පවත්වන කොවිඩ් එන්නත් විරෝධතා රැලි පැවැත්වේ.
- වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් සහ childcare මධ්‍යස්ථාන වල සේවකයින් නැවත සේවයට පැමිණීමට පෙර COVID-19 එන්නත ලබා ගත යුතු බවට නිවේදනය කෙරේ
- අගමැති ස්කොට් මොරිසන් ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සමඟ පෙන්ටගනයේදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
- ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ශ්‍රී ලංකා ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කියයි.
- ප්‍රංශය නැවතත් ඇමරිකාව සමඟ තානාපති සබඳතා ඇරඹීමට තීරණය කරයි.
- පුරුෂ සහ කාන්තා යන දෙපාර්ශවයටම සාධාරණ වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරු යන නාමය නව්‍යකරණයට ලක්කිරීම වෙනුවෙන් යෝජනාවක්
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න