Highlights
- නොවැම්බර් මැද වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 80% දක්වා ඉහළ නැංවීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
- කොව්ඩ් පැතිරීම මර්දනය කිරීමට කැන්බරා වැසියන් දැනට පනවා ඇති කොවිඩ් නීති පිළිපැදිය යුතු බවට ACT හි ප්‍රධාන අමාත්වරයාගෙන් ප්‍රකාශයක්.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 55 ක්.
- සැලසුම් කළ පරිදි Greater Darwin කලාපයේ lockdown කිරීම අවසන් කෙරුණද ඇතැම් කොවිඩ් නීති තවමත් බලාත්මක වේ.
- අගෝස්තු 30 වන දින සිට ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ත් 39 ත් අතර පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.