අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඔස්ට්‍රේලියානු සැලසුම අගමැති මොරිසන් ලෝක දේශගුණික සමුළුවේදී හෙළිකරයි.
- ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු ශ්රමිකයින්ද නුදුරේදීම ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිවෙතැයි ඔස්ට්‍රේලියාවේ සංචාරක හා ප්‍රවාහන සංසදය අපේක්ෂා කරයි.
- ISIS ප්රබලයෙකු සමග සබඳතා පවත්වන ලාංකිකයින් 702 ක් පිළිබඳ විමර්ශන ඇරඹේ.
- ලොව සැබෑ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල සංඛ්‍යාලේඛනවලට වඩා දෙතුන් ගුණයකින් වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
- ශ්‍රී ලංකාවේ 20-20 ක්‍රිකට් ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටෙයි.