මෙල්බර්න් නුවර ඇතැම් රෝහල් සහ Aged Care සේවකයින්ටත් කොරෝනා, ගතවූ පැය 24 ට ආසාදිතයින් 165 ක් (SBS සිංහල/ වාර්තා)

‘Division, hatred and fear’: Victoria's Muslim community concerned it's fielding blame for coronavirus spike

Source: AAP

ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 165 ක් ලෙස ප්‍රාන්ත රජය දැනුම් දෙයි.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


මෙල්බර්න් හි රෝහල් කිහිපයක සහ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයක සේවකයින් කිහිප දෙනෙකුම එම ආසාදිතයින් අතර සිටින බව හෙළිවී තිබේ.
People wearing face masks are seen during a lockdown in Melbourne, Thursday, July 9, 2020. The Melbourne metropolitan area was put in locked down on Thursday in an effort to slow the spread of coronavirus. (AAP Image/Luis Ascui) NO ARCHIVING
Melburnians are back in lockdown after a spike in cases. Source: AAP

මෙල්බර්න් හි අලුතින් කොරෝනා ආසාදිතයින් 165 ක්

මෙල්බර්න් නුවර සහ Mitchell Shire කලාපය සති හයකට lockdown කිරීමේ පළමු දිනය වන අද දිනයේදී (09/07) මෙල්බර්න් හි අලුතින් කොරෝනා ආසාදිතයින් 165 ක් වාර්තා විය.

එයින් 30 දෙනෙකුම මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු සමග සම්බන්ධවූ පුද්ගලයින් වන අතර සෙසු 135 දෙනා පිළිබඳ මේ වන විට සෞඛ්‍ය අංශ විමර්ශනය කරමින් පවතී.

අදාළ ආසාදිතයින් අතරේ Royal Melbourne රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයින් දෙදනෙකු ද වන බව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව තහවුරු කළේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


එමෙන්ම Sunshine රෝහලේ හදිසි සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන තවත් සේවකයින් දෙදෙනෙකු හටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

එම රෝහල් ද්විත්වයෙන්ම හමුවූ ආසාදිතයින් සමග සමීපව ගණුදෙනු කළ පුද්ගලයින්ට දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙස පවසා ඇත.

තවත් සේවකයෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග Epping හි පිහිටි Northern රෝහල සම්බන්ධව වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

Northern රෝහලේ ඇතැම් කාර්ය මණ්ඩලය මේ වන විටත් ස්වයං නිරෝධායනය වෙමින් පවතින බව සඳහන්.

මෙම සතිය මුලදී මානසික සෞඛ්‍ය නේවාසික රෝගී ඒකකයක සායනික නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හට වයිරසය වැළඳී ඇති බව Heidelberg හි Austin රෝහල පවත්වාගෙන යන Austin Health පැවසුවේය.
Royal Melbourne Hospital
Source: Wikimedia Commons/WalkingMelbourne

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන 6 ක කාර්ය මණ්ඩලයට ත් කොරෝනා

මෙල්බර්න් හි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන 6 ක ඇතැම් සේවකයින්ටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව එම මධ්‍යස්ථාන වල සේවය කරන අනෙක් පිරිස් හටද මේ වන විට කොරෝනා පරීක්ෂාවන් සිදු කරමින් පවතින බව සඳහන්.

අලුතින් කොරෝනා ආසාදිතයින් හමුවූ මෙල්බර්න් හි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන 6 පහත පරිදි වන බව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

  1. Essendon හි Menarock Life Aged Care - සේවකයින් දෙදෙනෙකු
  2. Doncaster හි BaptCare The Orchards Community - එක් සේවකයකු
  3. Altona Meadows හි Benetas St George's - එක් සේවකයකු
  4. Ivanhoe හි BlueCross - එක් සේවකයකු
  5. Healesville හි Aurrum Aged Care facility - එක් සේවකයකු
  6. Healesville හි Holmwood Aged Care facility - එක් සේවකයකු
Carers Support
Elderly care in nursing home - doctor with patient. Source: Getty Images

මහජන නිවාස සංකීර්ණ වල වෙසෙන 100 කට අධික පිරිසකට කොරෝනා

ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 165 ත් සමග ප්‍රාන්තයේ මේ වන විට ක්‍රියාකාරී මට්ටමේ පවතින වයිරසය ආසාදිතයින් (active cases) 932 කි.

කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,098 කි.

එයින් 477 දෙනෙකුට වයිරසය ආසාදනය වූ අයුරු තවමත් හඳුනාගෙන නොමැත.

මෙල්බර්න් නුවර North Melbourne සහ Flemington හි පිහිටා ඇති මහජන නිවාස සංකීර්ණ වල වෙසෙන 111 කට වයිරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

මෙල්බර්න් නුවර විශාලතම කොරෝනා පොකුර ලෙසට මේ වන විට වාර්තා වන්නේ Truganina හි Al-Taqwa ඉස්ලාම් විද්‍යාලය වේ.

එම විද්‍යාලය ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති අතර එයට සම්බන්ධ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 113 ක් ලෙසට ඉහළ නැග තිබේ.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 9 July 2020 7:06pm
Updated 9 July 2020 7:08pm
By Madhura Seneviratne

Share this with family and friends