'නවතම COVID-19 ප්‍රතිචාරයේදී වික්ටෝරියානු ප්‍රාන්තය තනිවී නොමැත' - ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගෙන් සිංහල ප්‍රජාවට පණිවිඩයක්

VICTORIA NOT ALONE IN LATEST COVID-19 RESPONSE

Source: Department of Health

වික්ටෝරියානු ප්‍රාන්තයේ කෝවිඩ්-19 පැතිරීම සම්බන්ධයෙන් සහ ප්‍රජාව තුල ආසාදන පැතිර යාම සම්බන්ධයෙන් අපි කණස්සල්ලෙන් සිටිමු. 

ජාතියේ වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී වශයෙන්, සහ සියළුම ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්ගෙන් සමන්විතවන ඕස්ට්රලියානු  මූලික සෞඛ්‍යය ආරක්‍ෂක කමිටුවේ (Australian Health Protection Principal Committee (AHPPC)) සභාපති වශයෙන්, මා හට විශ්වාසයෙන් පැවසිය හැක්කේ වයිරසය පිටුදැකීමට වික්ටෝරියානු රජය මගින් ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කොමන්වෙල්ත් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. අපි දිනපතා රැස්වන අතර වික්ටෝරියා ප්‍රාන්තය මගින් ගනු ලබන ක්‍රියා මාර්ග සඳහා සම්පූර්ණ සහයෝගය අපි බවුන් හට ලබාදෙමු.  

අප විසින් ජාතික මට්ටමේදී ලබාගත් ප්‍රවේශය වන්නේද, පරීක්‍ෂා කිරීම, සොයා ගැනීම සහ හුදෙකලා කිරීම සමන්විත තුන් ආකාර ප්‍රවේශය සහ භෞතික දුරස්ථභාවය සහ ගමන් සීමා කිරීම ඇතුලත් - වික්ටෝරියානු ප්‍රතිචාරයමවේ. අප සැවොම දන්නා ආකාරයට එය ඵලදායීවේ. මේ වන තෙක්, අන් කුමන රටක් සමඟ සංසන්දනය කලද, මෙම වසංගතයේදී ඕස්ට්රලියාව ඉතාම සාර්ථකව කටයුතු කර ඇත. ජාතික වශයෙන් අපගේ ප්‍රවේශයවූයේ, කලින්ම ඉතා තදින් කටයුතු කිරීම වන අතර, දැනට වික්ටෝරියාවේ සිදු වන්නේද එයමවේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට සිදුවන වසංගතය ව්‍යාප්තවීම සිදු නොවිය යුතුයයි අප බලාපොරොත්තු වුවද, එවැන්නක් සිදුවන බවට අපි අපේක්‍ෂා කලෙමු. ලොව පුරා පැතිරුණු එච්.අයි.වී./ඒඩ්ස්, ක්‍ෂය රෝගය, උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු බෝවන රෝග ගණනාවක් සම්බන්ධ වසර 30 ක පළපුරුද්ද ඇති ව්‍යාධිවේදියෙකු වශයෙන්, මා දන්නා ආකාරයට අපි කටයුතු කරන්නේ ඉතාම ඉහළ ආසාදනයක් ඇති බෝවන රෝගයක් සමගිනි. කෝවිඩ්-19 ඉතාම වේගයෙන් පාලනයෙන් බැහැරව යාම සඳහා අවශ්‍ය වන්නේ ඉතා කුඩා තල්ලුවක් පමණක් බැවින්, අප එයට ප්‍රතිචාර දැක්වීමේදී, ඉතා කඩිසර විය යුතු අතර සුනම්‍ය විය යුතුය. එසේම අප ඉතා අවධියෙන් සිටිය යුතුය.   

සැම විටම අපගේ ප්‍රතිචාර සැලැස්මේ තිබුණේ වරින් වර වසංගතය පැතිරයාම සිදුවන බවයි. මෙල්බර්න් ආසාදන වලින් බහුතරය ඇත්තේ කුමන ප්‍රදේශවලද යන්න අපි හොඳින් දන්නා අතර, අපගේ අවධානය යොමුකල යුතු ප්‍රදේශ අපි දනිමු. දැනට අතිවිශාල පරීක්‍ෂණ සංඛ්‍යාවක් සිදු වෙමින් පවතී. මෙහි අරමුණ වන්නේ, හැකි විගස වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ව්‍යාප්තිය නැවැත්වීමවේ. තස්මේනියාවේ වයඹ ප්‍රදේශය සම්බන්ධයෙන් ඔවුන් විසින් සාර්ථකව සිදු කලේද මෙයයි. වික්ටෝරියානු කණාඩායම විසින් දැනට සිදු කරන්නේද මෙයමවේ.   

තස්මේනියාවේ වයඹ ප්‍රදේශයේ අනුගමනය කල ක්‍රියා මාර්ග නාගරික ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමේදී අභියෝගයන් තිබුණද, වික්ටෝරියානු ප්‍රාන්තය මගින් ගනු ලබන ක්‍රියා මාර්ග අනුකූල සහ ප්‍රමාණාත්මකවේ. එයට විද්‍යාත්මක කරුණු පාදක කරගෙන ඇත. මෙයට ලැබෙන සත්‍ය දත්ත සහ මහජන සෞඛ්‍යය පුහුණු පදනම්වී ඇති අතර ඒ මගින් ජීවිත ආරක්‍ෂා කරන අතර ජීවිත බේරා ගනු ඇත. 

ලබාගත් හොඳ ප්‍රතිඵල අපි අමතක නොකරමු. මා විසින් කලින් සඳහන් කල අකාරයට, වසංගතයේදී ඕස්ට්රලියාව ඉතාම සතුටුදායක ආකාරයට කටයුතු කල අතර, එම සාර්ථකත්වයට වික්ටෝරියාවද දායක විය. කොමන්වෙල්ත් රජය පුරාම සිටින වෛද්‍ය විශේෂඥයන් සහ දේශපාලන නායකයන් සමඟ එක්වුණු ඕස්ට්රලියානු ප්‍රජා සහභාගිත්වය සහ කැපවීම මගින් ස්ථාපනය කරන ලද මැඩපැවැත්වීමේ සහ ශක්තිය සහිත ඉතා පැහැදිලි උපායශීලී රාමුවට ස්තුතිවන්ත වන්න ජාතික වශයෙන් කොරෝනා වයිරස් වක්‍රය පැතලි කිරීමට අපට හැකියාව ලැබිණි. ලොව පුරා තවම පැතිර යන ආසාදනය සමඟ සංසන්දනය කර බැලීමේදී වික්ටෝරියාවේ ඇති ආසාදන පැතිර යාම ඉතාම කුඩාවේ. නමුත් අප විසින් කල යුතු ආකාරයට, වැඩිදුර මෙය පැතිරීම වැළැක්වීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටී.

සීමාවන් නැවත පනවා ඇති මෙම අවස්ථාවේ, වික්ටෝරියානු වැසියන් හට ඉවසීමෙන් සිටින ලෙස මම ඉල්ලා සිටිමි. තවද, සිය උන්නතිය, සිය ප්‍රාන්තයේ උන්නතිය සහ ජාතියේ උන්නතිය වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන්න. පනවන ලද සීමාවල බලාත්මක බව රඳා පවතින්නේ ප්‍රජාව විසින් අනුගමනය කරන මහජන සෞඛ්‍යය නිර්දේශයන් මතවේ. අපි ඔබ කෙරෙහි විශ්වාසයෙන් සිටිමු.

නූතන වසංගතය පැතිරීම වික්ටෝරියානු ප්‍රාන්තයේ පමණක් ගැටළුවක් නොවේ. එය අප සැම දෙනාගේම ගැටළුවවේ. කොමන්වෙල්ත් රජය සහ වෙනත් ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් උපකාර ලබාදී ඇත - සිය ගණනක්වූ චිකිත්සක සහ වෙනත් කාර්ය මණ්ඩල මගින් පරීක්‍ෂා සිදු කිරීමට, ආසාදනය වූ අයව සොයා ගැනීමට සහ මහජනතාව සමඟ සම්බන්ධවීමට උපකාර සපයා දේ. මෙම වයිරසය මැඩ පැවැත්වීම සම්බන්ධ ජාතික ප්‍රතිචාරය සම්බන්ධයෙන් මම ඉතා ධෛර්ය සම්පන්නවී සිටින අතර, කිසිදු ආකාරයකින් විමතියට පත් නොවෙමි. ඉතා වැදගත් වන්නේ, බහුසංස්කෘතික ප්‍රජාව සමඟ අප විසින් බොහෝ කටයුතු සිදුකර ඇති අතර, අප විසින් මෙල්බර්න්හි බහුසංස්කෘතික කොටස් වෙත මෙම නිවැරදි පණිවුඩය ගෙනයාමේ ව්‍යායාමය දෙගුණ කරන බවට වග බලා ගැනීමවේ.

AHPPC හි සිටින මා ඇතුළු මාගේ සහෘදයන්, කෝවිඩ්-19 ප්‍රතිචාරයේ ආරම්භයේ සිටම මාර්ගෝපදේශකත්වය ලබාදුන් ජාතියේ සෞඛ්‍යය සහ වෛද්‍ය විශේෂඥයන්, ඔබගේ ගැටළුවේ සෑම අදියරකදීම ඔබ සමඟ සිටින බව සියළු වික්ටෝරියානු වැසියන් දැනගත යුතුය. සියළු ඕස්ට්රලියානුවන්ද එසේ වන බව මම විශ්වාස කරමි. අපි මෙම ගැටළුවේදී එක්ව සිටින අතර, අපි මෙය එක්ව ජයග්‍රහණය කරමු. මෙය ජාතික පරිශ්‍රමයකි. මෙය සැම විටම ජාතික ව්‍යායාමයක් විය. වයිරසය අභිබවා සිටීම මගින් වික්ටෝරියානු වැසියන්ව ආරක්‍ෂා කරන අතර ඒ මගින් අප සැවොම ආරක්‍ෂා වනු ඇත.

මාහාචාර්ය පෝල් කෙලී - ඕස්ට්‍රේලියානු රජයේ වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිලධාරී

එම නිවේදනයේ පිටපත පහතින් දැක්වෙයි
VICTORIA NOT ALONE IN LATEST COVID-19 RESPONSE
Source: Supplied
VICTORIA NOT ALONE IN LATEST COVID-19 RESPONSE
Source: Supplied
VICTORIA NOT ALONE IN LATEST COVID-19 RESPONSE
Source: Supplied
Sinhalese
Source: SBS Sinhala



Share
Published 9 July 2020 2:36pm
Updated 9 July 2020 6:30pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: Australian Government Department of Health

Share this with family and friends