ශ්‍රී ලංකාව පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් නිකුත් කළ නවතම සංචාරක අනතුරු ඇඟවීම් මෙන්න (SBS සිංහල/ වාර්තා)

ශ්‍රී ලංකාව පුරා මේ වන විට මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන නිසා සීමිත දැනුම්දීමකින් හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි අතර ඇඳිරි නීතිය ද පැනවිය හැකිය.

SriLankan Airlines

Source: SriLankan Airlines

ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේදී සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනතුරු අඟවා තිබේ.

මෙම අනතුරු ඇඟවීම් පසුගිය අප්‍රේල් 20 වන දින යාවත්කාලීන කර තිබේ.


Highlights

  • ශ්‍රී ලංකාව පුරා මේ වන විට මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන නිසා සීමිත දැනුම්දීමකින් හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි අතර ඇඳිරි නීතිය ද පැනවිය හැකිය.
  • ඉන්ධන ලබා ගැනීමට බාධාවන් ඇති විය හැකි අතර කලින් සැලසුම් කළ දීර්ග වේලාවක් විදුලිය ඇනහිටීම් අත්විඳිය හැකිය.
  • ලිංගික අතවර, හිරිහැර සහ මංකොල්ලකෑම් ඇතුළු ප්‍රචණ්ඩ අපරාධ සිදුවේ.

ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේදී ඔස්ට්‍රේලියානු රජයේ ආරක්ෂණ අනතුරු ඇඟවීම්

  • ශ්‍රී ලංකාව පුරා මේ වන විට මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වේ. ඒවා ප්‍රචණ්ඩකාරී විය හැක. සීමිත දැනුම්දීමකින් හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි අතර ඇඳිරි නීතිය ද පැනවිය හැක. විශාල ජනකායක් සහභාගී වන විරෝධතා පෙලපාලි සහ උද්ඝෝෂණ මගහරින්න. පළාත් පාලන ආයතනවල උපදෙස් අනුගමනය කරන්න සහ යාවත්කාලීන වීම් සඳහා මාධ්‍ය වෙත අවධානය යොමු කරන්න. මෙම පෙළපාලි නිසා ගමනාගමනයට සහ පොදු ප්‍රවාහනයට බාධා ඇති විය හැක.
  • ඉන්ධන ලබා ගැනීමට බාධාවන් ඇති විය හැකි අතර කලින් සැලසුම් කළ දීර්ග වේලාවක් විදුලිය ඇනහිටීම් අත්විඳිය හැකිය.
  • ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට තර්ජනයකි. ත්‍රස්ත ප්‍රහාර ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුවිය හැකිය. ත්‍රස්තවාදීන් තම ප්‍රහාර සඳහා සංචාරක ප්‍රදේශ ඉලක්ක කර ගත හැකිය. සෙනඟ ගැවසෙන ස්ථාන වල සිටීමෙන් වළකින්න. ප්‍රාදේශීය නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න.

 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

  • 2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව පුරා ආරක්ෂාව වැඩි කර ඇත. සෑම විටම විදෙස් ගමන් බලපත්‍රය සහ හඳුනාගැනීමේ ලියකියවිලි රැගෙන යන්න. විශේෂයෙන් ගුවන් තොටුපලවල ඇතුළු වෙනත් ස්ථානවල ආරක්ෂක පරීක්ෂාවන් සඳහා මුහුණ දීමට අමතර කාලයක් ගතවන බව දැනගන්න.
  • උතුරු පළාතේ සහ නැඟෙනහිර පළාතේ ඇතැම් ස්ථානවල සලකුණු කරන ලද සහ සලකුණු නොකළ බිම් බෝම්බ සහ පුපුරා නොගිය බෝම්බ තිබේ. ප්‍රධාන මාර්ගවලම ගමන් යන්න. බිම් බෝම්බ අනතුරු ඇඟවීමේ සංඥා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න.
  • ලිංගික අතවර, හිරිහැර සහ මංකොල්ලකෑම් ඇතුළු ප්‍රචණ්ඩ අපරාධ සිදුවේ. ඔබ තනියම ගමන් කරන කාන්තාවක් නම්, පිළිගත් සමාගමක් හරහා ශ්‍රී ලංකාවට සංචාරය කරන්න.
  • ක්‍රෙඩිට් කාඩ් වංචාව, වැඩිපුර මුදල් අය කිරීම සහ ව්‍යාජ භාණ්ඩ අලෙවිය ඇතුළුව වංචා සහ කොල්ලකෑම් බහුලව සිදු වේ. ව්‍යාජ භාණ්ඩ පිළිබඳ විශේෂයෙන්ම ස්වර්ණාභරණ සහ මැණික් සම්බන්ධයෙන් විමසිලිමත් වන්න. ඔබේ බැංකු ප්‍රකාශ නිතර පරීක්ෂා කරන්න.වර්ෂා සමයේදී ගංවතුර සහ නායයෑම් සිදු වේ. දෙසැම්බර් සිට මාර්තු දක්වා ඊසාන මෝසම් සුළං ද මැයි සිට ඔක්තෝබර් දක්වා නිරිත දිග මෝසම් සුළං ද ඇති වේ. ඔබගේ සංචාරය සිදු කරන විට සැලසුම් වෙනස් කිරීමට සූදානම් වන්න.
Bandaranayake International Airport
Bandaranayake International Airport Source: BIA

සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

  • තවමත් ශ්‍රී ලංකාව තුළ COVID-19 අවදානමක් පවතී. ඔබ ශ්‍රී ලංකාවට යාමට පෙර අනිවාර්ය COVID-19 රක්ෂණ ආවරණයක් මිලදී ගත යුතුය. පුද්ගලයන්ට පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ. ඔබ එම අවශ්‍යතා කඩ කරන්නේ නම්, ඔබව මාස හයක් සිරගත කිරීමට හෝ ශ්‍රී ලංකා රුපියල් 10,000ක දඩයකට යටත් වනු ඇත.
  • ඩෙංගු ව්‍යාප්ත වීම සාමාන්‍ය දෙයකි. මදුරු විකර්ෂක භාවිතා කරන්න. ඔබට උණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
  • කෘමීන් මගින් බෝවන රෝග අතර චිකුන්ගුන්යා, Japanese encephalitis සහ ෆිලේරියාසිස් ඇතුළත් වේ. ඔබ ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට පෙර Japanese encephalitis සඳහා එන්නත් ලබා ගන්න.
  • ආහාරවලින් හටහගන්නා, ජලයෙන් හටගන්නා සහ typhoid, hepatitis, leptospirosis ඇතුළු අනෙකුත් බෝවන රෝග වැළදිය හැකිය. උණුකළ නිවා ගත් හෝ බෝතල් කළ ජලය පමණක් පානය කරන්න.
  • ජලභීතිකා රෝගය සුනඛයන්, වඳුරන් සහ වවුලන් තුළ පවතී.
  • කොළඹින් පිට ඇති සෞඛ්‍ය සේවා සීමිත වේ. ඔබ බරපතල ලෙස රෝගාතුර වී හෝ තුවාල වී ඇත්නම්, ඔබට වෛද්‍ය සහය අවශ්‍ය වේ. ඔබගේ සංචාරක රක්ෂණය මෙය ආවරණය කරන බවට සහතික කරගන්න.  ඇතැම් ඖෂධ ආනයනය ප්‍රමාද වීම නොසා ඒවා ලබා ගැනීමේදී ප්‍රමාදයන් ඇතිවිය හැකිය.
omnicron new guidleines
Source: Getty Images

සංචාරක අවශ්‍යතා

  • ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින් තම ගමන පිටත්ව යාමට පෙර සෞඛ්‍ය ප්‍රකාශ පත්‍රයක් සම්පූර්ණ කර අනිවාර්ය COVID-19 රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුය.
  • වාණිජ මගී ගුවන් ගමන් ඕස්ට්‍රේලියාවට නිතිපතා ක්‍රියාත්මක වේ. කෙටි දැනුම්දීමකින් ගුවන් ගමන් කාලසටහන් වෙනස් විය හැක.
  • ශ්‍රී ලංකාවට ඇතුල් වීමේ අවශ්‍යතා ඔබගේ COVID-19 එන්නත් තත්ත්වය මත රඳා පවතී. විවිධ කොවිඩ් එන්නත් තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙත වන මාර්ගෝපදේශ සංචාරක අමාත්‍යාංශය හරහා ලබාගත හැකිය.
  • කෙටි දැනුම්දීමකින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ හැකි අතර සංචාරය කිරීම් කළ හැකිය.

Share
Published 26 April 2022 2:09pm
By Madhura Seneviratne

Share this with family and friends