Thunderstorm Asthma රෝගයෙන් ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවදානමක්. (SBS සිංහල/වාර්තා)

Thunderstorm asthma රෝගී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියාව, සහ දකුණු දිග ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් පසුගිය වර වැඩි වශයෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

新州昆州繼續受惡劣天氣影響

新州昆州繼續受惡劣天氣影響 Source: AAP

ඔස්ට්‍රේලියාවේ thunderstorm asthma හෙවත් අකුණු කුණාටු අඩුම රෝගී තත්ත්වයෙන් බරපතල ලෙස පීඩා විඳීමට වැඩි අවදානමක් ඇත්තේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින්ට බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

Thunderstorm asthma රෝගී තත්ත්වය හේතුවෙන් මරණයට පත්වූ පිරිසගේ මරණ පරීක්ෂණ වාර්තා නිකුත් කරමින් ඔවුන් මේ පිළිබඳ පැවසූ බව The Age පුවත්පත වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වසර තුනකට පමණ පසුව ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් බහුතරයක් hay fever තත්ත්වයට මුහුණ දෙන බවද එහිදී අනාවරණය වී ඇත.
Thunderstorm Asthma
Asthma Source: AAP

Thunderstorm asthma ඛේදවාචකය

මෙම thunderstorm asthma රෝගී තත්ත්වය 2016 වසරේ නොවැම්බර් මාසයේ දී අතිශය භයානක ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ හටගත් අතර පුද්ගලයින් 14,000 ක් පමණ මේ තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කළ බව වාර්තා වේ.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් ජීවිත 10 ක් මේ හේතුවෙන් අහිමිවී ගිය බවද සඳහන්.
Thunderstorm Asthma
Source: AAP

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවදානමක්.

Thunderstorm asthma රෝගී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියාව, සහ දකුණු දිග ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් පසුගිය වර වැඩි වශයෙන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.

Thunderstorm asthma රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කළ මුළු සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු දිග ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් 39% ක් සිටි බව සඳහන්.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

එවැනි පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට පැමිණි පසු පහසුවෙන් hay fever තත්ත්වයට ගොදුරු වන නමුත් ඔවුන් ඒ පිළිබඳව හරිහැටි දැනුවත්වීමක් නොමැති කමින් මෙවැනි භයානක ප්‍රතිඵල අත්වන බව Royal Melbourne රෝහලේ ප්‍රතිශක්ති විද්‍යාව සහ අසාත්මිකතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය Jo Douglass, The Age පුවත්පතට පවසා ඇත.
Thunderstorm Asthma
Parts of Victoria have been alerted to the potentially deadly risk of asthma triggered by coming thunderstorms. Source: Flickr

Thunderstorm Asthma යනු කුමක්ද?

සුළි සුළං තත්ත්වයක් සමග පරාග විශාල ප්‍රමාණයෙන් වාතයට එකතුවී ශ්වසන ආබාධ සහිත පුද්ගලයන්ගේ තත්ත්වය තවත් දරුණු අතට හැරීම “Thunderstorm Asthma” නමින් හැඳින්වෙන බව මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා පවසයි.

කාලගුණයේ ඉක්මන් වෙනස්වීම් සමග ඇදුම රෝගී තත්ත්වය දැඩි සම්බන්ධයක් පවතින අතර මෙය ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ උතුරු ඇමෙරිකාවේ මේ තත්ත්වය බහුලව දැකිය හැකිවේ.

මෙම දරුණු ගනයේ ඇදුම රෝගී තත්ත්වයට විවිධාකාරයේ හේතුන් ආරෝපණය වන බව පරීක්ෂණ වලින් සනාථ වී තිබේ.

1970 -80 කාලය අතරතුර මේ සබන්ධව සිදු කළ පර්යේෂණ මගින් මෙහි පැතිරීම පිළිබඳ පැහැදිලි කරුණු සොයාගෙන තිබේ.

වායු ගෝලයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව වෙනස් වීමත් සමග වායු දූෂණය, ඉහළ ප්‍රමාණයේ පරාග, සෝයා බෝංචි බෑම, දිලීර බීජානු, කොපර් සල්ෆේට් සහ කුඩු කරන ලද සීනි වැනි දෑ මිශ්‍ර වීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වන බව පැවසේ.

නමුත් මෙම Thunderstorm Asthma රෝගය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වන බවද පර්යේෂකයන් පවසයි.

මෙල්බන් නුවර පවතින Thunderstorm Asthma රෝගය බර්මින්හැම් හි පවතින Thunderstorm Asthma රෝගයට සමාන නොවන බව ඔවුන් පෙන්වා දෙයි.

වසන්ත කාලෙය්දී මල්වල පරාග, සුළි සුළං සමග මුසු වීමෙන් ඒවා විශාල ප්‍රමාණවලින් තැනින් තැනට ගමන් කරයි.

මෙසේ ගමන් කරන පරාග ඇතැම් විට අපගේ පෙනහළු වල ගැඹුරටම ගමන් කරයි.

ඒ අනුව ඇදුම රෝගය දරුණු ලෙස රෝගියාට වැළදෙනු ඇත.

ඒ අනුව පරාග ප්‍රමාණය සහ දරුණු කාලගුණික තත්ත්ව පිළිබඳ අවධානයෙන් සිටීම වඩා වැදගත් බව වෛද්‍යවරුන් අවධාරණය කරයි.

ඔබට මේ පිළිබඳව වැඩි විස්තර අවශ්‍යනම් 1800 278 642 දුරකථන අංකයෙන් තොරතුරු සහ සහය ලබා ගත හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 5 July 2018 1:40pm
By Madhura Seneviratne

Share this with family and friends