ඔස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය පියවීම සඳහා ස්ථිර සංක්‍රමණයට වැඩි අවස්ථාවක් ලබාදීමට සැලසුම් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රම හිඟයට පිළිතුර තාවකාලික සංක්‍රමණය නොවන බව අගමැති Anthony Albanese අවධාරණය කරයි.

Australian Prime Minister Anthony Albanese

Australian Prime Minister Anthony Albanese Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයින්ට ස්ථිර වීසා ලබා ගැනීම සඳහා මාවතක් පිළියෙළ කළ යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පවසයි.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා මෙම පියවර අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.


Highlights

  • තාවකාලික සංක්‍රමණය අඛණ්ඩව කාර්යභාරයක් ඉටු කරනු ඇති නමුත් වඩා දිගු කාලීන හෝ ස්ථිර විකල්පයන් අවශ්‍ය බව අගමැති Anthony Albanese පැවසුවේය.
  • තාවකාලික සංක්‍රමණිකයින්ගෙන් සැම විටම පිරවිය යුතු කෙටි කාලීන පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් ඔස්ට්‍රේලියාව සතුව ඇති බවද ඔහු පැහැදිලි කළේය.
  • ස්ථිර වීසා ක්‍රමයක් ඇති කිරීම මගින් මෙම අර්බුදයේ බරපතල වෙනසක් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය පියවා ගැනීමට ස්ථිර වැඩපිළිවෙලක්

මේ වන විට සලකා නොබැලූ ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් විශාල ප්‍රමාණයක් ඇති බව අගමැති Anthony Albanese පැවසුවේය.

පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය සහ වීසා අයදුම්පත් ගොඩ ගැසීම පිළිබඳ කම්කරු රජයේ අදහස් පවසමින් ඔහු ඒ බව සඳහන් කළේය.

තාවකාලික සංක්‍රමණිකයින්ගෙන් සැම විටම පිරවිය යුතු කෙටි කාලීන පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් ඔස්ට්‍රේලියාව සතුව ඇති බවද ඔහු පැහැදිලි කළේය.

තාවකාලික සංක්‍රමණය අඛණ්ඩව කාර්යභාරයක් ඉටු කරනු ඇති නමුත් වඩා දිගු කාලීන හෝ ස්ථිර විකල්පයන් අවශ්‍ය බවද අගමැති Albanese අවධාරණය කළේය.
Australian Visa
Source: SBS

ස්ථිර වීසා ලාභීන් වැඩි කළ යුතුයි

පුහුණු ශ්‍රමිකයින් වඩා හිඟව ඇති ඇතැම් වෘත්තීන් ස්ථිර වීසා ශ්‍රමිකයින් මත නොව මෙතරම් දීර්ග කාලයක් තාවකාලික සංක්‍රමණිකයින් මත රඳා පැවතියේ ඇයි යන ප්‍රශ්නය මතුව ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පැවසීය.
ස්ථිර වීසා ක්‍රමයක් ඇති කිරීම මගින් මෙම අර්බුදයේ බරපතල වෙනසක් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

“අපට ගෝලීය ශ්‍රම වෙළඳපොළක් තිබෙනවා. අපි එය පිළිගත යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

එමෙන්ම මිනිසුන්ට අවශ්‍ය කුසලතා ලබා දීම සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පැවැත්මක් පිණිස වඩා හොඳ මාර්ග ඇති බවට ඔස්ට්‍රේලියාව සහතික විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

එළඹෙන සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත රැකියා සහ නිපුණතා සමුළුවක් නිවේදනය කරමින් පැවති මාධ්‍ය හමුවකදී අගමැති Albanese මෙම අදහස් පළ කළේය.

එම සමුළුව සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල කැන්බරා හිදී පැවැත්වෙන අතර ආරාධනා පත්‍ර අගෝස්තු මාසයේදී යැවීමට නියමිතය.

ව්‍යාපාර, වෘත්තීය සමිති, සිවිල් සමාජ කණ්ඩායම් සහ රජයේ අනෙකුත් සංවිධාන එකට එක් කරගැනීමට මෙහිදී රජය අදහස් කරන බවද අගමැතිවරයා පැවසීය.



Share
Published 11 July 2022 4:55pm
Updated 11 July 2022 4:58pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends