2020/21 ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන ජනවාරි 29 වන දින විවෘත කෙරේ (SBS සිංහල/ වාර්තා)

Western Australia announced 2022-23 Migration Program changes with the new Occupation List

Large Group of Diverse People with Different Occupations Source: Getty Images

2020/21 මුල්‍ය වර්ෂය සඳහා ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන ජනවාරි 29වන දින පස්වරු 1 ට විවෘත කරන බව ටස්මේනියා සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය පවසයි.

එදින තෙක් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන interim program හෙවත් අන්තර් වැඩසටහන ක්‍රියාත්මක වේ.

2021 වසරේ ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන සඳහා සියලු අයදුම්කරුවන්ට නව අවශ්‍යතා සහ අනිවාර්ය ලියකියවිලි ඇති බවත් එනිසා අයදුම්පත ආරම්භ කිරීමට පෙර වැඩසටහනේ සියලුම යාවත්කාලීන කිරීම් කියවා තහවුරු කරගන්නා ලෙස ටස්මේනියා සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය පවසයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන 2020/21

2020/21 වසර සඳහා ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහනට සම්පූර්ණ නිපුණතා සංක්‍රමණික කෝටාව මේ වන විට ලැබී තිබේ.

එය පහත පරිදි වේ.

  • 491 වීසා – 1400
  • 190 වීසා – 1000
  • Business migration වැඩසටහන – 45
මේ වන විට ඉහත සම්පූර්ණ කෝටාවෙන් 25% ක් පමණ අවසන් වී ඇති බවද වාර්තා වේ.
Skilled Migration Occupation Lists
Source: SBS

ප්‍රමුඛතාව ලබා දෙන critical roles

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම පාහේ ක්‍රියාත්මක නිපුණතා සංක්‍රමණික වැඩසටහන් වලදී Critical Occupation හෙවත් අත්‍යවශ්‍ය වෘත්තීන් සඳහා ප්‍රමුඛතාව ලබා දේ.

ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ සියලු විස්තර.

ඒ අනුව ටස්මේනියා ප්‍රාන්තයේ මෙවර නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ අත්‍යවශ්‍ය වෘත්තීන් සඳහා වූ නිර්ණායක පහත පරිදි වේ.

  • ටස්මේනියා ප්‍රාන්ත රජය විසින් සෘජුවම මෙහෙයවනු ලබන ටස්මේනියාවේ COVID-19 වසංගතය සඳහා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියට සෘජුවම සහාය වීම
  • අත්‍යවශ්‍ය හෝ විශේෂඥ වෛද්‍ය සේවා සැපයීම හෝ COVID-19 ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය හැකි වෛද්‍ය සැපයුම් ලබා දීම. ටස්මේනියා සෞඛ්‍ය සේවා සමග බද්ධ වූ සියලුම හෙද වෘත්තීන් සහ වෛද්‍ය වෘත්තීන් සඳහා මෙය අදාළ වේ.
  • අත්‍යවශ්‍ය භාණ්ඩ හා Medical technology, critical infrastructure, telecommunications, engineering and mining, supply chain logistics, agricultural technology, food production, සහ maritime industry වැනි සේවා සැපයීමට සෘජුවම සම්බන්ධ වන ඉහළ නිපුණතා සහ විශේෂඥ වෘත්තීන් වීම:
    • එහිදී infrastructure engineering සහ maintenance යන අංශය යටතේ ජල වේලි, විශාල / ඉහළ සංකීර්ණ පාලම්, වාරිමාර්ග යෝජනා ක්‍රම, ප්‍රවාහන සැපයුම් සැලසුම් කිරීම සහ නඩත්තු කිරීම අඩංගු වේ.
    • කෘෂිකාර්මික අංශයට කෘතිම සිංචන තාක්‍ෂණ ශිල්පීන්, wool classers සහ livestock pregnancy scanners අඩංගු වේ.
සිල්ලර වෙළෙඳ සැල් වල සේවය කරන සේවකයින්, අස්වනු නෙලන කම්කරුවන්, භාණ්ඩ ප්‍රවාහනය කරන රියදුරන් හෝ ගබඩා සේවකයින් ඉහත වෘත්තීන් ලෙස නොසලකන බව ද ටස්මේනියා ප්‍රාන්ත රජය පවසයි.
  • මූල්‍ය තාක්ෂණය, මහා පරිමාණ නිෂ්පාදන, චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදනය සහ නැගී එන තාක්ෂණය යන අංශ වලට සම්බන්ධ:
    • ඉහළ වටිනාකමකින් යුත් / ඉහළ නිපුණතා / විශේෂිත වෘත්තීන් විය යුතුය
    • සාමාන්‍යයෙන් අපනයන ආදායම සඳහා සැලකිය යුතු හා පිළිගත් දායකත්වයක්, සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් උපදවන සහ ආර්ථික ප්‍රතිලාභ, ඉහළ වටිනාකමකින් යුත් ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳාමට නිරාවරණ වූ වෘත්තීන්
ඊට අමතරව, ටස්මේනියා ප්‍රාන්තය පහත සඳහන් සේවාවල නියුතු පුද්ගලයින්ගෙන් නව අයදුම්පත් භාර ගනු ඇත:

    • පුද්ගලික හා ලාභ නොලබන ආයතන වල සේවයේ නියුතු පුහුණු සෞඛ්‍ය සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය වෘත්තීන්
    • ජ්‍යෙෂ්ඨ සහායක සේවකයින්, enrolled nurses, aged, disability  හා community care අංශ වල ලියාපදිංචි හෙදියන් (අවම වශයෙන් ඩිප්ලෝමා සුදුසුකම තිබිය යුතුය)

Share
Published 20 January 2021 11:31am
Updated 20 January 2021 3:12pm
By Madhura Seneviratne

Share this with family and friends